පුත්තලම - ජුඩ් සමන්ත.
බක් පොහොය නිමිත්තෙන් සිල් සමාදන් වී සිටි උවැසි උවැසියන් සදහා බුදු පිළිම වහන්සේලා සියක් නමක් පරිත්‍යාග කිරීමේ වැඩ සටහනක් 31 වැනිදා දහවල් හලාවත - ආරච්චිකට්ටුව,කරුක්කුලිය, ශ්‍රී ජයතිලකාරාම විහාරස්ථානයේදී සිදු විය.
මළලසේකර පදනම සහ ගුණ ජය සතුට පදනම මේ සදහා අනුග්‍රහය ලබා දී තිබුණි. හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරී සුරන්ජන් කුමාරපේලි මහතාගේ උපදෙස් අනුව ආරච්චිකට්ටුව පොලීසිය විසින් වැඩ සටහන සංවිධානය කර
තිබුණි.
සෑම පොහොය දිනකම දුෂ්කර ප්‍රදේශයක පිහිටි විහාරස්තානයක පෙහෙවස් සමාදම් වී ඇති උවැසි උවැසියන් වෙනුවෙන් බුදු පිළිම වහන්සේලා සියක් නමක් ප්‍රධානය කිරීම මළලසේකර පදනම සහ ජය සතුට පදනම විසින්
කරගෙන එයි.එම වැඩ සටහනට අනුව බක් පොහොය දිනයේ කරුක්කුලිය ජයතිලකාරාම විහාරස්ථානයේ පෙහෙවස් සමාදම්වී සිටි උවැසි උවැසියන් සඳහා පිළිම වහන්සේලා බෙදා දීම සිදු කරන ලදි.
උවැසි උවැසියන් සදහා බෙදා දුන් පිළිමවහන්සේලා කරුක්කුලිය ගම්මානය මැදින් දර්ශණීය පෙරහැරකින් වැඩම කිරීම සිදු කරන ලදි.
හලාවත - පුත්තලම දෙදිසාවේ ලේඛකාධිකාරී ජයතිලකාරාමාධිපති පුජ්‍ය නවදන්කුලමේ මේධානන්ද නායක සවාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පුන්‍යකර්මයට හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරී සුරන්ජිත්
කුමාරපේලි, ආරච්චිකට්ටුව වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රීනික ජයකොඩි යන මහත්වරු සහභාගි වී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් කටයුත්තක්!!! මේ වාගේම මිනිසුන්ගේ වැළලී යන ගුණ ධර්මත් ගොඩ ගන්න වැඩ පිළිවෙලක් අවශ්‍යයි.
බුද්ධ ප්‍රතිමා පූජා කලාම නිවන් යනවද? මම දන්නා බුදු දහමේ ඒ වැනි දෙයක් නැතිවග ලියන්න තිබෙන්නේ. ඒ වැනි දෙයට වැය කරන මුදලින් අසරණයන්ට පිහිටවෙන එක තමා හොද. මම ඉන්න කැලිෆෝර්නියාවේ සමහර නගරවල සැමදාම තුන් වේලම කෑම දෙන දන්සල් තිබෙනවා. ඒ සියල්ලම කරන්නේ සම්මාදම් කළ මුදලින්.
දැන් ලංකාවේ බොහොමයක් කටයුතු සිද්ධ වෙන්නේ සෝබනයට. මිට වසර 30 විතර පෙර මේවගේ විකාර තිබුනේ නැහැ.
ඔය එක ප්‍රතිමාවක් කීයක් වුනාද?
ආපු කෙනෙක් මෙ පැත්තේ නෑ., ලංකාවේ ඉන්නවද ?
මම ඉන්න නගරයේ නම් ඕනෑම කෙනෙකුට අහාර ලබාගන්න හැකිබවකියන්න ඕනේ. ඉන්න නිවසක් නැති අයට අමතරව දිලිදු අය මේ තැනට යනවා.