(දයාරත්න ඇඹෝගම)
විශ්‍රාමික ආබාධිත හමුදා භටයකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියකට ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවට තේරි පත්ව සිටින එ.ජ.ප. මන්ත්‍රීවරයකු අත් අඩංගුවට ගත්බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි.
මෙම පහර දිමෙන් තුවාල ලබා ඇත්තේ යකල්ල කරුවලගස්වැව පදිංචි ශාන්ත සුමනසිංහ(42)නැමති විශ්‍රාමික ආබාධිත හමුදා භටයෙකි. ඔහු මේවන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
පසුගිය සිකුරාදා (30) තමාගේ කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී යකල්ල ගල්කුලම හන්දියේදී යතරු පැදියක් මග හරස්කොට තමාගේ වහනය නවතා කැබ් රථයේ අලවා තිබු මහින්ද මහතාගේ ජයරුපය ඉරා විසිකර තමනට අතින් පයින් පහර දුන් බව පහර කැමට ලක්වු මෙම ආබාධිත හමුදා භටයා විසින් පොලිසියට කළ පැමිණිල්ලේ සදහන්වේ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මකවු ගලෙන්බිදුනුවැව පොලිස් ස්ථානාධිපති සුජිව කුමාර මහතා ඇතුලු පොලිස් නිලධාරින් කණ්ඩායමක් පහර දුන්නේ යැයි කියන ශාන්ත බණ්ඩාර නැමති එජාප ප්‍රෙද්ශිය සභා මන්ත්‍රිවරයා ඊයේ (31) අත් අඩංගුවට ගෙන තිබුණි.
සැකකාර මන්ත්‍රිවරයා අද (01) අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ගමේ මන්ත්රීලා චන්ඩි පාට් පටන් අරගෙන.මේවාට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දැඩිව දඬුවම් කල යුතුයි.කව්රු කලත් වරද වරදමයි.අනිත් එක මේ මිනිහාට පෙනුනේ නැතිද මේ සෙබලාගේ ආබාධිත බව.
මන්ත්රීකමටත් ලැජ්ජයි. මෙහෙමත් අය ...
පලා බබ්බු වැඩ පටන් ගන්නේ නැව ගිලෙන්න යන කොටනේ...