( තිළිණි ද සිල්වා )
ධාවනය වෙමින් තිබූ මෝටර් රථයකින් පැන සිය දිවි හානි කර ගැනිමට උත්සහ දැරූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් සාජා පොලීසිය අද (6) අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ 47 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් වන අතර ඇය වසර 10කට අධික කාලයක් සාජා හි අදාළ නිවසේ සේවයේ නිරතව සිට ඇති බව වාර්තා වේ.
ඇය සේවය කළ නිවසේ හිමිකරුට අයත් මෝටර් රථයෙන් පැන සියදිවි හානි කර ගැනිමට උත්සහ දරා ඇති බව එම ආරංචි මාර්ග පවසයි.
පකිස්ථාන ජාතික රියදුරෙකු විසින් ඒම රථය පදවා ඇති අතර මෙම ලාංකික කතට ෂවර්මා නැමැති කෙටි ආහාරයක් ගැනීමට අවශ්‍ය වී ඇතැත් රියදුරු විසින් එය වළක්වාලීම නිසා ඇය මෙලෙස සියදිවි හානි කර ගැනීමට උත්සහ කර ඇත.
අනතුරට ලක්වූ කාන්තාව එම මෝටර් රථයෙන්ම රැගෙන ගොස් රෝහල් ගත කිරිමට අදාළ රියදුරා කටයුතු කර ඇති බවද සඳහන් වේ.
කෙසේ වෙතත් සියදිවි හානි කර ගැනිමට උත්සහ දැරිමේ චෝදනා මත ඇය සාජා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපේ රටට විදේශ විනිමය හොයන අය නේද? මොවුන් ආරක්ෂා කිරීමට කිසිවෙකුත් නැත්ද?
මුස්ලිම් අය ඉන්න රටකට ගිහිල්ලා ජීවිතය පුදලා හරි කමක් නැහැ.. දේශප්‍රේමී පිරිමි බහුලව ඉන්න අපේ රට සංවර්ධනය කරන්න මුදල් පොම්ප කරනවා නේද?. ලංකාවේ බාර් වල තියන අරක්කු ටික මෙච්චරටම ඉක්මනට ඉවර වෙන්නේ, වශී පෙති අරක්කුවලට කලවම් කරලද දන්නේ නැහැ. දේශප්‍රේමී කාන්තාවන් විදිහට අපි ඒ ගැනත් ටිකක හොයලා බලන්න ඕනෑ...
අවුරුදු 10 ඉන්නේ බලෙන්ද කියල දන්නවද? මෙතන මේ ලියන අය.. සිය දිවි නැති කරගන්න හැදුවේ ඒ නිසා වෙන්න බැරිද...? ලංකාවට යන්න නොදී තියා ගන්නවා වෙන්න බැරිද? එ්ක නිසා නොදන්නා දේ ලියන්න එපා