පර්පචුවල් ට්රෙෂරීස්හී පරිගණකයක් සීඅයිඩිය බාරයට පර්පචුවල් ටේරෂරීස් සමාගමෙන් ලබා ගත් හා එම සමාගමට ලැබුණු දුරකථන ඇමතුම් පටිගත වු පරිගණකය බැඳුම්කර කොමිසමේ කටයුතු විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන්ගේ බාරයට ගෙන ඇතැයි අද (29) කොමිසම හමුවේ අනාවරණය විය. 29 August 2017
පිටවල පතනේ පැරණි ගස් කපති නකල්ස් කඳු පංතියට අයත් පිටවල පතන ප්‍රදේශයේ ඉපැරණි ස්වභාවික ගස් කිසියම් පිරිසක් විසින් අද (29) විනාශ කරනු ලැබ ඇතැයි මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය නොවන පාරිසරික එකමුතුව කියයි. 29 August 2017
රටේ ආදායම ඉහළ දැමූ එකම ආණ්ඩුව මෙයයි බඩු මිල අඩු කරමින් වැටුප් වැඩි කරමින් රටේ ජනතාවගේ ආදායම ඉහළ දැමු එකම ආණ්ඩුව වන්නේ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 29 August 2017
රාජගිරිය ගුවන් පාලමේ තාක්ෂණය ඉතා ඉහළයි රාජගිරිය ගුවන් පාලම ඉතා ඉහළ නවීණ තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුකූලව නිසියාකාරව ඉදිකෙරෙන බවත් එය අවුරුදු 100 කට වඩා කාලයක් ජනතාවට ප්‍රයෝජනයට ගත හැකි වන බවට තමන්ට වගකීමක් දිය හැකි බවත්ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු නිහාල් සූරියආරච්චි මහතා පවසයි. 29 August 2017
නොටල්පිටිය ප්‍රා.සභා විපක්ෂනායකට ඇප ඉඩමක පිඹුරුපත අනුමත කර ගැනීම සදහා අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ලබාගත් බව කියන සිද්ධියකට අදාළව දින 14ක් රක්ෂිත බාරයේ සිටි තංගල්ල නොටෙල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (29) නියෝග කළේය. 29 August 2017
ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය, රංජිත් මදුරසිංහ, රුමේෂ් කලුවිතාරන, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන සාමාජිකයින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. 29 August 2017
අල්ලස් ගත් පානදුර මහානාමයේ විදුහල්පතිනියට සිර දඬුවම් පාසලක හයවැනි වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලීමේ චෝදනාවට වැරදිකරුවු පානදුර මහානාම විදුහලේ විදුහල්පතිනියට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා බරපතල වැඩ සහිත වසර 8ක සිරදඬුවමක් අද(29) නියම කළේය. 29 August 2017
කැබිනට් රැස්වීමේදී අර්ජුන - දයාසිරි ගැටෙති ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ඛණිජ තෙල් කර්මාන්ත ඇමති අර්ජුන රණතුංග යන මහත්වරුන් අතර අද (29) උදේ පැවති කැබිනට් රැස්වීමේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ. 29 August 2017
විස්සට එරෙහි සියලු පෙත්සම් 6 වැනිදා සළකා බැලේ සියලූම පළාත් සභා වලට මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම එකම දිනයක පැවැත්වීම වෙනුවෙන් සිදු කරන පළාත් සභා ඡන්ද විමසීම (සංශෝධන) පනත් කෙටුම්පත හෙවත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති සියලූම පෙත්සම් ලබන 6 වැනි දා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීරණය කළේය. 29 August 2017
ලිප්ටන් සීට්හිදී බඹර ප්‍රහාරයෙන් 25ක් රෝහලේ හපුතලේ ලිප්ටන්ෂීට් දඹේතැන්න හා මහකන්දවත්ත ප්‍රදේශයේ දී අද(29) සංචාරකයින් පිරිසක් හා වතු කම්කරුවන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්වූහ. 29 August 2017
ශ්‍රීලනීප සභාපති නඩුවේ ලිඛිත දේශන 04 දා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සලකමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ල පවත්වාගෙන යා නොහැකි බවට ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිබඳ ලිඛිත දේශන ලබන 04 වැනිදා ගොනු කරන්නැයි කොළඹ දිසා අධිකරණය වගඋත්තරකාර එම පක්ෂයේ මහලේකම්වරයාට අද (29) නියෝග කළේය. 29 August 2017
පුංචි ඡන්ද පනතට කතානායක අත්සන 31 දා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට බ්‍රහස්පතින්දා (31) කතානායක කරු ජයසුරිය මහතාගේ අත්සන යොදන බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග කියයි. 29 August 2017
නව බදු පනතට එරෙහිව ජනතාව දැනුම්වත් කෙරේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව බදු පනත මගින් මහජනතාව පීඩාවට ලක් වෙන බැවින් වහාම එය හකුලා ගන්නා ලෙස බල කරමින් හා එම පනත පිළිබඳ ජනතාව දැනුම්වත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද(29) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදීය. 29 August 2017
මාලබේ-පිටකොටුව බස් මංතීරු ක්‍රමය අද සිට මෙරට වැඩිම රථවාහන තදබදයක් පවතින මාර්ගයක් වන මාලබේ සිට පිටකොටුව දක්වා වූ මාර්ගයේ බස් මංතීරු ක්‍රමවේදය අද (29) සිට ක්‍රියාත්මක කෙරේ. 29 August 2017
20 දකුණෙන් විසි වෙයි-සභාව උණුසුම් වෙයි පළාත් සභා ඡන්ද නවයම එකම දිනක පැවැත්වීමට ගෙන එන 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දකුණු පළාත් සභාවේදී අද (29) පරාජයට පත්විය. 29 August 2017
අධි තාක්ෂණික ස්කෑනර් යන්ත්‍රයක් වවුනියාවෙන් හමු වෙයි පොළව යට පවතින ලෝහ වර්ග සෙවීම සඳහා භාවිතා කරන ජර්මනියේ නිෂ්පාදිත අධි තාක්ෂණික ස්කෑනර් යන්ත්‍රයක් වවුනියාව ඖෂධපිටිය ප්‍රදේශයේදී සඳුදා (28) රාත්රියේදී අත්අඩංගුවට ගත් බව ඊරට්ට පෙරියකුලම් පොලිසිය පවසයි. මෙසේ හමු වූ ස්කෑන් යන්ත්‍රයට සමාන යන්ත්‍ර කිහිපයක් පසුගිය කාලයේ උතුරේ ස්ථාන කිහිපයකින් සොයාගෙන 29 August 2017
අධිවේගයේදී හමුදා රියක් ගිනිගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේදී අද(29) උදෑසන යුද හමුදාවට අයත් ජීප් රථයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන පොලිසිය පවසයි. 29 August 2017
මරදානේ වෙඩි තැබීමක්-තුනක් රෝහලේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මරදාන ජයන්ත වීරසේකර මාවතේදී සිදු කළ වෙඩි තැබීමකින් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 29 August 2017
අතුරුදන්වූවන්ට යුක්තිය ඉල්ලයි ආරක්ෂක හමුදාවන්ට බාරවීමෙන් හා පැහැරගැනීම්වලින් අතුරුදහන් වූවන්ට සිදුවූයේ කුමක්ද යන්න දැනගත යුතු බවත් ඒවාට සම්බන්ධ පිරිස් නීතිය ඉදිරියට පමුණවා අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටුකරලිය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි. 29 August 2017
ඌවේ හිටපු අමාත්‍ය කිත්සිරි සෙනරත් කළුරිය කරයි වත්මන් ඌව පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී හා හිටපු අමාත්‍ය අධිනීතීඥ කිත්සිරි සෙනරත් අත්තනායක මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (29) හදිසියේ අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 51 වන වියේ පසුවිය. 29 August 2017
ඒකාබද්ධයේ රැස්වීමක පිළිගැනීමේ කතාව කළ හිටපු මන්ත්‍රී මියයයි උඩවළවේ දී පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක පිළිගැනීමේ කතාව කළ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වසන්ත ගමගේ මහතා සිය කතාව කතාව අවසන් කර සුළු වේලාවකට පසු ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් නිසා මිය ගියේය. 29 August 2017
කුරුදුගහහැතැක්මේ තැපැල් කාර්යාලයක ගින්නක් - ස්ථානාධිපති මරුට කරන්දෙණිය කුරුදුගහහැතැක්ම තැපැල් කාර්යාලයේ ඇති වු ගින්නකින් එහි උප තැපැල් ස්ථානාධිපතිනි කාංචන මාලා සිල්වා මහත්මිය පිළිස්සී මිය ගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 29 August 2017
ආණමඩුවේ නිදන් හැරූ 6 ක් අත්අඩංගුවට ආණමඩුව - පුලියන්කුලම වැව් ඉස්මත්තේ නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ බව කියන හය දෙනෙක් අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලීසිය පවසයි. 29 August 2017
පර්පෙචුවල් ප්‍රධාන විධායකට බැඳුම්කර කොමිසමෙන් අවවාද අහන ප්‍රශ්න වලදී මඟහරින උත්තර නොදී කෙළින් උත්තර දෙන ලෙස පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේනට බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා කොමිසමේ සාක්කි විමසන අතරතුර අවස්ථා දෙකකදීම අවවාද කළේය. 28 August 2017
පළාත් පාලන කෙටුම්පතට කථානායක අත්සන 15ට පෙර පාර්ලිමේන්තුවේ දී ඉකුත් 25වැනිදා සම්මත කෙරුණු පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පතට සැප්තැම්බර් 15වැනිදාට පෙර කතානායකවරයාගේ අත්සන තබන බව කතානායක කාර්යාලය පවසයි. 28 August 2017
උතුරේ ඒඑස්පී කෙනකුගෙන් ස්ථානාධිපතිට බලපෑම් පොලිසියට බලපෑම් එල්ල කරමින් නීති විරෝධී ක්‍රියාවන් සඳහා අනුබල දෙන පුද්ගලයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නා ලෙසට උතුරේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු කරන ලදැයි කියන බලපෑමක් මත ඔහු සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු අතර ගැටම්කාරී තත්වයක් හටගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. 28 August 2017
20ට එරෙහිව තවත් පෙත්සම් පහක් පළාත් සභා ඡන්ද විමසීම එකම දිනයක පැවැත්වීම වෙනුවෙන් සිදු කරන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට පටහැනි බැවින් විශේෂ අර්ථ නිරූපණයක් ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තවත් පෙත්සම් පහක් අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරිණි. 28 August 2017
විභාග වංචා ගැන සොයන්න විශේෂඥ කමිටුවක් නවීන තාක්ෂණ උපකරණ භාවිතා කර සිදු කරන විභාග වංචා වැළැක්වීමට ගත යුතු පියවර නිර්දේශ කිරිම සඳහා විශේෂඥ කමිටුවක් පත්කරන්නැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල්වරයාට අද (28) උපදෙස් ලබා දුන්නේය. 28 August 2017
ව්‍යවස්ථා කෙටුම්පත ගැන සබරගමු සබේ ඡන්දය කල්යයි සියලු පළාත් සභාවල ඡන්දය එකම දිනයකදී පැවත්විය යුතු බවට තීරණය කෙරෙන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සබරගමු පළාත් සභාවේ විවාදය සහ ඡන්ද විමසීම කල්තැබිණි. 28 August 2017
නාවික හමුදාපති ආරක්ෂක රාජ්‍ය ඇමැති හමුවෙයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පළමු වරට නිළ වශයෙන් අද හමුවිය. 28 August 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026