විනීතා එම් ගමගේ
දැන් ක්‍රියාත්මක වන නව බදු පනත මේ රටේ එකක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් හැදූ එකක් මිස ඔවුන් එවැන්නක් හැදුවේ නැතැයි හිටපු මුදල් ඇමතිවරයා කියන බවද රාජපක්ෂ මහතා කීය.
මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තේරී පත්වූ මන්ත්‍රී කණ්ඩායම විජේරාම මාවතේ පිහිටි රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී ඒ මහතා ඉදිරියේ දිවුරුම් දුන් අවස්ථාවේ එම පිරිස අමතමිනි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ මන්ත්‍රීවරු හා මන්ත්‍රීවරියෝ දස දෙනෙක් සහභාගි වූහ. බන්ධනාගාරගතව සිටින ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතා ද බන්ධනාගාර නිලධාරින් අරක්ෂාව ඇතිව පැමිණ සිටියේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීය.
“දැන් නව බදු පනතක් ගෙනත් තියෙනවා. ඒක ජනතාවට හරි ප්‍රශ්නයක්. අවුරුදු 18 පස්සෙ හැම කෙනෙකුටම බදු ගොනුවක් අරිනවා. රජයේ සේවකයාට, සාමාන්‍ය කෙනෙකුට, විශ්‍රාමිකයෙකුට, හැමෝටම බදු. ඉඩමක් ගන්න ගියත් විකුණන්න ගියත් බදු. මේක නම් මේ රටේ හැදු එකක් නොවෙයි.
නව පක්ෂයක් හදල මාස දෙකහමාරක් වගේ කාලයකදි අපි ජයග්‍රහණය කරල තියෙනවා. මිනිස්සු අපි ගැන විශ්වාසයක් තියල තියෙනවා. අපේ යුතුකමක් හා වගකීමක් තියෙනවා ජනතාව තැබු විශ්වාසය රකින්න.
ප්‍රාදේශිය සභා මැතිවරණය තබන්න තිබුණු කාලය පහුවෙලා අවුරුදු දෙකහමාරක් විතර ගතවුණාට පස්සෙයි මැතිවරණය පැවැත්වුවේ. කොහොම වුණත් මැතිවණය පැවැත්වුණා. අපි ජයග්‍රහණය කරල තියෙනවා. එකමුතුව වැඩ කරමු. බෙදුණොත් අපි පරාදයි.
දැන් මේ රජයට විශ්වාස භංගයක් ගෙනැත් තියෙනවා. ඒ වගේ සිදුවීම් තමුන්නාන්සෙලාටත් වෙන්න පුළුවන්. වැඩ කළේ නැත්නම් ජනතාවගේ විශ්වාසය භංග වෙන්නත් පුළුවන්.
ඔබ ගමේ ජනතාව එක්ක ජීවත් වෙන පිරිසක්. දේශපාලන වශයෙන් කවුරුවත් එක්ක තරහ වෙන්න අවශ්‍ය නැහැ. සමගියෙන් කටයුතු කරන්න. ආණ්ඩුව අපට කළා වගේ වෛරයෙන් කටයුතු කරන්න එපා. අපි ඒක ආපස්සට ජය ගත්තා කියල වෛරය ක්‍රෝධය පළිගැනිම් තියා ගන්නත් එපා. බලාගෙන වැඩ කරන්න. මේ ආණ්ඩුව අවුරුදු ගණන් ගිය නඩුත් ඇද ඇද එළියට ගන්නවා නේ.” යැයි ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
(ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුම ප්රශ්නය යට ගහපු නඩු එලියට ගන්න එක තමයි.
ඒකතමා. චීනයේ ප්රමුඛ පෙලේ විශ්වවිද්‍යාලයක් වන යුනාන් හිදී " රාජ්‍ය පාලනය සහ ආර්ථික කළමනාකරණය" පිලිබඳ උපාධියක් ලබාගෙන ඇවිත් රාජ්‍ය නායකයා වුනහම කවදාවත් චීනෙට ඕන හැටියට වැඩ කරන්නනම් ඉඩ දෙන්න එපා ඔන්න.
උපයන අනුව ගෙවීම ( PAYE TAX ) යනු මෙරට තිබුණු පැරණි බදු ක්රමයකි
ඔබතුමාගේ ප්‍රතිපත්තිය කරුණාකර කියන්න. ඔබතුමාට බලය ලැබුණොත් මෙම පනත අහෝසි කරනවද? ඊළඟ ඡන්දේදී ප්‍රතිඵල ලැබෙයි.
මෙතුමාගේ කාලේ කසාද බඳින කොටත් බදු ගැහුවා. මැරුණාමත් බදු ගැහුවා. ලෝක වෙළඳ පලේ කිරිපිටි මිල අඩුවෙන කොට මෙහේ බදු වැඩිකළා. ලෝක වෙළඳ පලේ ගෑස් මිල අඩුවන විට මෙහෙ බදු ගහලා ඒකේ වාසිය හොරා කෑවා. බනිජ තෙල්වලටත් ඒකමයි කළේ. එහෙම කරලා දැන් ජනතාව ගැන කිඹුල් කඳුළු හෙලනවා. ලැජ්ජා නැති නායකයින්...
අර 62 එක්ක මට පොඩ්ඩක් කතා කරන්න ලැබෙනවානම්
එකත් රටේ සිවිල් නීතිය ක්‍රියාත්මක කලේ උසාවිය නෙවේ අරලියගහ මන්දිරේ වගේ වැඩක්
නඩු ඇද ඇද එලියට ගන්නකොට නිකන් පොඩි භයක් එහෙම දැනෙනවාද?
කෙක්කෙන් බැරි නම් කොක්කෙන් වැඩ කරන කෙනෙක්. රජය පත් වුනු දා ඉදල කකුලෙන් අදින ඇදිල්ල.
රුපියල් 2500 පව්ලකට මාසයක් කන්න ඇති කියල ආර්ථික මහදැන මුත්තා කියපු නිසා ඉතරි මුළු ගානම බදු තමයි.