පොද වැස්සෙන් බණ්ඩාරවෙල නිවාසවල ටයිල් පුපුරයි බණ්ඩාරවෙලට මිලි මීටර් හයක පොද වැස්සක් වැටීමත් සමගම නිවාසවල ටයිල් පුපුරායාම් 50 ක් පමණ වාර්තා වී ඇතැයි ස්වේච්ඡා සංවිධාන පවසයි. 03 September 2017
කැළණි ගං මිටියාවතේ වර්ෂාව වැඩිවෙයි ලක්ෂපාන ජල විදුලිබලාගාර ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලූණු ධාරානිපාත වර්ෂාවත් සමග ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් අද (03) උදෑසන විවෘත කර උදැසන 11.30 පමණ වනවිට වසා දමා ඇත. 03 September 2017
දඹුල්ලේ බස් - වෑන් අනතුරින් අයෙක් මරුට - 12කට තුවාල දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ පන්නම්පිටියේ දී අද(3) වෑන් රියක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මියගොස් 12 දෙනකු තුවාල ලබා ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 03 September 2017
උතුරු කොරියානු බෝම්බයෙන් භූමිකම්පාවක් උතුරු කොරියාව 06 වැනි වරටත් න්‍යෂ්ටික අත්හදා බැලීමක් කර ඇතැයි ජපානය සහ දකුණු කොරියාව ප්‍රකාශ කරයි. 03 September 2017
කළු - අත්තනගලු ජල මට්ටම ඉහළට දිස්ත්‍රික්ක කිහිපයකට දින දෙකක් පමණ තිස්සේ ඇද හැලූණු තද වැසි හේතුවෙන් කළු ගඟ සහ අත්තනගලූ ඔයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණ ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 03 September 2017
දිස්ත්‍රික්ක හතරකට අනතුරු ඇඟවීමක් වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.. 03 September 2017
රිය අනතුරකින් ජ‘පුර සිසුන් 19ක් රොහලේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අයත් බස් රථයක් සහ මෝටර් රථයක් සෙනසුරාදා රාත්‍රී 11.20 ට පමණ හෝමාගම හයිලෙවල් මාර්ගයේ නාවින්න හන්දියේදී මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරෙන් බස් රථයේ ගමන් ගත් විශ්ව විද්‍යාල සිසුන් 19 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 03 September 2017
වාහනයක් නොමැති පාසලට රියදුරෙක් කිසිදු වාහනයක් නොමැති නාවුල ශ්‍රී නාග ජාතික පාසලේ සේවය කිරීම සදහා වසර එකහමාරකට පෙර සිට රියදුරු පත්වීමක් ලබාදී සේවකයකු ඒවා තිබෙන බවත් ජනතා මුදලින් ඔහුට වැටුප් ගෙවා වාහනයක් ලැබෙන තුරු පාසලේ රැදී සිටින බවත් එම පාසලේ සංවර්ධන සමිතියේ දෙමාපියෝ පිරිසක් පවසති . 03 September 2017
දක්ෂිණ අධිවේගී සේවකයෝ පොල් ගසති තම රැකියා සුරක්ෂිත කර දෙන ලෙසත් රැකියා අහිමි වුවහොත් එසේ කරන අයට දඬුවම් ලබා දෙන ලෙසත් ඉල්ලමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අංශ කීපයක සේවකයෝ පිරිසක් අද (2) කන්දේ විහාරයේ කාලි දේවාලයේ පොල් ගැසුහ. 02 September 2017
ගීතා කුමාරසිංහ රොහල් ගත කෙරේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇත. 02 September 2017
‘ශ්‍රී ලංකාව කොකේන් හුවමාරු මධ්‍යස්ථානයක්‘ ජාත්‍යන්තර කොකේන් ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව ආසියාවේ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරන බව බලධාරීහූ පවසති. 02 September 2017
මහින්දටත් මෛත්‍රීපාල අසළින්ම පුටුවක් තියෙනවා - මුතුහෙට්ටිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සර සම්මේලනයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසලින්ම ආසනයක් සූදානම් කර ඇතැයි වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. 02 September 2017
කුඩා විදුලි බලාගාරයකින් ලොකු ලූනු වගා යටවෙයි විදුලි බලාගාරයක අක්‍රමවත් ඉදිකිරීම් නිසා දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනු වගාවන් ජලයෙන් යටවී ඇති බවත් අක්කර සිය ගණනක් යටවෙමින් පවතින බවත් ගොවීහු පවසති. 02 September 2017
ප්‍රශ්න පත්‍ර සිද්ධියේ සිසුවාට ජීවිතාන්තය තෙක් විභාග තහනමක් අපොස උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළැයි කියන සිද්ධියට අදාළ සිසුවාට ජීවීතාන්තය දක්වා විභාග තහනමක් පැනවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 02 September 2017
මුස්ලිම් වැසියෝ හජ් සමරති අදට (02 ) යෙදී ඇති හජ් උත්සවය ශ්‍රී ලාංකික මුස්ලිම් වැසියන් සැමරූ අයුරු 02 September 2017
ජේකබ් සූමා මහ රෑ ඇවිත් යයි දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් ෂූමා මහතා චීනයේ පැවැත්වෙන ’’බ්‍රික්ස්’’ සමුළුවට සහභාගි වීමට යන අතරතුර ඊයේ (01) මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 02 September 2017
කොටගල තේ කම්හලක ගින්නක් හැටන් කොටගල මේෆිල්ඩ් වතුයායේ තේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව දිඹුල පොලිසිය පවසයි 02 September 2017
කෝට්ටේ ඇසල පෙරහර වීදි සරයි කෝට්ටේ රජමහා විහාරයේ 117 වැනි ඇසල රන්දෝලි පෙරහැර අද පැවැත්විණි. 01 September 2017
ජගත් ජයසූරියට එරෙහිව සාක්කි දෙනවා - ෆොන්සේකා හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතා අපරාධ සිදු කළ බවට තමා සතුව සාක්කි ඇතැයි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියයි. 01 September 2017
වන්නි මෙහෙයුමට අණ දුන්නේ ෆොන්සේකා - ජගත් ජයසූරිය යුද අපරාධ සිදු කළ බවට එල්ල කරන චෝදනාවලින් තමන්ගේ නමට විශාල කැළලක් සිදුවන බවත්, රජය වහාම මැදිහත් වී පියවර ගතයුතු බවත් ජනරාල් ජගත් ජයසුරිය මහතා පැවසීය. 01 September 2017
’පළාත් පාලන මැතිවරණය දෙසැ.9 පැවැත්විය හැකිය’ - එස්බී පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් මස 9 වැනිදා පැවැත්විය හැකි බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැඩි විශ්වාසයකින් සිටින බව සමාජ සවිබලගැන්වීම් සහ සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පැවසීය. 01 September 2017
අගමැති හා ඇලිස් වෙල්ස් අතර හමුවක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින දකුණු හා මධ්‍යම ආසියා කටයුතු බාර වැඩබලන ඇමරිකා සහකාර ලේකම් ඇලිස් වෙල්ස් අද(1) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ දී හමුවිය. 01 September 2017
පළාත් මන්ත්‍රී එස්.බීගෙන් වන්දි ඉල්ලයි සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා තමාට කළ අපහාසයට එරෙහිව රුපියල් ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් ගොනු කරන බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි. 01 September 2017
ගුවන් හමුදා සැණකෙළියක් වවුනියාවේ ගුවන් හමුදාවේ 66 වැනි සංවත්සරය නිමිත්තෙන් වවුනියාව ගුවන් හමුදා මූලස්ථානයේ සංවිධානය කළ ගුවන් හමුදා ප්‍රදර්ශනය හා සැණකෙළිය අද (1) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කැරිණි. 01 September 2017
පොලිතින් තහනමේ ගැසට් නිවේදනය එයි පොලිතීන් භාවිතය හා ඒ ආශ්‍රිතව භාණ්ඩ නිපදවීම සහ විකිණීම තහනම් කිරීමේ ගැසට් නිවේදනය අද (1) නිකුත් කෙරිණි. 01 September 2017
තෙල් බවුසරයක් පෙරළීමෙන් හොරණ-පානදුර-කළුතර වතුර නවතී කිරිඇල්ල ප්‍රදේශයේ දී පෙරළුණු තෙල් බවුසරයෙන් කළු ගඟට තෙල් මුසුවීම නිසා කඳන ජල පවිත්‍රාගාරයෙන් ජලය ලබාගන්නා ප්‍රදේශවලට ජල සැපයුම නතර කිරීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන ඇත. 01 September 2017
රයන් බලන්න කාලෝ යයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද(1) රිමාන්ඩ් භාරයේ සිටින වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගියේය. 01 September 2017
හෙරොයින් ගිල්ල පකිස්තාන ජාතිකයාගෙන් ගුලි එළියට ගනී හෙරොයින් ගුලි වශයෙන් සකස් කොට ඒවා ගිල දමා මෙරටට පැමිණිමේ දී පසුගිය 26 දා කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබු පකිස්තාන ජාතිකයා ගිල දමා තිබි පිටතට ගන්නා ලද ගුලි 37 හෙරොයින් ග්‍රෑම් 367 ක් තිබු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටී. ලුඩුවයික් මහතා පවසයි. 01 September 2017
20 ඌවට දකුණට ආපසු යවයි සියලූ පළාත් සභාවල ඡන්දය එකම දිනක පැවැත්වීමේ විධි විධාන ඇතුළත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්මත නොකළ පළාත් සභාවලට යළිත් එය ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ. 01 September 2017
ගාල්ලට වැසි - වැඩිම වර්ෂාපතනය නාගොඩින් ගාල්ල දිස්ත්‍රික්කයට අද (1) අලුයම 1.00 සිට 5.00 වන තෙක් පැවති වර්ෂාවෙන් වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රදේශයට ලැබී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක කර්නල් දම්පත් රත්නායක මහතා පවසයි. 01 September 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026