රංජන් කස්තුරි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන කියනදේ කිරීමට තමා සුදානම් නැතැයිද නව දේශිය අදායම් පනත මුල්‍ය අරමුදල විසින් සකස් කරන ලද්දක් නොවන බවද මුදල් ඇමති මංගල සමරවීර මහතා කීය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අහිතකර දෙයක් යෝජනා නොකරන බවද එම ආයතනය වැදගත් ආයතනයක් බවද මංගල සමරවීර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
IMF එකේ කීමට කෙළවරක් නැතුව බදු ගහලා දැන් කියනවා සුදානම් නැතිලු!
ඒක පුද්ගල ආදායම බලලා බදු ගහන ඒක කොච්චර ප්‍රායෝගිකද? එතකොට පවුලේ හම්බකරන්නේ එක්කෙනයි ඒත් යැපෙන්නන් ගොඩක් ඉන්නවා නම් ඔවුන්ව බලාගන්නේ රජයෙන්ද? පිටරටනම් යැපෙන්නන් බලල ටැක්ස් රිටන් එකක් තියෙනවා. එත් ලංකාවේ එහෙම එකක් නෑ. බදු ගැහැව්වා ගමන් මුදල් වාෂ්ප වෙනවා. අපි පාර තොටේ යද්දී අපේ බදු මුදල් වැඩ කරනවා කියල පෙන්න නෑ.
එහෙනම් මොකටද අපේ පොලියටත් බදු ගැහැව්වේ? ගිය ආණ්ඩුව අවුරුදු 4 ක් යුද්ද කරලා විශාල ධනයක් වියදම් කරලත් 2014 රට ගෙනගියා අපිට බදු බර නොදී රුපියලත් බාල්දු කරගන්නේ නැතිව.
රටට අහිතකර නොවෙන වැදගත් ආයතනයක්ලු. මෙයා කාගෙන්ද දන්නේ නැහැ පඩි ගන්නේ.
විකාර කතා කරනවද..........කට පියාන ඉන්න, ඔබ රට අගාදයට ගෙන යන එක මදිවට
බදු ගහන්නේ මහා බැංකුවේ හොරා ගත් මුදල පියවා ගැනීමටද ඇමති තුමෝ.?
සේවක අර්ථසාදකය බැංකුවට දාල පොලියෙන් ජීවත්වෙන ශ්රමිකයටත් බදු. පඩි ලබන ඔබතුමාලට පාර්ලිමෙන්තුවෙන් ලාබෙට බත් නේද? ඇයි බදු නැතිව වාහන?
එහෙනම් මොනවටද අර ආසියාවේ හොඳම මුදල් ඇමති කීවේ?
සෘජු බදු වැඩි කරන එක හොදයි ඇත්තෙන්ම බදු ගෙවීමේ හැකියාව තියන අය පමණක් ඉලක්ක වෙනවානම්. නමුත් කිසිදු විශේෂ ආයෝජනයක් කරන්න බැරි මිනිසුන්ගේ බැංකු පොළියටත් විදින එක තමයි හෙණේ. මිනිසුන් සූරාකාලා බදු අයකැරගෙන ඇති වැඩේ මොකක්ද? ඇරත් මේ උපයන මුදල් දියවන්නාවෙි ඉන්න මිලේච්ඡයන් විනාශ කරනවානේ. මිනිසුන්ගේ ධනය හසුරවන එක විනිවිධ භාවයක් නැති රටක මේ වගේ ක්‍රියාමාර්ග ගැලපෙන්නේ නෑ.
යුද්දය කල ජනාධිපති ඉන් පසුව විශාල සංවර්ධනයක් කරලත් බදු බර වැඩි උනේ නැහැ. නමුත් මේ අවුරුදු තුනට ඔහෙලා කරපු කිසිම වැඩක් නැත. නමුත් පාරිතෝෂික මුදල බැංකුවේ පොලියෙන් ජීවත් වෙන ජෙෂ්ට පුරවැසියන්ටත් පොලියට බදු ගැහුවම බෙහෙත් ටික ගන්න සල්ලි ඉතිරි වෙන්නේ නැහැ නේද. ඔබ තුමාලානම් බෙහෙත් ගන්න සිංගප්පුරුයාවී බෙහෙත් ගන්න.
එතකොට ඔය බදු ගහල තියෙන්නෙ යස අගේට. යහපාලන බබාලට සතුටුයි නේද දැන්.
පොලී ආදායම් මත රදවාගැනීමේ බද්ධ සහා උපයන විට ගෙවීම් බද්ධ ශ්‍රී ලංකාව වැනි රටකට අසාධාරණ බදු ක්‍රම ලෙසයි මා දකින්නේ. ජීවන වියදම අහස උසට නැග ඇති ආර්ථික තත්වයක් තුල ජනතාව අතට පත්වෙන සොච්චමටත් ගහන එක හෙන ගහන අපරාධයක්.
"ජ්‍යාත්‍යන්තර අරමුදල ශ්‍රීලංකාවට අහිතකර දෙයක් යෝජනා නොකරන බව " මංගල කියනවා. ඒ සමගම ඔහු කියනවා " ජ්‍යාත්‍යන්තර අරමුදල කියන දේ තමා නොකරන බව " එහමනම් මංගල කියන්නේ ඔහු රටට අහිතකර දෙයක් කරනවා කියන එකනේ . ඔහු මේක නොකිව්වත් රටේ මිනිස්සු දැන් තේරුම් අරගෙන අවසානයි.
දුක් විදලා රට ගිහින් අමාරුවෙන් හම්බකරලා එවන එකටත් බදු ගැහුවා එහෙනම් , අපිම අපිට ගහගෙන වගේ මෙයා කියන්නේ
බදු ගැන කියනකොට ඔය ආණ්ඩුවේ කට්ටිය කියන්නේ මෙහෙ විතරක් නෙමෙයි පිටරටවලත් ඕව අයකරනවා, එහෙ මීට හපන් කියල වගේ කතන්දර. හැබැයි මතක තිය ගන්න අපිව රවටන්න දැන් නම් බැහැ. ඒ රටවල් වල දරුවන්ට, සියලු වැඩිහිටියන්ට යැපුම් දීමනා දෙනවා. පවුලේ යැපුම් සාමාජිකයන් ගණන අනුව බදු සහන දෙනවා. කෝ ඒවා මෙහෙ නැද්ද බද්ධ විතරද?
අපේ තැන්පත් පොලියට බදු ගහනවානම් ඔයගොල්ලොත් පරණ වාහනේම ගිහිල්ල රටට මුදල් ඉතිරි කරලා දෙන්න ඕන නේද ?. නමුත් උනේ පරිපුරක ඇස්තමේන්තු දමමින් කෝටි ගණන් වල වාහන ගත්ත එක නේද ? ඒවා හරි වැඩද . ඒ මදිවට ඔයගොල්ලෝ පඩිත් වැඩි කරගත්ත නේද? අපිත් බලාගෙන ඉන්නේ ලබන ඡන්දෙ එනකම් ඔයගොල්ලන්ට සලකන්න.
මුල්‍ය අරමුදල කියන්නේ ජනාධිපතිතිව හඳුන්වන තවත් නමක් වෙන්න ඇති
මීට කලකට පෙර දේශප්‍රේමීන් කස්ටියක් ඔය මුල්‍ය අරමුදලේ සහ ලෝක බෑන්කුවෙ ප්ලග් ගෑලෙව්වා නේද?