රත්නපුරේ අනතුරකින් 3ක් මරුට රත්නපුර බටුගෙදර ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් තිදෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි 01 September 2017
මැණික් ශීල්පීන්ටත් රක්ෂණාවරණයක් දේශීය මැණික් කර්මාන්තය වෙනුවෙන් තම ජීවිතය කැප කරන පතල් කැනීම් ශිල්පීන් සහ මැණික් නිර්මාණ ශිල්පීන් සඳහා විශේෂ ජීවිත රක්ෂණාවරණයක් සහ විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබා දීමේ වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අද (31) පැවැත්විණ. 31 August 2017
රා මදින්නෙක් පොලිසියෙන් වන්දි ඉල්ලයි කිතුල්ගල පොලීසිය විසින් තමන් නීතිවිරෝධී අන්දමින් අත්අඩංගුවට ගෙන වදහිංසා පැමිණවීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව කියමින් ඉන් සිදු වූ හානියට රුපියල් ලක්ෂ 50ක වන්දි මුදලක් ඉල්ලා නීත්‍යානුකූල ලෙස රා මැදීමේ නිරත පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (31) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 31 August 2017
‘ලංකාව තුළ විදෙස් හමුදා කඳවුරු හදන්නේ නෑ‘ ශ්‍රී ලංකාව තුළ කිසිදු විදෙස් හමුදා කඳවුරක් ස්ථාපිත නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 31 August 2017
දෙසැම්බර් මුල ඡන්දයකට විභාග කොමසාරිස් විරුද්ධ වෙයි පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් මස මුලදී පැවැත්වීමෙන් සාමාන්‍ය පෙළ විභාගයට බාධා ඇතිවිය හැකි හෙයින් ඊට විරෝධය දක්වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා මැතිවරණ කොමිසමට දන්වා තිබේ. 31 August 2017
හෙට නිවාඩු දිනයක් වෙයි හජ් උත්සවය අනිද්දා (02) පැවැත්වූවද ඊට අදාළ නිවාඩුව අද හෙට(01) ලබාදෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි. 31 August 2017
“රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණවලට යවන්න මම ඉඩ දෙන්නෑ“ මේ රට ආරක්ෂා කළ කිසිම රණවිරුවකු ජාත්‍යන්තර අධිකරණවලට යැවීමට තමා කිසිදු ඉඩක් නොදෙන බව අධිකරණ හා විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරාල මහත්මිය පවසයි. 31 August 2017
දත්ත විකෘති කිරීම ගැන නීතිමය පියවර ගන්න දත්ත මකා දමා විකෘති කරන ලද සංයුක්ත තැටි කොමිසමට බාරදීම සම්බන්ධයෙන් සුදුසු නීතීමය පියවර ගන්නා ලෙස බැඳුම්කර කොමිසම නීතීපතිවරයාට අද (31) නියම කළේය. 31 August 2017
සුමන්තිරන් පෙත්සම අස් කරගනී උතුරු හා නැගෙනහිර ප්‍රදේශයේ පෙරසවි වානේ නිවාස 65,000 ක් සෑදීමේ ව්‍යපෘති අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (31) ඉල්ලා අස් කර ගන්නා ලදී. 31 August 2017
ගොවියකුගෙන් අල්ලස් ගත් ක්ෂේත්‍ර සහකරුට සිර දඬුවම් ගොවියකුගෙන් රුපියල් 10,000/-ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු වන ක්ෂේත්‍ර සහකාරවරයකුට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (31) නියෝග කළේය. 31 August 2017
ශිෂ්‍ය හිමිවරුන්ටත් රක්ෂණාවරණයක් පිරිවෙන්වල ඉගෙනුම ලබන සියලු ම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ ගිහි සිසුන්ට ද රුපියල් ලක්ෂ දෙකක් වටිනා රක්ෂණාවරණය ලැබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 31 August 2017
පළාත් පාලන සංශෝධන පනතට කථානායක අත්සන් කරයි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධනය ) පනත් කෙටුම්පතට අද (31) කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අත්සන් තැබීය. 31 August 2017
ශ්‍රීලනීප සම්මේලනයේ මහින්දටත් අසුනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන් සඳහා කැම්බල් පිටියේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී අසුන් වෙන්කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. 31 August 2017
ඇන්.ඇම් ගුණ සමරුව කොළඹදී දිවංගත ආචාර්ය ඇන් .ඇම් .පෙරේරා මහතා ගේ 38 වැනි ගුණ සැමරුම අද( 31) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධනතත්වයෙන් කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්විණි. 31 August 2017
මුම්බායිහි ගොඩනැගිල්ලක් කඩා වැටී 11 ක් මරුට ඉන්දියාවේ මුම්බායි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 11දෙනක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 31 August 2017
‘යුද අපරාධ චෝදනාවලට රජය වහා ප්‍රතිචාර දැක්විය යුතුයි‘ - සරත් වීරසේකර හිටපු යුද්ධ හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතාට එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලට ජනාධිපතිවරයා ප්රමුඛ රජය වහාම ජාත්‍යන්තරයට ප්‍රතිචාර දැක්විය යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද(31) පැවසීය. 31 August 2017
කම්කරු අමාත්‍යංශයේ අතිකාල දීමනා කප්පාදුව අත්හිටුවයි කම්කරු,වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන්ගේ අතිකාල හා ගමන් වියදම් 50 %කින් කපා හැරීමට අමාත්‍යංශ පරිපාලනය ගෙන ඇති තීන්දුව වහාම අත්හිටුවා පෙර පරිදි ගෙවීම් සිදු කරන ලෙස කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ සෙනෙවිරත්න මහතා අමාත්‍යංශ ලේකම්වරයාට අද (31) උපදෙස් දී ඇත. 31 August 2017
සීඅයිඩි අධ්යක්ෂ ගැන තීරණය අදත් නෑ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ධුරයට පත් කරන්නේ කවුරුන්දැයි පිළිබඳ අද (31) දිනයේ තීරණයක් නොගත් බව පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා පවසයි. 31 August 2017
බස්නාහිර ආණ්ඩුකාර ලේකම්ගේ නිල රථය ගිනිගනී බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් පී සෝමසිරි මහතාට අයත් නිල රථය හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඒ මහතාගේ නිවස ඉදිරිපිටදී අද(31) උදෑසන ගිනි ගෙන විනාශ වී ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි. 31 August 2017
හිඟ බදු ගෙවන්න සහන කාලයක් සුඛෝපභෝගී අර්ධ සුඛෝපභෝගී හා අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්යය සඳහා ගෙවිය යුතු බදු මුදල් නිසි පරිදි ගෙවීම සිදු කර නොමැති පාර්ශව වෙත එම හිඟි බදු මුදල් ගෙවීම සඳහා හෙට (1) සිට නොවැම්බර් 30 වැනි දා දක්වා මාස තුනක සහන කාලයක් ලබාදීමට ඇමැති මණ්ඩලය තීරණය කර තිබේ. 31 August 2017
හෙරොයින් සමඟ කතක් පුත්තලමෙන් අත්අඩංගුවට පුත්තලම සිමෙන්ති කම්හල ආසන්නයේ හෙරෝයින් මත් කුඩු පැකට් අලෙවියේ යෙදුණු කාන්තාවක් (60) අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසීය කියයි. 31 August 2017
හොරට විභාගය ලියු සිසුවා 4 වැනි දා විභාගය ලියන්න ඉල්ලයි තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේ චෝදනාවට රිමාන්ඩ් බාරයේ පසුවන සිසුවාට සඳුදා (4) පැවැත්වෙන විභාගය සඳහා ඉදිරිපත් විමට ඉඩ සලසන ලෙස ඉල්ලමින් අද (31) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ දී මෝසමක් ගොනු කරනු ලැබීය. 31 August 2017
රයන් යළි රිමාන්ඩ් සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුලූ වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටි වෛද්‍යපීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 13 වැනි දින දක්වා යළි රිමාන්ඩ් කිරිමට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් දුලානි එස් වීරතුංග මහත්මිය අද (31) නියෝග කළාය. 31 August 2017
ඉන්දීය ධීවරයෝ හතරක් බේරා ගැනෙති අනතුරකට ලක්ව උතුරු මුහුදේ ගිලෙමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනකු අද (31) බේරා ගත් බව නාවික හමුදාව පවසයි. 31 August 2017
බ්‍රිගේඩියර් දේශප්‍රියට ඇප නියම වෙයි පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තැබූ හමුදා කණ්ඩායම බාරව සිටි යුද හමුදා බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන සහ යුද හමුදා සැරයන් ලලිත් ග්‍රේ යන දෙදෙනාට ඇප නියම කිරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (31) නියෝග කළේය. 31 August 2017
දරුවකුට පහර දුන්නැයි පොලිසියට චෝදනා ගවයින් බලාගැනීමට ගොස් සිටි වවුනියාව , පේආඩිකුලම ප්‍රදේශයේ පිරිමි දරුවකුට (14) ඕමන්ත පොලිස් නිලධාරීන් පිරිසක් විසින් බදාදා (30) පහර දෙනු ලැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පේආඩිකුලම ප්‍රදේශවාසීහු පවසති. 31 August 2017
අග්නිදිග ඉංජිනේරු-තාක්ෂණ පීඨ වසා දැමේ අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය සහ තාක්ෂණ පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගත් බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.එම්.එම්.නාජිම් මහතා ලංකාදීපයට පැවසීය. පෞද්ගලික ආරවුලක් දුරදිග යාම මත ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් මත මෙම තීරණය ගත් බවද නාජිම් මහතා කියයි. 31 August 2017
තලතා - ගාමිණී වැඩ බාරගනිති නව අධිකරණ ඇමැතීනි තලතා අතුකෝරල මහත්මිය අද (31) පෙරවරුවේ යෙදුණූ සුභ මොහොතින් මහා සංඝ රත්නයේ ආශීර්වාද ඇතිව කොළඹ අළුත් කඩේ අධිකරණ අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තාය. 31 August 2017
සමෘද්ධි උද්ඝෝෂණයෙන් පාර්ලිමේන්තු පාර වැසෙයි සමෘද්ධි කප්පාදුවට එරෙහිව සමෘද්ධි නිලධාරීහු අද(31) පාර්ලිමේන්තු පාරේ විරෝධතාවයක් ආරම්භ කළ අතර මේ හේතුවෙන් එම මාර්ගය වසා දැමීමට පොලිසිය කටයුතු කර ඇත. 31 August 2017
පුංචි ඡන්දය යළිත් කල් යයි නව මැතිවරණ ක්‍රමයට අනුව පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම පැවැත්වීමේ බාධා ඉවත් කිරීම සඳහා මහ නගර සභා ආඥාපනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනත යන පනත් තුන සංශෝධනය කිරීමට පළාත් සභා සහ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 31 August 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026