(නිමල කොඩිතුවක්කු)
අග‍්‍ර‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි එහි නායක ආර් සම්බන්ධන් මහතා පැවසීය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම අඟහරුවාදා (3) දිනයේ රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවද ඔහු කියා සිටියේය.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ඇතුලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 16 දෙනෙකු දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරනු ලබයි.
අඟහරුවාදා (3) පෙරවරු 10.00ට දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාලා හදන්නේ "බොර දියේ මාළු බාන්න" දැන් කරන්න තියෙන හොඳම වැඩේ විශ්වාසභංගය පැරදුණත්, දිනුවත් මේ පාර්ලිමේන්තුවම විසුරුවලා නව ඡන්දයකට ගිහිල්ලා අලුතෙන් පාර්ලිමේන්තුවක් පිහිටුවන්න. ඔබතුමාලා විපක්ෂයේ හිටියට රටට ඇති සෙතක් නැහැ. හවුල් ආණ්ඩු පොදු අපේක්ෂකයෝ හිටියට රටට සෙතක් නැහැ. අපේ බදු මුදල් නාස්ති කරමින් දේශපාලකයෝ තර වෙන එක පමණි හැමදාම වෙන්නේ...