ඉන්දියානු මාධ්‍යවේදිනියක වෙඩි තබා ඝාතනය කෙරේ ප්‍රසිද්ධ ඉන්දියානු පත්‍රකලාවේදිනියක වන ගෞරි ලන්කේෂ් මහත්මිය කර්ණාටක ප්‍රාන්තයේදී වෙඩිතබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ. 06 September 2017
එජාප සංවත්සරයේදී අගමැති විශේෂ ප්‍රකාශයකට සැරසෙයි එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ දී කරන්නට යන වැඩ ගැන පක්ෂ සංවත්සර උත්සවයේ දී විශේෂ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද(6) පැවසීය. 06 September 2017
අර්ජුන් ඇලෝසියස්ගෙන් තොරතුරක් නෑ ඇලෝසියස් මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට කොමිසමේ විමර්ශන නිලධාරීන් දින කිහිපයක සිට උත්සහ ගත් බවත් ඔහුගේ කාර්යාලයට සහ නිවසට ගියත් ඔහු සම්බන්ධ කරගැනීමට හැකියාවක් ලැබී නැති බවත් අතිරේක සොලිස්ටර් ජනාරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝඳාගොඩ මහතා බැඳුම්කර කොමිසමට අද (06) දැනුම් දුන්නේය. 06 September 2017
පර්පචුවල් ප්‍රධාන ගැණූම්කරුට විශේෂ ආරක්ෂාවක් පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධාන ගැණුම්කාර කසුන් පළිසේන මහතාට විශේෂ ආරක්ෂාවක් සලසන ලෙස කොමිසම අද (06) නියම කළේය. 06 September 2017
ඉන්දීය ක්‍රීඩකයෙක් පමුණුගම හෝටලයකදී මරුට අවුරුදු 17 පහළ පාසල් කි‍්‍රකට් තරඟාවලියකට සහභාගි වීම සදහා ශ්‍රී ලංකාවට පැමිණි සිටි 12 හැවිරිදි ඉන්දීය කී‍්‍රඩකයකු පමුණුගම ප්‍රදේශයේ හෝටලයක පිහිණුම් තටාකයක ගිලී මියගොස් ඇති බව පමුණුව පොලිසිය කියයි. 06 September 2017
පල්ලියෙදි පහර දුන් හමුදා සාමාජිකයන් සොයයි රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තැබීමේ සිද්ධියේ දී වැලිවේරිය කිතුණු දේවස්ථානය තුළදී නිලන්ත පුෂ්පකුමාර නම් තරුණයාට පහර දී මරා දැමූ බව කියන යුද හමුදා සාමාජිකයන් සඳුනාගැනීම සඳහා විමර්ශනයක් ක්‍රියාම්තක වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැන්වීය. 06 September 2017
බැඳුම්කර සිද්ධියට හිටපු මන්ත්‍රීවරියකගේ පුතාත් පැටළෙයි බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පළමු කෝප් කමිටුවේදී දුන් සාක්කිවල පිටපත් එහි සාමාජිකාවක වූ හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ පුත් කණිෂ්ක සේනානායක මහතා විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයට ලබා දෙනු ලැබ ඇතැයි බැඳුම්කර කොමිසම හමුවේ හෙළිවිය. 06 September 2017
දියණිය දූෂණය කළ පියාට ඇප නොදෙන්නයි උද්ඝෝෂණයක් තම 14 හැවිරිදි දියණිය දූෂණය කළ බව කියන මීගමුව දාගොන්නේ පියාට ඇප ලබානොදෙන ලෙස ඉල්ලමින් ගම්වාසීහු අද(6) මීගමුව අධිකරණය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක් කරති. 06 September 2017
හදිසි කැබිනට් රැස්වීමක් කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (06) දහවල් 12.00ට පැවැත්වේ. 06 September 2017
කලකිරුණු ශ්‍රිලනිප මැති ඇමැති 12 ක් අද ජනපති හමුවට ආණ්ඩුවෙන් ඉවත්වන බව කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (6) සවස ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ. 06 September 2017
බැඳුම්කර කොමිසමට පොලිසියෙන් ආරක්ෂාවක් බැඳුම්කර කොමිසමේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇත. 06 September 2017
ෆොන්සේකාට එරෙහිව උද්ඝෝෂණ රැල්ලක් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් රටපුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට සැලසුම්කර තිබේ. 05 September 2017
කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූ පළකළ සඟරාවට දඩ බ්‍රිතාන්‍යයේ කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප පළ කිරීම හේතුවෙන් ඇයටත් බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුටත් සිදු වූ හානිය වෙනුවෙන් යුරෝ 100,000ක මුදලක් ගෙවන්නැයි ප්‍රංශ අධිකරණයක් ප්‍රංශ ප්‍රකට සඟරාවකට අද (5) නියෝග කළේය. 05 September 2017
ජනපති නෙළුම් කුළුනේ නිරීක්ෂණ චාරිකාවක ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුළුනේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (05) එක් විය. 05 September 2017
වැලිකඩ සිද්ධියේ සාක්කිකරුවන් ආරක්ෂා කරන්නැයි කැෆේ ඉල්ලයි වැලිකඩ ඝාතනයේ සාක්කිකරුවන්ට වහාම ආරක්ෂාව ලබාදෙන ලෙසත් ඝාතන වලට සම්බන්ධ පිරිස් වලට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් රජයට බලකර සිටින බව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අද (5) පැවසීය. 05 September 2017
සේවක අ.සා.අ. බදු අයකළොත් බලාගෙනයි සේවා නියුක්තියන් ගේ භාර අරමුදලෙන් හා සේවක අර්ථසාධක අරමුදලෙන් බදු අය කිරීම නැවැත්වීමට ආණ්ඩුව පියවර නොගතහොත් ජනාධිපති මන්දිරය වෙත ලබන විසි එක් වැනිදා දැවැන්ත පා ගමනක් සුදානම් කරන බව අන්තර් සමාගම් සේවක සංගමය කියයි. 05 September 2017
එස්ටීඑෆ් ගිලන් රථය දකුණු අධිවේගයේදී අනතුරක දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෝද්දල කාසිදෙනිය ප්‍රදේශයේදී අද(5) විශේෂකාර්ය බලකායට අයත් ගිලන් රථයක් පෙරළීයාමෙන් විශේෂ කාර්ය බලකා භටයින් සිව්දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. 05 September 2017
බීමත් රියදුරන් අල්ලන නල 90,000ක් රට වටා බෙදයි පොලිස් ස්ථානවල මෙතෙක් අඩුපාඩුවක්ව පැවති බීමත් රියදුරන් පරික්ෂා කරන නල 90,000 ක් අද (5) දිවයින පුරා පොලිස් ස්ථාන වෙත බෙදා හැරිය බව පොලිස් මුලස්ථානය කියයි. 05 September 2017
අධිවේගී මාර්ගයේ වේගය අඩුකරන්න උපදෙස් අධික වැසි පවතින අවස්ථාවලදී අධිවේගී මාර්ගවල ගමන් ගන්නා විට පැයට කිලෝමීටර 60ත් 80ත් අතර වේගයක් පවත්වා ගන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි. 05 September 2017
ඉදිරි දින දෙකේදිත් අධික වැසි නිරිත දිග මෝසම නිසා දැනට පවතින අධික වැසි සහිත කාලගුණය ඉදිරි දින දෙකේ දී ද පැවැතීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 September 2017
බස් ප්‍රමුඛතා මංතීරුව පාසල් සිසුන් ප්‍රවාහන රථවලටත් බස් රථ වෙනුවෙන් ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කර ඇති මාර්ගවල ගමන් ගන්නා පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස්රථ සහ වෑන් රථ සඳහා ද එම මංතීරුව භාවිත කිරීමට අවසර දෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 05 September 2017
මත්පෙති විකිණූ දෙන්නෙක් දැලේ කිරිඳිවැල හා ඒ අවට ප්‍රදේශවල පාසල් සිසුන්ට හා තවත් අයට මත්පෙති අලෙවි කළැයි තරුණයින් දෙදෙනකු අද(5) අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි. 05 September 2017
ගාල්ලට මහ වැසි - මාර්ග රැසක් යටවෙයි ගාල්ල දිස්ත්‍රික්කයට අද (5) අලුයම සිට දහවල් දක්වා ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මාර්ග ගණනාවක් ජලයෙන් යටවී ජන ජීවිතය අඩාල වී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 05 September 2017
‘ඔක්සො දිරාපත්වන ප්ලාස්ටික්‘ හානිකරයි දැනට තහනම් කර ඇති පොලිතින් හා ප්ලාස්ටික් වර්ග වෙනුවට ඔක්සෝ- වර්ගයේ දිරාපත්වන ප්ලාස්ටික් භාවිතය සඳහා අනුමැතිය ලබා ගැනීමට ප්ලාස්ටික් පොලිතින් නිෂ්පාදකයින් උත්සාහ දරන බව පරිසර යුක්ති කේන්ද්‍රය කියයි. 05 September 2017
හමුදා ට්‍රක් රථයක් හා බස් රියක් ගැටී 17 කට තුවාල හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේදී යුද හමුදා සාමාජිකයින් රැගත් හමුදා ට්‍රක් රථයක් හා ඇගලුම් සේවකයින් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක ගැටීමෙන් අද (05) හමුදා සෙබලුන් 17 දෙනෙක් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි. 05 September 2017
වගා වැටෙන් විදුලි සැර වැදී අයෙක් මරුට මාවනැල්ල ඉහල මාවේල ප්‍රදේශයේ වගා ඉඩමක් වටා ඇද තිබුණු අනවසර විදුලි රැහැන් වැටකින් විදුලි සැර වැදී තරුණයකු (25) එම ස්ථානයේම මිය ගොස් ඇත. 05 September 2017
කුලී රථ නැවතුමේ මළ සිරුරක් දඹුල්ල නගර මධ්‍යයේ කුලී රථ නැවතුම්පොළේ තිබී ඝාතනය කරන ලද තරුණයකුගේ මළසිරුරක් අද (05) අලුයම සොයාගත් බව දඹුල්ල පොලිසිය කියයි. 05 September 2017
‘හමුදාව යාපන බලකොටුවට ගියොත් හොඳයි‘- ආණ්ඩුකාරවරයා කියයි යාපනයේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වල තැනින් තැන රැඳී සිටින යුද හමුදාව අක්කර 45 කින් සමන්විත යාපනය බලකොටුවට යාම සාධාරණ බව උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ මහතා පවසයි. 05 September 2017
අගමැති ආරක්ෂක නිලධාරියා ඡායාරූප ශිල්පීන් එලවයි මල්කඩුවාව, කුරුණෑගල නව ජාතික පාසලට මුල්ගල තැබීමේ උත්සවය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අවස්ථාවේදී එහි මාධ්‍ය ආවරණය සඳහා එහි ගිය ඡායාරූප මාධ්‍යවේදීන්ට අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරියෙක් දිගින් දිගටම බධා කරන්නට විය. ඔහුගේ මූලික අරමුණ වූයේ වේදිකාවේ සිට විශාල දුර ප්‍රමාණයකට ඡායාරූප මාධ්‍යවේදීන් එලවා දැමීමයි. 05 September 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026