චමිල් රූපසිංහ
ජනතාවගේ මතය අනුව තමන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත් වරදකරුවන්ට සහයෝගය ලබාදී ආණ්ඩුවේ රැදී සිටිනවාට වඩා වරදට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ආත්ම විශ්වාසයක් හා ශක්තියක් තිබෙන බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.
හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අද (02) පැවැති වාර්ෂික පර්යේෂණ සමුලුවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.
දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂධයේ මහ ලේකම් පදවිය භාරගත් පසු පක්ෂ ඉතිහාසයේ පළමු වරට එහි ඡන්ද පදනම සියයට 3.8 දක්වා පහළ වැටුණු බවත් අමාත්‍යවරයා පැවැසීය.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා තීරණය පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග මහජන නියෝජිතයන් 41 දෙනා අද සවස සකච්ඡා කරන බව අමාත්‍යවරයා කීය.
ආණ්ඩුව පිළිබදව ජනතාව දරන මතය කුමක්දැයි විමසීම සඳහා අමුතුවෙන් සමීක්ෂණ කළ යුතු නැති බවත් දුම්රිය ස්ථානය, කඩමණ්ඩිය, අවමගුල් උත්සවය වැනි සෑම ස්ථානයක් හා ඕනෑම අවස්ථාවකදී ආණ්ඩුව පිළිබදව ජනතාව දරන මතය ඉතා පහසුවෙන් හදුනා ගත හැකි යැයිද ප්‍රේමජයන්ත් මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාල පෙට්‍රල් ගෙනාවේ මෙතුමා ඛනිජ තෙල් ඇමතිවරයාව සිටියදී. ඒවගේ හෙජීන් ගනුදෙණුව, ග්‍රීක බැඳුම්කරය, මිග්යානා ගනුදෙණුව වැනි දූෂිත ගණුදෙනු රාශියක් සිදුවූ ඉතිහාසයේ අති දූෂිතම ආණ්ඩුවක ඇමතිකම් දරපු ඇමැතිවරයෙක් දැන් සිංහනාද පැවත්තුවාට ඒකාලේ පූස් පැටියෙක් වගේ හිටියේ...
දුමින්ද නරකනම් මේ පැත්තට පැන්නේ මොකද? දැනට අවුරුදු 25ක විතර ඉඳන් මෙතුමා මන්ත්‍රී... ඉන් වැඩි කාලයක් ඇමති කෙනෙක්. රටේ ආර්ථිකය වැටිලා මේවාට ඔබතුමාත් වගකියන්න ඕනේ... මේ මොකවත් නොවේ. ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී පොහොට්ටුවට පැන්නේ නැත්නම් පාර්ලිමේන්තු යන්න බැරි බව මෙයට තේරිලා. දැන් ඉඳන්ම එ්කට ලෑස්තිවෙන බව තමයි පෙනෙන්නේ...
ඒකම නෙවෙයි හේතුව.... අරයා පැනලා කරපු විගඩම තමයි පක්ෂයටයි, රටටයි දෙකටම වෙච්ච විනාසේ...
අපොයි මේ අයට පුදුම ජනතා පදනමක් තියෙන්නේ. කට ඇරියම කුහක ගතිය හොඳට පේනවා.
කොහොමත් රටට වැඩක් ඇති කෙනෙක් නොවේ..
දෙපත් නයින්ගේ කටවල් දෙකකත් ඇති අතර මේ දෙකින්ම කෑම සහ අසූචි පිටකිරීම කළ හැක......................
දුමින්දගේ ලේකම් කම කෙසේවෙතත් 2015 ජනවාරි 8න් පස්සේ රටේ ජනතාවගේ බත් කෑම නම් අඩු වුනා.