ඩයනා උදයංගනී
මාසික හිලව් දීමනාව නොලැබීම, භාෂා ප්‍රවීණතා දීමනාව ගෙවීම පැහැර හැරීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කරගනිමින් විශ්ව අනධ්‍යන සේවකයින් දින 34ක් තිස්සේ පවත්වාගෙන ගිය වැඩවර්ජනය අනිද්දා (4) සිට අවසන් කිරීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ මහතා පැවසීය.
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සමඟ අද (2) පැවැත්වූ සාකච්ඡාවේදී ඇතිවූ එකඟතාවක් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.
තමන් ඉල්ලා සිටි සියයට 35ක් වන මාසික හිලව් දීමනාවෙන් සියයට 10ක් මෙම මස හෝ ලබන මස වැටුප සමඟ ලබාදීමට හා ඊට අදාළ චක්‍රලේඛය හෙට (3) නිකුත් කිරීමට අමාත්‍යවරයා එකඟ වූ බවත්, එම චක්‍රලේඛය නිකුත් වූ පසු වැඩවර්ජනය අවසන් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම විසඳුම මගින් තම ගැටලූ සියයට සියයක් නොවිසඳුනත්, විශ්ව විද්‍යාල පද්ධතියේ පැවැත්ම ගැන සිතා මස් රාත්තලම නොඉල්ලා තම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව රැස්වූ වෘත්තීය සමිති තීරණය කළ බවද සම සභාපතිවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකක් ඉවරයි. ඊළඟට ඇදුරුතුමාලාද?
අවුරුද්ද කන්න පඩි ගන්නත් ඕනනේ. ඉතින් වැඩට අවා. තව සතියක් ස්ට්‍රයික් කරන්න අැරියා නම් මේ ගොල්ලන් නිකම්ම වැඩට එනවා.
මෙම සේවකයින් විසින් විශ්ව විද්‍යාල පද්ධතියට සිදු වූ හානිය. මේ සඳහා ගෙවන්නේ කවුද?
පොහොට්ටුවෝ ඉතුරු ටික ගෝඨාගෙන් ඉල්ලා ගන්න. මස් රාත්තල කිරලම දෙයි...
ජයනාත් හරියටම හරි. අතිකාල ගන්න මේ අය එන්නෙ. අවුරුද්දෙන් පසු ආයෙ මස් රාත්තලම මේ අය ඉල්ලනවා. අනේ පුළුවන්නම් තව සතියක් ඉන්න කියන්නකො.
ජයනාත් කිව්ව දේම තමයි මටත් කියන්න තියෙන්නෙ.
දවස් 34ක්ම කෑවා
මේක මොන ක්‍රමයෙන් හරි විසඳගෙන ගෙදර එනකොට පඩිය අරගෙන අවේ නැත්නම් ගෙදර එන්න එපා කියල ගැණු කිව්වම මොනවා කරන්නද?
දවස් 32 ට ගෙවන පඩි සරසවි සිසුන්ට දවස් 32 උන පාඩුව මේවා දෙගොල්ලම දැන්වත් හිතල බලන්න අපි සෙල්ලම් කරන්නේ මිනිස්සුන්ගේ සල්ලි එක්ක නේද මේ..............
යුනිවෙර්සිට්ය් පටන් අරන් ළමයින් ගෙන්න ගන්න කලින් එව්වා පිරිසිඳු කරලම ලමයින්න් කැදෙව්වා නම් තම හොඳ. දැන්නම් ඩෙංගු ඇති ඒවායේ.
එත් සමහර පත්තර වල තියෙන්නේ අසාර්ථක සාකච්චාවක් කියලා... මේවා විසදෙන ප්‍රශ්න නෙමෙයි... අවුරුද්දෙන් පස්සේ ආයෙත් පටන් ගනී..
විභාග නවතතලා ස්ට්‍රයික් කරන සේවකයො අස් වෙන එකමයි හොද
මේ පිලිබඳ අලුත් තත්වය කුමක්ද ??