(එච්. චන්දන )
පුත්තලමට වර්ෂාව ලැබීමට සහ රටට දැයට සෙත් ශාන්තිය උදාවේවා අරමුණින් පුත්තලම බෞද්ධ මධ්‍යස්ථානයේ සමාධි බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට විශේෂ අශිර්වාද සම්බුද්ධ පුජාවක් පැවැත්විණි.
මෙම සමාධි බුද්ධ ප්‍රතිමාව ඉදිකර වසර හයක් ගතවීමත් මෙම පුජාවේ තවත් අරමුණක් වු මෙම විශේෂ ආශිර්වාද පුජාවට අටපිරිකර එකසිය පනහක් , මල් වට්ට් එකසිය පනහක් සමඟ පහන් 10000 දල්වා පුජා කිරීම සිදු කැරිණි.
විහාරාධිපති පූජ්‍ය මාගම ධම්මසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි , විහාරවාසී උඩබාදන කුසලධම්ම හිමියන් හා විරාස්ථ දායක සභාව මෙය සංවිධානය කර තිබිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගස් හිටවන්න කියල කියන්න කවුරුහරි මෙතන හිටියේ නැද්ද?
අපෝ ඇති දැන් එහෙනම් වහි.