විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය වන අද (6 වැනිදා) පැවැති බර ඉසිලීමේ තරගයකදී කිලෝ ග්‍රෑම් 69 ඉසව්වේ රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායක සමත් විය.
ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 137 ක් එසවූ ඉන්දික, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 160 ක් එසවීය. ඔහු විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 297 කි.
අවසන් උත්සාහයන් දෙකම (කිලෝ ග්‍රෑම් 163) අසාර්ථක වීම නිසා ඉන්දිකට එම ඉසව්වේ රිදී පදක්කමෙන් සෑහීමකට පත් වීමට සිදුවූ අතර ඔහුට එහි රන් පදක්කම අහිමිවූයේ කිලෝ ග්‍රෑම් 2 ක අඩුවකිනි.
එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට වේල්සයේ ගැරිත් එවන්ස් (කිලෝ ග්‍රෑම් 299) සමත් වූ අතර එහි රිදී පදක්කම ඉන්දියාවේ දීපක් ලතීර් සතුවිය.
(-036)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටටම ආඩම්බරයක්. ජයවේවා.
නියමයි, අපේ බර උස්සන කොල්ලෝ කෙල්ලෝ මේ පාර හොදට කරනවා, ඔහොමම තියාගෙන ඔලිම්පික් වලටම යමු, ගොඩක් සතුටුයි.
ලංකාවේ ඉන්නකොට ජීවන බර, බදු බර, ණය බර පවුල් බර... උසුලන කොල්ලන්ට ඕවා මොන බරක්ද? මේ වසර ඉවර වෙනකොට මීට වඩා බර උස්සන්න පුළුවන් වේවි !!!
ක්‍රිකට් වලට නොව මලල ක්‍රීඩා වලට තැනක් දිය යුතුයි.
අපගේ රජය සහ ක්‍රීඩා අමාත්‍යාංශය දැඩි අවදියෙන් සෙවිය යුතු කාරණයක් තමා ජාත්‍යන්තර ඉසව්වලට ප්‍රථම විවිධ රටවල බුද්ධි අංශ සහ රහස් ඔත්තු සේවාවන් අපගේ ජාතික ක්‍රීඩක සහ ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවන් සහ හැකියාවන් හැදෑරීම් සහ මැනීම් කරන ආකාරය. ලොව වටාම බුද්ධි අංශ ඔවුනට විරුද්ධ රටවල දක්ෂතාවයන් පරාජය කිරීමට රහස් කටයුතුවල නිරතවීම Google තුලින් ඉතා පැහැදිලිව දැක ගත හැකි කාරණයකි. ශ්‍රී ලංකාව අපකීර්තියට ලක් කිරීමට සහ පහත දැමීමට රටවල් කීපයක් සිටින බව බුද්ධිමතුනට අමුතුවෙන් කිව යුතු කාරණයක් නොවේ. මින් ඉදිරියට උපක්රමශීලීව කටයුතු කලේනම් මීට වඩා අගනා ප්‍රතිපල සහ දස්කම් දැක ගත හැක.
අපගේ රජය සහ ක්‍රීඩා අමාත්‍යාංශය දැඩි අවදියෙන් සෙවිය යුතු කාරණයක් තමයි ජාත්‍යන්තර ඉසව්වලට ප්‍රථම විවිධ රටවල බුද්ධි අංශ සහ රහස් ඔත්තු සේවාවන් අපගේ ජාතික ක්‍රීඩක සහ ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවන් සහ හැකියාවන් හැදෑරීම් සහ මැනීම් කරන ආකාරය සෙවීම... ලොව වටාම බුද්ධි අංශ ඔවුන්ට විරුද්ධ රටවල දක්ෂතාවයන් පරාජය කිරීමට රහස් කටයුතුවල නිරතවීම ගූගල් තුළින් ඉතා පැහැදිලිව දැක ගත හැකි කාරණයකි. ශ්‍රී ලංකාව අපකීර්තියට ලක් කිරීමට සහ පහත දැමීමට රටවල් කීපයක් සිටින බව බුද්ධිමතුන්ට අමුතුවෙන් කිව යුතු කාරණයක් නොවේ. මින් ඉදිරියට අපගේ නිලධරයන් උපක්රමශීලීව කටයුතු කලේනම් මීට වඩා අගනා ප්‍රතිඵල සහ දස්කම් දැක ගත හැකිය.
පුතේ ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්!!!