(ක්රිෂාන් ජීවක ජයරුක්)
අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආවේ ඔහු පරාජය කර ගෙදර යැවීමට නොවන බවත්, විශ්වාස භංගය ජයග්රණය කළ නොහැකි බව දන්නා බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රී මහින්ද යාපා අබේවර්ධන මහතා අද මාතරදී පැවසීය.
“අගමැතිවරයාට එරෙහිව අපි විශ්වාසභංග යෝජනාව ගෙනාවේ ඔහු පරාජය කරන්නවත් ඔහු ගෙදර යන්නවත් නොවෙයි.අපි දන්නවා මේක දිනන්න බැහැ කියලා.අපිට ඕන වුණේ මේකට ඡන්දේ දෙන නොදෙන අය රටට ජනතාවට හෙලි කරන්නයි. හැබැයි වැඩේ ඒ පැත්තට හැරිලා ගියොත් කරන්න දෙයක් නැහැ. යන විදිය අනුව එහෙමයි පේන්න තියෙන්නේ.” යැයි මන්ත්රීවරයා කීවේය.
මාතර මහ නගර සභාවේ අභිනව පුරපති රංජිත් යසරත්න මහතා ඇතුළු මන්ත්රී කණ්ඩායම වැඩ භාර ගැනීම සඳහා පැවති උත්සවයේදී ඔහු ඒ බව කීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අබේවර්ධන මහතා මෙසේද කීය.
“ පසුගියදා පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කර සක්රීය ණය කලමණාකරණ පනත මගින් අගමැතිවරයා තවත් ණය ගන්න අසීමිත ලෙස බලය ලබා ගන්නවා. ඒකෙදී දෝෂයක් සිදුවුවහොත් කලින් වගේ උසාවි යන්න බැහැ. අභියෝග කරන්න බැහැ. කොහොමද අපේ අගමැතිතුමාගේ බුද්ධිය හා මොළය. මේ වගේ මොළයක් තියෙන අගමැතිවරයෙක් කවදාවත් ඉතිහාසයේ බිහි වෙලා නැහැ.
ඉතිං අපි මේකට විශ්වාසභංගයක් ගේන්නේ නැතිව වෙන මොනවා කරන්නද? අපි දන්නවා මේක දිනන්න බැහැ කියලා. නමුත් අපිට පුළුවන් මේකෙන් මේ ගොල්ලෝ රටට හෙලි කරන්න. මේකට ඡන්දේ දෙන මිනිස්සු රටට හෙලි කරන්න.මේකට විරුද්ධව ඡන්දේ දෙන අය රටට හෙලි කරන්න. මේ රටේ ජනතාව දන්නවා මේකෙන් වෙන්නේ මොකද්ද කියලා. මේ අරමුණු හැරෙන්න ඔහු පරාජය කරන්න හරි ගෙදර යවන්න හරි නෙවෙයි. වැඩේ ඒ පැත්තට හැරිලා ගියොත් අපිට කරන්න දෙයක් නැහැ.හැබැයි යන විදිය අනුව එහෙමයි පේන්න තියෙන්නේ.කොහොම වුණත් අපිට ඕන ඉලක්කය දැනටමත් සපුර ගෙන අවසන්.මේ රට වෙනුවෙන් ඒකරාශී වී අපි අපේ යුතුකම ඉටු කරලයි තියෙන්නේ.‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා කිව්වොත් කියන්නේ ඔය වගේ පිස්සු මෝඩ දෙයක්... දිනන්න බැරි නං මොන එහෙකටද ඕක ගෙනාවේ... පරාජය දැන්මම බාර අරගෙන...
හත් ඉලව්වේ, අනික් කට්ටිය කියන්නේ නම් ගෙදර යවල මිසක් පස්ස බලන්නේ නැහැ කියලයි. හැබැයි, ඉතින් ඒකාබද්දෙ නායකයා නම් පුදුම විදිහට නිශ්ශබ්දයි. 4 වැනිදාට කවුරු ඇනෙයිද කියලයි අපිත් මේ බලන් ඉන්නේ.
අපි නොදන්නවායැ. ඕක කරන්නේ මුළු ආණ්ඩුවම පෙරලලා ආපහු මහින්දට බලය ලබා දෙන්නනේ?
මිදි තිත්තයි කිව්වලු...
මේ නම් රටට වැඩ කළ හෝ රටට වැඩ කරන්න යන කෙනෙක් නොවෙයි. මේ මනුස්සයා කෘෂිකර්ම ඇමති කාලේ රටේ කෘෂිකර්මය මුළුමනින්ම විනාශ කළා. ඒවාහි ප්රතිඵල තමයි අද පෙනෙන්න තියෙන්නේ. මස්සිනා ජාතික කෘෂිකර්ම ප්රතිපත්ති සභාවට දමලා එය මුළුමනින් විනාශ කළා. මේ අයගේ පුද්ගලික වැඩ වලට මෙම ආයතනවල තියෙන මුදල් හා දේපල යෙදවීම පමණයි.
මොලයක් නොවේ අලයක්, නිරී අලයක් බව පහුගිය අවුරුදු තුනට ඔප්පුවුණා.
දැනටම පරාජය භාර අරගෙන වගෙයි පෙන්නේ
අනේද කියන්නේ. පරදින බව දැනගෙන මෙහෙම කියනවා. මෙහෙමත් දේශපාලුවෝ ඉන්න රටක් ලෝකයේ වෙන නැතිව ඇති.
ඔන්න ඉතින් ගොන් කතාවක් කිව්වා..................
මේක දිය යටින් ගින්දර ගෙනියනවා වගේ. රනිල් දිනුවොත් අනිවාර්යෙන්ම පිනුමක් පැනල ඇමතිකමක් ගන්න වගේ. මොකද ගිය ආණ්ඩුව කාලේ කරපුව රටම දන්නවා.
එහෙම නම් මේ අපිව ගොනාට අන්දලා අර අවබෝධතා ගිවිසුමේ කාලේ ඉවර නිසා දෙපිල බෙදිලා මීළඟ ඡන්දෙ එනකල් චක්ගුඩු පනින්නද? හොඳ බුවල්ලකින් තලන්න ඕන අන් තට්ටුව අතගගා මේ අපිටම?
ඔක්කොම එකතු වෙලා ගත්ත ණය ගෙවන එක තමයි අපිට කරන්න තියෙන්නේ ... මොන භන්ගෙන් හරි වෙන්නේ අපිටම තමයි
ඔක්කොම එක කතාවක් කිව්ව නං නේද හොඳ ?
ගහට හොරපොල් කඩන්ද ගිය කෙනාටත් උත්තරයක් තිබුනනේ .
ඔය වගේ අය ඉන්න නිසා තමයි රට අගාධයට යන්නේ.
අනේ මෙහෙම බහුබූත දොඩවන හරක් රැලක්... ඔරුව පෙරලුනාම අනික් පැත්ත හොඳයි කියන හිවල්ලු තමයි.
මම අපේ ආච්චිට කිව්වා වේලපහින්ම මේ විශ්වාසභංගය ගෙනාවේ අගමැතිතුමාට නොවේ. අපේ ආච්චිට කියලා. ඔය දැන් ඇත්ත එළියට ආවනේ...