අනීෂා මානගේ
දේශපාලනයේ මේ ගතවෙන්නේ අර්බුදකාරී , ගැටුම්කාරී වාතාවරණයක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (05) පැවසීය.
දිසානායක මහතා මේ බව පැවසුවේ තංගල්ල නගර ශාලාවේ පැවති 47 වැනි අප්‍රේල් විරු සමරු උත්සවයකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේද කීය.
අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයාම සැලසුම් කරනවා. ඒ මෛත්‍රීපාල මහත්තයත් එක්කම රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයේ වාඩි වෙනවා . කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපති.
අද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අර්බුදය තියෙන්නේ පක්ෂය ඇතුලේ. වෙනද මේ පක්ෂය ඇතුලේ අර්බුද ඇතිවුනේ බලකණු අතර. ප්‍රේමදාස මහත්තය එක්ක හැප්පෙන්නේ ලලිත් ගාමිණි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය එක්ක හැප්පුනේ පුතා අනුර බණ්ඩාරනායක.
මේ පක්ෂ ඇතුලේ අර්බුද හදන්නේ බලකණු. අද අර්බුද හැදෙන්නේ රනිල් සමඟ රංගේ. රනිල් සමඟ වසන්ත. රනිල් සමඟ චතුර. මේ කව්ද වාටියේ ඉන්න අය. පක්ෂයේ වාටියේ ඉන්න අය පක්ෂයේ නායකයට එරෙහිව සටන් කරන්න පටන් ගන්නවා. පක්ෂයක් ලෙස ගත්තම අභ්‍යන්තරයේ දැවැන්ත කඩා වැටීමකට ලක් වෙලා තිබෙනවා.
අද තව කල්ලි දෙකක් ගොඩනැගිලා තියෙනවා. ඒ තමයි බැසිල් කල්ලිය. අනිත් එක ගෝඨාභයගේ කල්ලිය. මේ දෙකටම හිර වෙලා මහින්ද. ගිරයට අහු වෙච්ච පුවක් ගෙඩිය වගේ. පව් කියල හිතෙනවා අර විශ්වාස භංගය භාර දෙන්න මහින්ද මහත්තය ඇදගෙන ගිය විදිය.‘‘
ඡායාරූප - චන්ද්‍ර සේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද බලන්නේ නැතුව තමන්ගේ ඇහේ තියෙන පොල්පරාලේ පෙන්නේ නැති හැටි.
ප්‍රතිපත්තියක් නැති වැඩ පිලිවෙලක් නැති අවස්තාවාදී කල්ලී එකතුවෙලා රට අවුලෙන් අවුලට ගෙනියනවා. මේ කරුමයෙන් රට බේරා ගන්න සුදුසු වැඩපිලිවෙලක් හා පෙරමුණක් වහාම ගොඩ නැගිය යුතුයී. ඒ සදහා ජ.වි.පෙ.පෙරමුණ ගතයූතු බව මගේ විශ්වාසය.
කල්ලි 3 යි. මෙයාලත් පක්ෂයි කිව්වනේ.
රටේ සියලුම ජන කොටස්වලට එක හා සමානව සැලකුවොත් හොඳටම ඇති .
මහින්දට බයින්න පුදුම අසාවක් තියෙන්නේ
අනුර ඔයාට හොඳ අවබෝදයක් සහ උගත්කමක් තියන බව අපි දන්නවා. ඔයාලට කවදාවත් බලයට එන්න ලැබෙන්නේ නැහැ. බලෙන් හරි අමාත්‍යංශයක් ඉල්ලා ගෙන හරියට වැඩක් කරලා පෙන්වන්න. අවුරුදු 47 කට පස්සෙවත් පෙන්වන්න දෙයක් නැහැනේ .එතකොට තමයි මිනිස්සු ඔබල කෙරෙහි විශ්වාසය තියන්නේ .
මේ තවත් ප්‍රතිපත්තියක් නැතිව අතරමන් වූ සෙනගක්.
ජවිපෙට පෙන්නේ විශ්වාස භංගය ගෙනාවේ මහින්දට විරුද්දව කියලා.
ඇයි මෙයාලා මේ මහින්ද ගැනම කතා කරන්නෙම
අනේ මෙයාගේ කයිවාරුව. රට විනාශ කරන්න උඩගෙඩි දීලා දැන් කියවනවා. හිතන් ඉන්නේ රටේ රජ වෙන්න ඇති. දවල් හීන.
ඇත්ත. එක කට්ටියක් අරගොල්ලෝ අනික් කට්ටිය ඔයගොල්ලෝ! වෙන ගොල්ලෝ කවුද ඉතින්?
ඉතින් සහෝදරයා, මෙතෙක් කාලෙකට මොකද බැරිවුනේ ඔයගොල්ලන්ගේ ආණ්ඩුවක් හදන්න? හදලා වෙනස පෙන්නන්න. මෙහෙම තව කොච්චර කල් කියකියා ඉන්නද හිතාගෙන ඉන්නේ?
ජේ.වී.පී.එකට ගිය කලක්.
මේ මනුස්සයා හැමදේටම මහින්ද මන්තරේ මන්තුරනවා විතරයි කරන මගුලක් නැ