විශ්වාස භංගයේදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය භාවිත කළ ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද ලිඛිතව ඉල්ලීමක් කළහ.
 
ආණ්ඩු විරෝධී කැබිනට් ඇමැතිවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හඳුන්වා ඇති ඇමැතිවරුන් මෙසේය.
 
එස් බී දිසානායක, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත්, චන්දිම වීරක්කොඩි සහ දයාසිරි ජයසේකර