(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී මණ්ඩල රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ද සහභාගී වු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවැසීය.
මෙහිදී එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් විශ්වාස භංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ඒකමතිකව තීරණය කළ අතර රතන හිමියන්ද එක්සත් ජාතික පෙරමුණේ සෙසු මැති ඇමතිවරුන් ඉදිරිපත් කළ මතයට වෙනස් මතයක් ඉදිරපත් නොකළ බවද අජිත් පී පෙරේරා මහතා කීය.
මිට අමතරව පසුගිය දින වල වෙනස් මත පළකළ පාලිත රංගේබණ්ඩාර, වසන්ත සේනානායක යන රාජ්‍ය අමාත්‍යවරුන්ද මෙම මන්ත්‍රී මණ්ඩල රැස්වීමට සහභාගී වීම විශේෂත්වයක් විය.
අරලියගහ මන්දිරයේදී මෙම මන්ත්‍රී මණ්ඩල රැස්වීම පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දේශ පාලකයින්ගේ හැසිරීම ගැන ලංකාවේ විතරක් නොවෙයි පිටරටවලත් ඉන්න ජනතාව හොල්මන් වෙලා බලා ඉන්නවා මොකද වෙන්නේ කියල. කොහොමටත් ජනතාව අවබෝධ කරගෙන ඉන්නේ මේ අයගේ බඩජාරි කම ගැන. හිතන්න, ඔබලා ඔය තනතුරට පත් උනේ ඒ ජනතාවගේ මනාපයෙන් බව. සතර මහා අපායේ නොවැටෙන්න කටයුතු කලොත් හොඳයි.
පාර්ලිමේන්තුවේ ඉන්න , මැති ඇමතිවරුන්ගේ , එක්සත් ජාතික පක්ෂයේ ජන්ද ටික එයට ලැබීමට වැඩ සලස්වාගෙන ඇති, ඒ මැතිඇමතිවරුන්ට හොද නිසා , ගාන දෙනවා ඉතින් ජන්දය නොදී බැනේ , නමුත් සමස්තයක් වශයෙන් බැලුවොත්, ඔය මහත්තය , පක්ෂයේ සිටිනතාක්කල්, පක්ෂයට මොකක්ද වුන ප්‍රගතිය ?ජනතාවට මොකක්ද වුන ප්‍රගතිය ,රටට මොකක්ද වුන ප්‍රගතිය ,අනික හොරු ඇල්ලුවද? කුලියාපිටිය දිහා හදනවා කිව වෝක්ස් වෝගන් කොම්පැනිය වගේ තමයි හැම එකම , විශ්වාස බන්ගය කොහොමත් දිනයි, මොකද විපක්ෂයට ඕනේ , මෙතුමාව දිගටම එක්සත්ජාතික පක්ෂ නායකයා වශයෙන් තියාගන්න , අන්න එතකොටයි මේ යට ඉදිරියට යන්න හැකියාව තියෙන්නේ?.. ඔය වැඩ ටික හරියට වෙන්න නම් රන්ජන් රාමනායක වගේ කෙනෙක් ඔතෙන්ට පත්කළ යුතුයි .. නැතිනම් පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුකල යුතුයි .. සජිත් ප්‍රේමදාසට හරි ඕක දීලා, මෙය නම් අගමැතිකමෙන් ගියත් , පක්ෂ නායකත්වයෙන් යන්නේ නම් නැතිවෙයි .. ඔන්න කිවා..එක හරියට වෙන්නනම් මුදලට යට නොවී , .. එක තිරණයක සිටිය යුතුයි ...
රත්න හාමුදුරුවෝ ඉල්ලපු ඉල්ලීම් ඉටු නොකලොත් සොරිම තමා මහත්තයෝ. රත්න හාමුදුරුවෝ කියන්නේ කියපු දෙයක් වෙනස් කරන පඩංගු දේශපාලනය කරන හිමිනමක් නෙමෙයි. අජිත් මහත්තයෝ බලාගන්ට හතර වෙනිදට වෙන දේවල්.
රතන හාමුදුරුවෝ පෙරේදා කිවුවෙනම් ඔයිට වෙනස් කතාවක්. හාමුදුරුවොත් බැග් වල දාල දුන්න පිරිකර භාරගත්තාවත්ද...?
රාජිතගේ අඩි පාරේ යන තවත් පුද්ගලයෙක් තමයි මෙයා. කියන තරමක් බොරු තමයි
අපි ඔය කතාව පිලිගන්නවා හාමුදුරුවන්ගේ ෆුට් නෝට් එකක් ඇතුවම කිව්වා නම්.