සනත් නිශාන්ත යළි රිමාන්ඩ් හලාවත මහාධිකරණය විසින් දෙනු ලැබු ඇප කොන්දේසි උල්ලංඝණය කිරිමේ සිද්ධියක් මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සහෝදරයකු වන ආරචිචිකටිටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රි ජගත් සමන්ත පෙරේරාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ හලාවත මහාධිකරණ විනිසුරු එමි .බී .සී. එස්. මොරායස් මහතා ඔවුන් මැයි මස 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අද ( 03 ) නියම කළේය . 03 April 2018
හදිසි සේවක වර්ජනයෙන් ගුවන්තොටුපළ කටයුතු අඩාලයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සේවකයෝ වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් අද (3) වැඩවර්ජනයක් ඇරඹුහ. 03 April 2018
බස් අනතුරින් ඇඟළුම් සේවිකාවෝ 37 ක් රෝහලේ ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් පිරිසක් ගමන් කරමින් තිබූ බස් රථයක් නවතා තිබූ ලොරියක ගැටී අද (03) උදෑසන සිදු වු අනතුරකින් 37 දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළු කර ඇත. 03 April 2018
අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අත්අඩංගුවට ප්‍රබල පාතාල නායකයෙක් වශයෙන් හැඳින්වෙන අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් වන දෙල්ගහවත්තේ චිටා නැමැත්තා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 03 April 2018
ආගමන - විගමන නිලධාරීන්ගේ කාමරයක විස්කි බෝතල 250 ක් කටුනායක ගුවන් තොටුපළේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පාලනය යටතේ ඇති කාමරයක එකතු කර තිබූ මත්පැන් බෝතල් 250 කට අධික ප්‍රමාණයක් අද (3) උදෑසන සොයා ගෙන තිබේ. 03 April 2018
ආර්ථික කමිටුව අහෝසි කළේ නෑ - ඇමති මංගල කියයි අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කමිටුව අහෝසි කර හෝ අහෝසි වී නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 03 April 2018
අයි.සී.ජී.එස් ෂූර් නෞකාව කොළඹ වරායට ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් අයි.සී.ජී.එස් ෂූර් නෞකාව මේ දිනවල කොළඹ වරායේ නැංගුරම් ලා තිබේ. ඉකුත් සතියේ, මාර්තු 30 වැනිදා කොළඹ වරායට සේන්දු වූ මෙම නෞකාවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ නාවික හමුදාව සහ වෙරළාක්ෂක බලකාය සමඟ තිබෙන අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කරගැනීමය. 02 April 2018
විශ්වාස භංගයට පෙර ඉල්ලා අස්වන්නැයි ශ්රීලනිපය අගමැතිගෙන් ඉල්ලයි විශ්වාස භංගය විවාදයට ගැනීමට පෙර අගමැති තනතුරින් ඉල්ලා අස්වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට අද රාත්‍රී හමුවී සාකච්ඡා කළ ශ්‍රීලනිප පර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රීවරු 42ක් ඒකමතිකව තීරණය කළහ. 02 April 2018
විශ්වාස භංගය ගැන කතා කරන්න එජාප ඇමැතිවරු හෙටත් ජනපති හමුවෙති අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් හෙට දිනයේදීත් යළි හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් අතර අද රාත්‍රී පැවැති සාකච්ඡාවේදී එකඟත්වයක් ඇතිවී තිබේ. 02 April 2018
රතන හිමිගේ සහාය එජාපෙට ලැබෙන බව නියෝජ්‍ය ඇමති අජිත් පෙරේරා කියයි එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී මණ්ඩල රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ද සහභාගී වු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවැසීය. 02 April 2018
විනී මැන්ඩෙලා සමුගනියි වර්ණභේදවාදයට එරෙහිව සටන් වැදුණු විනී මැන්ඩෙලා අද (2) අභාවප්‍රාප්ත වූවාය. 02 April 2018
මුල්‍ය අරමුදල කියනදේ කිරීමට සුදානම් නෑ - මංගල ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන කියනදේ කිරීමට තමා සුදානම් නැතැයිද නව දේශිය අදායම් පනත මුල්‍ය අරමුදල විසින් සකස් කරන ලද්දක් නොවන බවද මුදල් ඇමති මංගල සමරවීර මහතා කීය. 02 April 2018
ජනපති නිවසේ තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිපදෙනෙකු අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ නිවසේදී මේ වන විට පැවැත්වේ. 02 April 2018
දින 34කට පසු අනධ්‍යයන සේවක වර්ජනය අනිද්දා අවසන් මාසික හිලව් දීමනාව නොලැබීම, භාෂා ප්‍රවීණතා දීමනාව ගෙවීම පැහැර හැරීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කරගනිමින් විශ්ව අනධ්‍යන සේවකයින් දින 34ක් තිස්සේ පවත්වාගෙන ගිය වැඩවර්ජනය අනිද්දා (4) සිට අවසන් කිරීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ මහතා පැවසීය. 02 April 2018
විශ්වාස භංගය ගෙනාවේ අගමැති එළවන්න නොවෙයි - මහින්ද යාපා අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආවේ ඔහු පරාජය කර ගෙදර යැවීමට නොවන බවත්, විශ්වාස භංගය ජයග්‍රණය කළ නොහැකි බව දන්නා බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා අද මාතරදී පැවසීය. 02 April 2018
පොල් කඩන්න ගිය අඹු සැමි යුවළ විදුලිසැර වැදී මරුට දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේ දී කෙක්කින් පොල් කැඩීමට ගිය අඹු සැමි යුවළක් විදුලි සැර වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 02 April 2018
හෙට සුනාමි පෙරහුරුවට බිය නොවන්න ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය මගින් සංවිධානය කළ සුනාමි පෙරහුරුවක් හෙට(03) ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බැවින් පෙරහුරුව පැවැත්වෙන කාලය තුල ජනතාව ඒ සම්බන්දව අනිසි බියක් ඇතිකර නොගතයුතු බව දිස්ත්‍රික් අපදා කළමණාකරණ ඒකකයේ අධ්යක්ෂ කර්නල් දම්පත් රත්නායක මහතා පවසයි. 02 April 2018
දුමින්ද මහ ලේකම් වූ පසු ශ්‍රීලනිප ඡන්ද පදනම අඩුවුණා - ඇමැති සුසිල් ජනතාවගේ මතය අනුව තමන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත් වරදකරුවන්ට සහයෝගය ලබාදී ආණ්ඩුවේ රැදී සිටිනවාට වඩා වරදට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ආත්ම විශ්වාසයක් හා ශක්තියක් තිබෙන බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය. 02 April 2018
අලුත් බදු පනත හැදුවේ ලංකාවේ නොවේ - මහින්ද දැන් ක්‍රියාත්මක වන නව බදු පනත මේ රටේ එකක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් හැදූ එකක් මිස ඔවුන් එවැන්නක් හැදුවේ නැතැයි හිටපු මුදල් ඇමතිවරයා කියන බවද රාජපක්ෂ මහතා කීය. 02 April 2018
මරණ දඬුවමට එරෙහි වාස්ගේ පෙත්සම සැප්තැම්බර 25 සිට විභාගයට කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයට ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ලබා දුන් මරණ දඬුවම අහෝසි කරන්නැයි ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා ඇතුළු පස් දෙනෙකු ඉදිරිපත් කර ඇති අභියාචන පෙත්සම ලබන සැප්තැම්බර් 25 වැනිදා සිට දිනපතා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. 02 April 2018
මිය ගිය දියණියක සහ තුවාල ලැබූ මවක නිවසකින් හමුවෙයි - පේදුරුතුඩුව උණුසුම් යාපනයේ පේදුරුතුඩුව නැගෙනහිර අම්බාන් ප්‍රදේශයේ නිවසකින් කාන්තා මළ සිරුරක් හා බරපතල තුවාල ලැබූ තවත් කාන්තාව හමුවීමත් සමඟ අද (02) දහවල් එම පළාත තුළ දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ. 02 April 2018
වාස් ගුණවර්ධනට සහ පුතාට ගිනි අවි නඩුවෙන් ඇප නීතී විරෝධි අවි ගබඩාවක් තබා ගන්නා ලදැයි කියන සිද්ධියකට අදාළව රිමාන්ඩ් බාරයේ සිටි කොළඹ උතුර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා ඇතුළු පස් දෙනෙකු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා අද නියම කළේය. 02 April 2018
‘අගමැතිධුරය අහිමි වීම ඉරහද මෙන් විශ්වාසයි‘ - උදයගම්මන්පිල රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති තනතුර අහිමි වීම ඉර හද මෙන් විශ්වාස යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 02 April 2018
විශ්වාස භංගයට එරෙහිව ඉරි තුනේ නියෝගයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය දියයුතු බවට වන ඉරි තුනේ නියෝගයක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් නිකුත් කරනු ලැබ තිබේ. 02 April 2018
උද්ඝෝෂණයක් නිසා ගුවන්තොටුපොළ ආරක්ෂාව තර වෙයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සේවකයින් වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් සේවකයින් අද (2) ඇරැඹිමට සුදානම් වු උද්ඝෝෂණයක් හේතුවෙන් ගුවන්තොටුපොළ පරිශ්‍රය අවට දැඩි උණුසුම් තත්ත්වයක් පැවතියේය. 02 April 2018
මේජර් ජනරාල් අමල් කරුණාසේකරගේ විදෙස් ගමන් අවසර යළි ඉවතට ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක සහ යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතාට ඉන්දියාවේ සංචාරයක් සඳහා අධිකරණයෙන් ලබා දුන් අවසරය අහෝසි කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය නියෝග කළාය. 02 April 2018
‘විශ්වාසභංගේ ගැන දෙමළ ජාතික සන්ධානයේ තීරණයක් නෑ’ අග්ර්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි එහි නායක ආර් සම්බන්ධන් මහතා පැවසීය. 02 April 2018
විශ්වාසභංගයට සහය දීමට විග්නේෂ්වරන් ලිඛිත පොරොන්දුවක් ඉල්ලයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ තීරණය දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් ගනු ලබන තීරණයක් විය යුතු යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි. 02 April 2018
කොළොන්න ප්‍රා.සබේ නව සභාපතිට විරෝධය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් කොළොන්න ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස නම් කළ රූපසේන තලවත්තගේ මහතා සභාපතිධූරයේ වැඩ බාරගනිද්දී එම සභාපතිධූරය ශ්‍රී 02 April 2018
දූෂණ විරෝධී හඞ සංවිධානයෙන් විශ්වාසභංගය ගැන අලුත් මතයක් විශ්වාසභංගය මෛත්‍රී මහත්තයාගේ පරාජයක් බවට පත් කරන්න දැන් මහින්ද මහත්තයයි රනිල් මහත්තයයි දෙන්න එක්ක එකතු වෙලා වැඩ කරනවා වගේ පෙනෙනවා යැයි දුෂණ විරෝධී හඞ සංවිධානයේ කැඳවුම්කරු සහ ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. 02 April 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026