(කටුනායක ටී.කේ.ජී.කපිල)
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ඩුබායි සිට ගෙන ආ දුම්වැටි තොගයක් රැගත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
මොවුන් දෙදෙනා 3/31 දින අලුයම 1.30 ට පමණ ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.
-557 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " Green Chanel ' ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
මෙයින් එක් අයෙකු 29 හැවිරිදි කොළඹ පිටකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .ඔහු දුම්වැටි 10,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 50 ක් නීතිවිරෝධී ලෙස රැගෙනවිත් තිබූ අතර , ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 05 ක් බව රේගුව පවසයි .
42 හැවිරිදි අත් අඩංගුවට පත් දෙවන ගුවන් මගියා ඉහළ කොට්ටාරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .ඔහු දුම්වැටි 3000 ක් අඩංගු දුම්වැටි කාටූන් 15 ක් සිය ගමන් මලු වල සගවා ගෙන පැමිණ තිබූ අතර ,
ඒවායේ වටිනාකම රු1,50,000 කි.
මෙම සියලුම දුම්වැටි ගෝල්ඩ් ලීෆ් වර්ගයේ ඒවා වූ අතර , එහි දුම්වැටි කාටූන් 65 ක් තිබූ අතර , එහි දුම්වැටි 13,000 ක් විය .ඒවායේ මුළු වටිනාකම රුපියල් 6,50,000 ක් බව රේගුව සදහන් කරයි.
මොවුන් නිතර නිතර ඩුබායි වෙත ගොස් මේ ආකාරයට දුම්වැටි සහ විස්කි රැගෙන එන්නන් බව රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ.
මෙම අත් අඩංගුවට ගැනීම රේගු අධිකාරීවරුන් වන ඒ.එම්.ජේම්ස්, නිශාන්ත උඩුවිල , සහකාර රේගු අධිකාරීවරුන් වන පී.ඒ.යූ.එච්.කේ. ජයවර්ධන , එන්.එන්.එම්.රිශ්වි , ජේ.ඒ. ජේ.සංජීව සහ ඒ.සී.එස්.ජයසිංහ යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඇත්තටම කොච්චර ප්‍රමාණයක් සිගරට් මත්පැන් ලංකාවට අරන් යන්න පුලුවන්ද?