අජන්ත කුමාර අගලකඩ
විශ්වාස භංගය විවාදයට ගැනීමට පෙර අගමැති තනතුරින් ඉල්ලා අස්වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට අද රාත්‍රී හමුවී සාකච්ඡා කළ ශ්‍රීලනිප පර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රීවරු 42ක් ඒකමතිකව තීරණය කළහ.
මෙම තීරණය මේ වන විටත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා යවා ඇතැයි ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
අද රාත්රියේදී ගන්නා ලද ඒකමතික තීන්දුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීම සඳහා 42ගෙන් සමන්විත ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම හෙට උදෑසන රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිතය.
යම් හෙයකින් තමන්ගේ ඉල්ලීමට පිටුපාමින් අගමැතිවරයා තනතුරෙන් ඉල්ලා අස් නොවන්නේ නම් විශ්වාස භංග විවාදයේදී විශ්වාස භංගයට සහාය දැක්වීමට ද ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇතැයි රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපය ඉතිහාසයේ තීරණාත්මක මොහොතකට පැමිණ තිබේ. එය පක්ෂයේ වරදකින් නොව පක්ෂ නායකත්වය වෙනස් කිරීමේ උවමනාවක් ඇති පාර්ශ්වයන් විසින් එජාපය මත බලහත්කාරයෙන් පටවන ලද්දකි. එහි පිටුපස ඉන්නේ 2015 ජනාවාරි 8 වැනිදා පලවා හැරි රට නොව තම පැවැත්මම, තම බලයම පතා සිටි පිරිසක්ය. මේ වනවිට හිරේ විලංගුවේ සිටිය යුතු ඒපිරිස ‘මෛත්‍රී පාලනය’ දඩමීමා කරගනිමින් යලිත් පුනරුත්පත්තියක් ලබා ආණ්ඩු බලය ආල්ලා ගැනීමට හොල්මන් කරති. ඔවුනට වෙනත් ගැලවිජ්ජාවක් නැත.
රටට යහපතක් වන ඓතිහාසික තීන්දුවක්
මුළු රටම අකමැති අගමැති කෙනෙක්වෙලත් නම්බුව තියන් අයින් වෙන්නේ නැතුව ඉන්නකොට රෙද්දක් ඇඳගෙනද ඉන්නේ කියලා හිතෙනවා.
මේ භංගය එකබද්ධේ වත් රනිල් ප්රමුඛ ආණ්ඩුව වත් දිනන්නේ නෑ. හෙට දියවන්නා මාලිගාවේ අලි වලි ඒකාබද්ධේ පොහොට්ටු වලි උතුර උතුරා වාන් දමනවා සිකුරුයි. අවසානයේ විවාදයක් නැති ඡන්දයක් නැති වෙන තැනට සියල්ල සැදී පැහැදී හිට ගනියි. එතකොට කතානායක තුමාට ඉඩහසර ලැබේවි දෙපැත්තටම කරදරයක් නොකර භංඝය දින නියමයක් නොමැතිව කල් දාන්න. අන්තිමට කියන්න වෙන්නේ විලිලාපු කන්දකුත් නැහැ වදාපු මීපටියෙකුත් නැහැ කියල තමා.
ඇයි.. මේ යු.ඇන්.පී එකට ඔලුවෙ අමාරුවක් තියෙනවා කියලා හිතුවද..? බහුතර ඡන්දෙකින්, බලයට පත්වුනු ආණ්ඩුවක් එක එක්කෙනා කියන පද වලට නටන්න ලෑස්ති කියලා හිතනවා නම් මේන් ඒ අයට අපේ විනාඩියක නිශ්ශබ්දතාවය...
අවුරුදු ගානක් තිස්සේ UNP කාරයෝ කියන්නෙත් අස්වෙන්ට කියලා තමා. එහෙම අස්නොවෙන මිනිහ ශ්‍රීලංකා කාරයෝ කියලා ගෙදර යනවද කවදාවත්. අනික රනිල්ට අස්වෙන්ට කියන්ට ශ්‍රීලංකා කාරයෝ හතලිස් ගානක් යන්ට ඕනෙද? ජනාධිපති කීවානම් ඉවරනේ.
අගමැති ඉවත් විය යුතු බව රටේ බහුතර ජනමතයයි. එය පසුගිය පළාත් පාලන ඡන්ද ප්‍රතිපලයෙන් ජනතාව සංඥා කළා. එය සිදු විය යුතුයි. නමුත් මන්ත්‍රීවරුන් මිලට ගෙන, වෙනත් යටිකුට්ටු වැඩ වලින් සෙල්ලම් කරන්න හැදුවොත් අනාගත ප්‍රතිපල මීට වඩා දරුණු වේවි.
පින් ඇමතිලාට රටක් තිබුනත් නැතත් එකයි. තමන්ගේ ඇමතිකම් වරදාන තමයි වැදගත්. මොවුන්ට තියන අයිතිය කුමක්ද මෙසේ ඉල්ලා සිටීමට. මේ සියලු දෙයින් පෙළෙන්නේ මේ රටේ අහිංසක මහජනතාවයි.
නිකංම්ම ඉන්න එකේ මොනවහරි කියවෙනව ඇති. නිකං කකා ඉන්නකොට දකින හීන. මාද්‍යයට ලොකුවට කයිවාරු ගහන්නෙ නැතුව හෙට වෙනකම් ඉවසන්න.
මේ 42යි , අත්සන් කරපු 54 යි තමයි, බයිබලයෙ සඳහන් කරන පවුකාරයාට පලමු ගල ගහන්න සුදුසු අය.
ඔව්? ඊට පස්සේ සදාකාලිකව බලයේ ඉන්න ව්‍යවස්ථා වෙනස් කරපු මහින්ද බලයට ගෙනත් ජනතාව සදාකාලිකව අන්දවමින් මුසාවාදයෙන්ම බලයේ ඉන්න පුළුවන්. මිනිස්සුන්ටත් ඕන දියුණු ප්‍රජාතාන්ත්‍රික රටක් නොව වැඩවසම් වහල් ක්රමයකි.
නියම සුද්දවන්තයෝ සෙට් එක.
4 වැනිදායි පස්සේ යුඅන්පී කාරයෝ මේ කට්ටියට කියයි 'අපිට නේද ඉල්ලා අස්වෙන්න කිව්වෙ, දැන් ඉතින් ඔයාලා ඉල්ලා අස් වෙන්න කියලා.
4% ක් ඡන්ද ගත්ත පක්ෂයක් හැටියට ඕක කියන්න ඕන සිරිසේනට, UNP එකට නෙමෙයි. මෙතන අායෙත් හොරුන් ටික රට අල්ලගන්න හදන එක තමයි වෙන්නේ.
4% ක් ඡන්ද ගත්ත පක්ෂයක් හැටියට ඕක කියන්න ඕන ජනාධිපතිතුමාට, UNP එකට නෙමෙයි.
මෙන්න කැට...රනිල්ගේ උජ්ජත්තකම නිසා ඔහු හෙට පාන්දරම ඉල්ලා අස්වෙනවා .මස්ටර් ක්ලීන්...