මොහොමඩ් ආසික්
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ රතිඤ්ඤාවල උග්‍ර හිඟයක් ඇති වන බවත් මිළෙහි ඉහළ යාමක් සිදු වන බවත් රතිඤ්ඤා නිෂ්පාදකයෝ අනතුරු අඟවති.
ගිනි කෙළි නිෂ්පාදනයට අවශ්‍ය රසායන ද්‍රව්‍ය රජයේ සමාගමක් මගින් ආනයනය කර බෙදා හරින නමුත් මෙවර ගෙන්වා ඇති වෙඩි ලුණු ප්‍රමිතියෙන් බාල වීම නිසා කර්මාතවලින් සියයට අනූවක්ම වසා දැමීමට සිදු වූ බවත් දහස් ගණනකයේ රැකියා අහිමි වී ඇති බවත් ශ්‍රී ලංකා ගිනි කෙළි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සේන දයානන්ද මහතා පැවසීය.
මෙලෙස ආනයනය කර ඇති බාල වෙඩි ලුණු පරීක්ෂා කිරීම සඳහා කර්මාන්ත ශාලාවලට ලබා දුන්නත් එම රසායන ද්‍රව්‍ය අනෙකුත් රසායන ද්‍රව්‍ය සමඟ මිශ්‍ර වීමේදී රත් වීම මෙම කර්මාන්තය තුල අනතුරුදායක බැවින් එම රසායන ද්‍රව්‍ය භාවිතා කිරීම නවත්වා දමා ඇති බව ද දයානන්ද මහතා කීය.
එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය සඳහා මෙවර රතිඤ්ඤාවල දැඩි හිඟයක් ඇති වන බවත් මිළෙහි වැඩි වීමක් ඇති වන බවත් දයානන්ද මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හරියට කතා කරන්නේ රතිඤ්ඤා අතවශ්‍ය භාණ්ඩයක් වගේ. අවුරුද්ද තියෙන්නේ ගිනි කෙළි, මත් පැන්, හෝ සාප්පු සවාරිවල නෙවෙයි. මිනිසුන්ගේ හිත්වල. ඔය මොනව වත් නැතුවත් ලංකාවේ මිනිස්සු අවුරුදු සැමරුවා කාටවත් කරදරයක් නොවී.
රතිඤ්ඤා පත්තු කිරීම මුදල් වලට ගිනි තැබීමක් වැනියි. මෙවැනි දේ අපි ක්‍රමයෙන් තුරන් කර ගත යුතුයි.
රතිඤ්ඤා වලට බයේ දුවලා අතරමං වෙන සුනඛයන්ට සුභ ආරංචියක්.
මේක නම් ඉතාමත්ම සුභ ආරංචියක් ! අලුත් අවුරුදු සමයේ ගිනි දෙවියාට පුදන රතිඤ්ඤා වලට වැය කරන මුදලින් කිරිබත්, කැවුම්, කොකිස් ටොන් කීයක් නිපදවන්න පුලුවන්ද කියා තීරණය කිරීමට මහ බැංකු ආර්ථික ලොක්කන්ට භාර දෙන්න. එසේ කැවුම්, කොකිස්, කිරිබත් හදා දුප්පත් පවුල්වල අයට බෙදා දුන්නොත් ඒ අයටත් "සුබ අලුත් අවුරුද්දක්" වෙනවා නොවේද ? රතිඤ්ඤා වලින් ඇතිවෙන අනතුරු වලට රජයේ රෝහල්වලින් රුපියල් ලක්ෂ කීයක බෙහෙත් දෙනවාද කියා රෝහල් ආරංචි මාර්ග වලින් අසමුද ? එවැනි අනතුරු වලින් ඇඟිලි, අත් එහෙමත් අහිමිවන අයටත් මෙය සුබ අලුත් අවුරුදු ආරංචියක් නොවේද ?