IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බක් පෝදා බුද්ධ ප්‍රතිමා පූජාකිරීමේ පින්කමක්

පුත්තලම - ජුඩ් සමන්ත.
බක් පොහොය නිමිත්තෙන් සිල් සමාදන් වී සිටි උවැසි උවැසියන් සදහා බුදු පිළිම වහන්සේලා සියක් නමක් පරිත්‍යාග කිරීමේ වැඩ සටහනක් 31 වැනිදා දහවල් හලාවත - ආරච්චිකට්ටුව,කරුක්කුලිය, ශ්‍රී ජයතිලකාරාම විහාරස්ථානයේදී සිදු විය.


මළලසේකර පදනම සහ ගුණ ජය සතුට පදනම මේ සදහා අනුග්‍රහය ලබා දී තිබුණි. හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරී සුරන්ජන් කුමාරපේලි මහතාගේ උපදෙස් අනුව ආරච්චිකට්ටුව පොලීසිය විසින් වැඩ සටහන සංවිධානය කර
තිබුණි.


සෑම පොහොය දිනකම දුෂ්කර ප්‍රදේශයක පිහිටි විහාරස්තානයක පෙහෙවස් සමාදම් වී ඇති උවැසි උවැසියන් වෙනුවෙන් බුදු පිළිම වහන්සේලා සියක් නමක් ප්‍රධානය කිරීම මළලසේකර පදනම සහ ජය සතුට පදනම විසින්
කරගෙන එයි.එම වැඩ සටහනට අනුව බක් පොහොය දිනයේ කරුක්කුලිය ජයතිලකාරාම විහාරස්ථානයේ පෙහෙවස් සමාදම්වී සිටි උවැසි උවැසියන් සඳහා පිළිම වහන්සේලා බෙදා දීම සිදු කරන ලදි.


උවැසි උවැසියන් සදහා බෙදා දුන් පිළිමවහන්සේලා කරුක්කුලිය ගම්මානය මැදින් දර්ශණීය පෙරහැරකින් වැඩම කිරීම සිදු කරන ලදි.


හලාවත - පුත්තලම දෙදිසාවේ ලේඛකාධිකාරී ජයතිලකාරාමාධිපති පුජ්‍ය නවදන්කුලමේ මේධානන්ද නායක සවාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පුන්‍යකර්මයට හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරී සුරන්ජිත්
කුමාරපේලි, ආරච්චිකට්ටුව වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රීනික ජයකොඩි යන මහත්වරු සහභාගි වී සිටියහ.

 



අදහස් (10)

බක් පෝදා බුද්ධ ප්‍රතිමා පූජාකිරීමේ පින්කමක්

හිරාන් Saturday, 31 March 2018 12:06 PM

යහපත් කටයුත්තක්!!! මේ වාගේම මිනිසුන්ගේ වැළලී යන ගුණ ධර්මත් ගොඩ ගන්න වැඩ පිළිවෙලක් අවශ්‍යයි.

:       0       29

Kumar Saturday, 31 March 2018 04:31 PM

බුද්ධ ප්‍රතිමා පූජා කලාම නිවන් යනවද? මම දන්නා බුදු දහමේ ඒ වැනි දෙයක් නැතිවග ලියන්න තිබෙන්නේ. ඒ වැනි දෙයට වැය කරන මුදලින් අසරණයන්ට පිහිටවෙන එක තමා හොද. මම ඉන්න කැලිෆෝර්නියාවේ සමහර නගරවල සැමදාම තුන් වේලම කෑම දෙන දන්සල් තිබෙනවා. ඒ සියල්ලම කරන්නේ සම්මාදම් කළ මුදලින්.

:       109       211

manjuMonday, 02 April 2018 04:25 AM

දන්සැල් දාලා නිවන් ගිය අය කැලිපෝනියාවේ ඉන්නවද?

:       0       26

ලපයා Monday, 02 April 2018 06:21 AM

බුද්ධ ප්‍රතිමා පූජා කලාම නිවන් යනවද? නැහැ පත්තු කරන්නේ යන්නේ. දන්නේ නැති නම් පන්සලකට ගිහින් හාමුදුරු කෙනෙක්ගෙන් අහගන්න. එ්කත් බැරිනම් පොතක් පතක් බලලා ඉගෙන ගන්න... බුදු දහමට නිගා කරන්නේ නැතුව.

:       0       57

KumarTuesday, 03 April 2018 04:13 AM

මම උපතින් බෞද්ධයෙක් විතරක් නොවෙයි සිතිනුත් බෞද්දයෙක්. ඒ හේතුව නිස මම මේක ලිව්වේ. මේ පැත්තේ නොයන විහාරයක් නැ. මගේ ලග බොරු සෝබන නෑ. දාන සීල භාවනා කියන එකේ බුදු පිළිම පූජා තියනවද?

:       0       0

nilu Monday, 02 April 2018 01:10 PM

මෙය බුද්දාගමේ එක පැත්තක්-ආමිස පුජාව. අනෙක් පැත්ත තමයි ප්‍රතිපත්ති පුජාව. කැලිෆෝර්නිය කතාව ඇත්ත වුනත් ඒවා දන්සල් නොවෙයි. එම රටේ ඉන්න වීදි මිනිස්සුන්ට (homeless ) තමයි ඔහොම කෑම දෙන්නේ. මුළු ඇමරිකාවම එහෙම කෑම දෙනවා. බුද්ධාගමේ වැඩිදියුණුව සදහා බුදුපිළිම පුජා වැනි වැඩසටහන් කළයුතුව ඇත.

:       0       5

Nalaka Saturday, 31 March 2018 08:57 PM

දැන් ලංකාවේ බොහොමයක් කටයුතු සිද්ධ වෙන්නේ සෝබනයට. මිට වසර 30 විතර පෙර මේවගේ විකාර තිබුනේ නැහැ.

:       16       37

Siri Sunday, 01 April 2018 12:05 PM

ඔය එක ප්‍රතිමාවක් කීයක් වුනාද?

:       0       0

Kumar Tuesday, 03 April 2018 03:50 AM

ආපු කෙනෙක් මෙ පැත්තේ නෑ., ලංකාවේ ඉන්නවද ?

:       0       0

Kumar Tuesday, 03 April 2018 04:01 AM

මම ඉන්න නගරයේ නම් ඕනෑම කෙනෙකුට අහාර ලබාගන්න හැකිබවකියන්න ඕනේ. ඉන්න නිවසක් නැති අයට අමතරව දිලිදු අය මේ තැනට යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 41 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site