විනීතා එම් ගමගේ
ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයකු ලේඛකයකු මෙන්ම නිදහස් චින්තකයෙකු වූ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අභාවප්‍රාප්ත විය.
මිය යන විට 65 වැනි වියේ පසුවූ ගමගේ මහතා කලක් රෝගාතුරව සිටි අතර කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (29) අභාපවප්රාප්ත විය.
වෛද්‍ය වෘත්තියට අමතරව මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මගින් ජාතියේ සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ උදාර මෙහෙවරක යෙදසුණූ ඔහු බලවත් සේ රෝගීව සිටියදී පවා ග්‍රන්ථකරණයේ යෙදී ඇත.
විශේෂයෙන් ඔහු රෝගී වී සිටියදී පවා ‘වෙදෙක් වුනත් ලෙඩෙක් වුණොත්‘ නමින් මුහුණු පොතට ලිපි මාලාවක් ලියමින් තම රෝග තත්ත්වය හා ඊට මුහුණදෙන අන්දම පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කළේය.
මාවනැල්ල ගමගේ ආරෝග්‍යශාලාවේ සහ සරදියෙල් ගම්මානයේ නිර්මාර්තෘ වු වෛද්‍ය ගමගේ මහතා වෛද්‍ය මානෙල් දිසානයක මහත්මියගේ ස්වාමිපුරුෂයා වේ. ඔහුගේ දියණියන් දෙදෙනාම වෛද්‍යවරියෝ වෙති.
අමාත්‍ය එස්බී දිසානායක මහතාගේ සහ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ජයලත් දිසානායක මහතාගේ ඥාති සොහොයුරා ද වේ.
අභාවප්‍රාප්ත ගමගේ මහතාගේ දේහය මාවනැල්ල බෙලිගම්මාන පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා (1) සවස 6 ට මාවනැල්ල ආදාහනාගාරයේ දී සිදු කෙරේ.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් මෙතුමාගේ ලිපි කියවලා තියනවා. සමාජයට ගොඩක් වටිනා කෙනෙක් නැති වුනේ .ඔබතුමාට නිවන්සුව !!!
මා මෙතුමාව දන්නේ නැහැ. නමුත් ඉතා වටිනා කෙනෙකු අපට නැති වුනාසේ හැඟේ
ජනතාව සුවපත් කිරීමට අනුපමේය සේවයක් කල වෛද්‍යවරයෙක්. ඔබතුමාට නිවන් සැප ලැබේවා .
බොහෝ දේ ලිවීමට ඇත. නිෂ්ඵලයි. ඔබතුමාට අමාමහ නිවන් සුව ලැබේවා අපේ පිනුත් ඔබතුමාට ලැබේවා!! බුදුසරණයි.
වෛද්‍ය ගමගේ සහ වෛද්‍ය ම. පෙරේරා යන දෙදෙනාම , අප ගාලු / රිච්මන්ඩ් විද්‍යාලය ඉගැණීම ලැබූ අයවීමි, Dr ගමගේ ශ්‍රීලංකාවට ඉමහත් වෛද්‍ය සේවයක් ලබාදුන් වෙදදුරෙකි, ඔහුට නිවන් සුවපතමි.
ඔබට නිවන්සුව ලැබේවා වෛද්‍ය තුමනි
ඔබට නිවන් සැප ලැබේවා. මාවනැල්ල මුළු ජනතාවටම විශාල පාඩුවක්. මනුස්සකමෙන් පිරි හොඳ ආදර්ශමත් වෛද්‍යවරයෙක්.
මා තීරණය කරන යහපත් මිනිසෙකි. දක්ශ වෛද්‍යවරයෙකි.
ජීවත් වෙන්න ඕනෙ ජීවකයො නැතිවෙනවා. හරිම අසාධාරණ ලෝකයක්. ඔබට නිවන්සුව පතමි
මොනතරම් රෝගාතුර වුනත් අවසානය තෙක්ම නිදහස් චින්තනය අත්හැරියේ නැහැ. ඔබට අපේ උත්තමාචාරය.
ඔබට නිවන් සුව!
මේ ජීවිතය මොන වගේ දෙයක්ද කියලා හිතාගන්නවත් බැහැ. දවල් අපිත් එක්ක කෑම එක ගත්තු කෙනා හවස අනතුරකින් මිය යනවා, එක්කෝ අවුරුදු ගානක් වෙහෙසිලා ඉගෙනීමෙන් ඉදිරියට ගොස් විශ්වවිද්‍යාලයේ අවසාන වසරේදී හදිසියේ මිය යනවා. මේ ජීවිතය හුළගේ පාවෙන පිහාටුවක් වගෙයි. කොහේ ගිහින් කොහේ නතරවෙයිද අපි කව්රුවත් දන්නේ නැහැ. අද මෙහෙම අදහස් දාන මමත් හෙට වෙනකොට මිය යන්න පුළුවන්. කවුද දන්නේ.. මෙතුමා පෙර ආත්මයකදී කියපු කරපු පව් මේ අත්මෙදීම ගෙවා ඇති නිසා සුගතෝත්පත්තියක්ම ලැබේවා...!!! මේ වෙනකොටත් මෙතුමා යහපත් තැනක ජන්මලාභය ලබා ඇති.
ඉමිහිරි සුවදැති මල් ඇයි මෙතරම් අකලට පරවන්නේ? මෙවැනි වටිනා මිනිසුන් ඉක්මනින් සමු ගැනීම ඉතා කණගාටුදායකයි.
අතිශය ආදර්ශමත් වෛද්‍යවරයෙක්.. සොදුරු මිනිසෙක්ගේ නික්ම යාම..
එතුමන් වෛද්‍යවරයකුට වඩා දෙවි කෙනෙක්. රටට අවශ්‍ය උතුම් පුද්ගලයෙක් නමුත් එතුමන් මෙවන් අසනීප තත්වයකට පත්වීම රටේ අවාසනාවකි. ඔබට නිවන් සුවය පතමු...
වෙදදුරාණෙනි ඔබකළ මෙහෙවර මහමෙරක් වැනියි. ඔබ වැනි ශ්‍රේෂ්ඨයන්ගේ වගතුග රටට හෙළිවන්නේ ඉතා මද වශයෙනි. නමුත් කිසිම වැදගත්කමක් නැති පාතාලයන් මිනීමරුවන් දූෂකයන් හොරුන් වගේම මොවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ විස්තර පවා මහා ඉහලින් පුවත් පත්වල නම් පලවෙනවා. ඒවා රස කර කර වැළඳ ගන්නා සමාජයකුත් බිහිවෙලා තිබෙනවා. රටට වැඩදායක පුද්ගලයෙකුගේ සේවය ලබාගන්න තරම් කැමැත්තක් ඇත්තෙම නැහැ. මා ඔබතුමාට නිවන්සුව පතමි.
රටක් වටිනා නිහතමානී රිච්මන් විදුහල් ආදී සිසුවෙක්, ඉතා වටිනා කළාකරුවෙක්, උසස් ගනයේ චිත්‍ර ශිල්පියෙක්, අති දක්ෂ වෙදැදුරෙක්.
සමාජ සේවාවන් නොපිරිහෙළා ඉටුකළ මුද්‍රිත සහා විද්‍යුත් මාධ්‍ය වලින් තම දැනුම ලාංකික අපට ලබාදුන් විශේෂඥ වෛද්‍යවරයාණන්ට නිවන් සැප ලැබේවා
සමාජය තුල වෛද්‍ය නායකයෙකු ලෙස පෙනුනත් ඔහු ඉතා නිහතමානී වූත් සැමටම ලංවීමට හැකිවූත් පරාර්ථකාමී පුද්ගලයෙකු විය. ඔබට නිවන්සුව පතමි.
මෙතුමා පිලිකාව වැනි සුවකල නොහැකි රෝග සඳහා අද කරනු ලබන බටහිර නොවන විවිධ ප්‍රතිකාර ක්‍රම වලින් සුව කල නොහැකි බව සමාජයට පෙන්වාදෙන ලදී. එසේම ජනවාර්ගික සමගියට අමිල සේවයක් කලේය. සමාජයේ මුල් බැසගෙන ඇති විවිධ මිත්‍යා දුරලීය. එතුමා ගේ ගම ගාල්ලේ මාපලගම බව මෙහි සඳහන් කරමු.
ශ්‍රී සද්ධර්මය දේශනා අනුව කර්මජ රෝග ගණයට අයත්, පිළිකා , අංශභාගය, පොතුකබර ආදී බොහෝ රෝග, වලට භෞතික ප්‍රතිකාර පමණක් උචිත නොවෙයි, ඒ සදහා පෙර භව සංසාරේ කළ පව්, වලට මෙම ජිවිතයේ දී, පිං නැති අදෘශ්‍යමාන බලවේගයක් අවශ්‍ය වේ ඒ පිළිබඳ "" ලෝන සුත්‍ර "" දේශනා තුළින් අවබෝධ කර ගත හැකිය තෙරුවන් සරණයි දෙවි පිහිටයි
අපේ රටේ සෞඛ්‍ය අධ්‍යාපනය තියෙන්නේ හරිම පහල මට්ටමක. මෙතුමා ඒක දියුණු කරන්න ලොකු වැඩ කොටසක් කලා. නිදහස් සෞඛ්‍ය කියන්නේ ලෙඩක් හැදුනු ගමන් ඉස්පිරිතාලෙට යන ඒකවත් බෙහෙත් නිකම් දෙනෙක්වත්ම නෙවේ. කල්තියා ලෙඩ හඳුනා ගන්න පරීක්ෂණ, මාස 6 කදී වරක්වත් රුධිර පරීක්ෂණ , රුධිර සීනි සහ කොලොස්ටරෝල් පරීක්ෂණ,අවරුදු 18 -70 අතර කාන්තාවන්ගේ පියුරු සහ ගර්භාශයේ පිලිකා හඳුනගැනීමේ පරීක්ෂණ,අවරුදු 40 වැඩි අයගේ ඇස් පෙනීම, දියවැඩියා රෝගීන්ගේ ඇස්වල ග්ලුකෝමා හානි, ඇස් එතුලේ චායාරුප පරීක්ෂණ වගේ දේවල් අනිවාර්යයෙන් කිරීමට ක්‍රම හදන්න ඕනේ. මේවා අනෙක් රටවල සාමන්යයේන් කරන දේවල්.
තව බොහෝ කාලයක් අප අතර ඉන්න ඕන ඔබතුමා අපව හැර ගියා. ලෙඩ,රෝග පිළිබඳව ඔබතුම අපව මොනතරම් දෙනුවත් කලාද? ඔබතුමාගේ වියෝව හරිම දුකක්. යලි අප අතරම ඉපදේවා අමා මහා නිවන් සුව අත්වේවා!
කර්මජ රෝග නිට්ටාවටම සුව කිරීමට පෙර භව සංසාරේ කළ පව් වලට,පිං සමග කුසල් වැඩෙන දේවල්, භෞතික ප්‍රතිකාර වගේම, සමහර විට ඊටත් වඩා ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුය තෙරුවන් සරණයි දෙවි පිහිටයි
එතුමාගේ ලිපිවලින් මම ශරීර සෞඛ්‍යය ගැන බොහෝ දේ දැන ගතිමි. මේ උතුම් පුද්ගලයාගේ අකල් අභාවය ජාතියේ අවාසනාවකි. නිවන්සුව පතමි!
සසර තුල යළි මෙබඳු ව්‍යාධීන් ඔබට නොවේවා! ඔබ තුමාට සසර දුකින් මිදෙන්නට, ඔබතුමා කළ සියලු කුසල් උපනිශ්‍රය වේවා! අප කළ සියලු කුසල් අනුමෝදන් වේවා!
සමහරු කියන කතාවක් තමයි ඔය පිළිකාවක් කපා ඉවත් කරන එක තව පැත්තකින් අවදානම් වෙනවා කියන එක. මොකද කපද්දී සෛල දහස් ගණනක් කෙසේ හෝ රුධිර පද්දතියට ඇතුල් වෙන අතර ඒවා වෙනත් නිරෝගී පටක වලටත් බෝවී යන නිසා. ඒ නිසා පිළිකාවට ඔය තෙරපි කිරීම ඉතා අවදානම් කියලත් කියනවා.මේකට තියෙනවලු එක්තරා වතුර විශේෂයක්. ඒ වතුර තමයි ph අගය 9.5 වන ඉතා පිරිසිඳු kangan water කියන වතුර. විශේෂ පෙරනයකින් ඒවා හදන්නේ. ඒ වතුර දිගටම බිව්වහම පිළිකා සෛල තිබුනත් සිරුරෙන් ඒවා ක්‍රමයෙන් විනාස වෙලා යනවලු.ජපානයේ සාමාන්‍ය මිනිස්සුත් එසේ කරනවලු. ලංකාවෙත් ඉතා ප්‍රසිද්ධ විශේසඥ වෛද්‍ය වරු , දෙසපාලඥයන්, කීප දෙනෙක් ළඟ මෙම වතුර හදන පෙරනයන් තියෙනවලු. ඒ අය මෙම වතුර පානය කරනවලු. මේ ගැන ඇත්ත නැත්ත ටිකක් හොයල බලන එක හොඳයි.
කුමක් ලියන්න දැයි නොහැගේ... දිනෙන් දින විපරිත වන මේ සමාජයේ වටිනා මිනිසුන් ඇයි මෙතරම් ඉක්මනින් සමුගෙන යන්නේ.?
මෙතුමා මේ රටේ හිටපු උත්තම ගනයේ විද්‍යා සන්නිවේදක වෙදැදුරු පුරුකේ අන්තිම පුරුක ද මන්දා මීට කලින් මහාචාර්ය කෝදාගොඩ , වෛද්‍ය ජයලත් ජයවර්දන වගේ අපූරු සන්නිවේදකයෝ කලින්ම යන්න ගියා .අපේ අවාසනාවට මෙතුමා අහිමිඋනත් මෙතුමා කලසේවය , විශ්ෂයෙන් වෛද්‍ය සංනිවේදනයේදී අමරණීයයි.
මෙතරම් හොඳ මනුස්සයෙක්ට මේ අපලය ආවේ මස්සිනා කරපු නරක දේවල් වලින් දසම බාගයක් වත් මේ පැත්තට හැරුනාවත්ද ඔබ තුමාට නිවන් සුව ප්‍රර්ථනා කරමි
නැගුණි දෑසට කඳුලක් දුක්මුසු පුවත දැකීමෙන්. ඔබතුමා තවත් කාලයක් ජීවත් වුනානම් කොපමණ අගනේද? ඔබතුමාට නිවන් සුව!!!