(ඉන්දිකා රාමනායක)
නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා ඉන්දියාවේ ගෝවා නැවි තටාකාංගනයේ නිෂ්පාදනය කරන ලද දෙවැනි අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නීරීක්ෂණය නෞකාව අද (26) කොළඹ වරායට සේන්දුවිය.
මෙම නෞකාව නාවික හමුදාව වෙත නිළ වශයෙන් බෙදා දීමේ උත්සවය ඉකුත් 23 වැනි දින ඉන්දියාවේ ගෝවා නැවි තටාකාංගනයේ දී පැවැත් වු බව නාවික හමුදාව කියයි.
මෙම නෞකාවේ අණදෙණ නිලධාරී වශයෙන් කපිතාන් සමන් පෙරේරා මහතා කටයුතු කරන අතර එහි නිලධාරීන් 18 දෙනකු සමග නාවිකයින් 100 සමන්විත විය.
කොළඹ වරයාට පැමණි නෞකාව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඇතුලූ පිරිස නාවික හමුදා සම්ප්රදානුකූලව පිළිගත්හ.
මෙම නෞකාව නුදුරේදීම ජනාධිපතිවරයා අතින් අධිකාරියට පත්කිරීමට නියමිතයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවයී චීනෙනුයි ගන්නවා ඇරෙන්න වෙන විකල්පයක් නැද්ද අපිට මේ වගේ නැවක් හදා ගන්න බැරිද ?
ඉන්දියානු රහස් ඔත්තු සේවයට මේ නැව යන එන තැන් ඇතුළු සියල්ල මොනිටර් කරන්න පුළුවන්.
බෙහෙතකටවත් තුවක්කුවක් නැහැ නැවේ. නරකද අර ගිල්ලපු නැව තියාගෙන උපකරණ ටික සවිකරලා ගත්තනම්.
දැන් අපිට අඩු නැවුද ? පතෝල වැඩි උනහම ඔහොම තමයි.
සත්යපාල ඉතින් කොහොමත් මෝඩයිනේ. කුමාර් ගල්ෆ් නොදන්නා දේවල් කියවන්න එපා. ලෝකයේ තියෙන හැම නැවක්ම යන එන තැන දැනගන්න පුළුවන්. vessel tracker වලින් ඒ වගේම A .I .S උපකරණයෙන් අනිත් නෞකාවේ සියලුම දත්ත දැනගන්න පුළුවන්. මෝඩකම තිබුනට පෙන්වන්න එපා.