උදයංග වීරතුංගගේ පෙත්සම ඔක්තෝබර් 19 වැනි දා තමාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් ලබා ගැනීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමාගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ඔක්තෝබර් 19 වැනි දා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) තීන්දු කළේය. 28 August 2017
නිශ්ශංක සේනාධිපතිට සහ පාලිත ප්‍රනාන්දුට නොතීසි නාවික හමුදාව විසින් සිදු කළ මුහුදු ආරක්ෂක සේවාවක් පෞද්ගලික අංශයට පැවරීම සඳහා කුමන්ත්‍රණකාරීව රුපියල් ලක්ෂ 355ක අල්ලසක් හුවමාරූ කර ගන්නා ලද බවට චෝදනා ලැබ සිටින ඇවන්ඩ් ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති හා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති පාලිත ප්‍රනාන්දු මහත්වරුන්ට ලබන සැප්තැම්බර් 19 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා අද නියම කළේය. 28 August 2017
උතුරුමැද වෛද්‍ය වර්ජනය දැඩි කරන්න යයි උතුරු මැද පළාත් රෝහල්වල වෛද්‍යවරුන් අද(28) ආරම්භ කළ වැඩවර්ජනය ලබන බදාදා(30) සිට දැඩි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය. 28 August 2017
'තරග පරදීද්දී අපි ඉන්දියාවේ තත්ත්වයට පත්විය යුතු නෑ' - අර්ජුන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්රීඩාංගගනයේ දී පෙරේදා (27) සිදුවු අන්දමේ සිද්ධීන් ශ්‍රී ලංකාවේ සිදුවිය යුතු නැතැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය. 28 August 2017
තෙප්පමක් පෙරළී උසස් පෙළ සිසුහු 6 ක් මරුට යාපනයේ මණ්ඩතිව් දුපතේ දී අද (28) පස්වරුවේ බෝට්ටුවක් පෙරළීමෙන් අතුරුදන්ව සිටි සිසුන් 6 දෙනාගෙන් පස් දෙනෙකුගේ සිරුරු දැනට සොයා ගෙන ඇත. 28 August 2017
අමරදේව අසපුවට මුල්ගල තැබෙයි අචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් මෙරට සංගීත ක්ෂේත්රයට සිදු කරන ලද මෙහෙවරට කෘතවේදිත්වය දැක්වීම සඳහා ’’අමරදේව අසපුව’’ නමින් සංගීත ආශ්රමයක් පිහිටුවීමට මුල්ගල් තැබිමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදි සිදුකෙරිණි. 28 August 2017
රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයා රිමාන්ඩ් උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයකු බව කියන ජිනේන්ද්‍ර රණසිංහ මහතා අද නීතීඥ සුරංග ජයවර්ධන මහතා මාර්ගයෙන් උසාවියට බාර විය. 28 August 2017
ආරක්ෂක සම්මන්ත්‍රණය ජනපති සුරතින් විවෘත වෙයි ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කළ කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (28) ආරම්භ විය. 28 August 2017
ලබුගම - මහරගම ජල නලයක් පිපිරෙයි ලබුගම කළටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල සිට මහරගම දක්වා පානීය ජලය රැගෙන යන නල මාර්ගයක සිදු වූ පිපිරීමක් හේතුවෙන් අද (28) ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි. 28 August 2017
හිටපු මන්ත්‍රී සජින් වාස් එෆ්සීඅයීඩියට හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර සජින් වාස් ගුණවර්ධන මහතා ප්‍රකාශ ලබා දීමට අද (28) පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ ඇත. 28 August 2017
මොරටු නාගරික කොමසාරිස්ට විරෝධතා ගොනු කරන්න දින මොරටුව නාගරික කොමසාරිස්වරයාට එරෙහිව අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට දිනයක් ලබා දෙන්නැයි කළ ඉල්ලීමකට අනුව ඔක්තෝබර් 2 වැනි දා අධිකරණයේ පෙනී සිට විරෝධතා ගොනු කරන ලෙස මොරටුව අතිරේක දිසා විනිසුරු කනිෂ්ක විජේරත්න මහතා අද (28) නියෝග කළේය. 28 August 2017
ගාලු - මඩකලපු ලංගම බස් වලට ගල් ප්‍රහාර ගාල්ල,මඩකලපුව, පාසිකුඩා දක්වා පසුගිය 24 වැනි දා සිට ආරම්භ කළ මගී බස් රථවලට හම්බන්තොට , තණමල්විල සහ බුත්තල ප්‍රදේශ වලදී ගල් පහරවල් එල්ල කිරීම නිසා මගී ජීවිත අනතුරට පත්වී ඇතැයි එහි ගමන් ගන්නා මගීහු පවසති. 28 August 2017
රයන් ජයලත් යළි රිමාන්ඩ් සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙසට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් දුලානි එස් වීරතුංග මහත්මිය අද (28) නියෝග කළාය. 28 August 2017
දුරකථන සංවාද පටිගත කිරීම්වල අනුක්‍රමික අංක 4 ක් අතුරුදන් 2015 ජුනි 8 වන දින පර්පචුවල් ටේරෂරිස් සමාගමේ දුරකතන සංවාද පටිගත කිරීම්වල අනුක්‍රමික අංක (Serial Number) 4ක් අතුරුදන් වී ඇති බවත් ඊට හේතුව තමන් නොදන්නා බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පවුපල් ටේරෂරිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ කියා සිටියේය. 28 August 2017
සිගිරි බඹරු මට්ටු කරන්න බොකල වැල් කලාපයක් සීගිරිය නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයන්ට එල්ල වන බඹර ප්‍රහාර වලින් ආරක්ෂා කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල හා පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 28 August 2017
ව්‍යවස්ථා කෙටුම්පත ගැන බස්නාහිර සබේ ඡන්දය කල්යයි බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් කරන ලද 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ පනත් කෙටුම්පත පිළිබඳ ඡන්දය විමසීම ලබන 4වැනිදා තෙක් කල් තැබිණි. 28 August 2017
මුලතිව් වලට වැස්සත් වැව් හිදිලා පසුගිය දින කිහිපයයේ මුලතිව් දිස්ත්‍රීක්කයට වර්ෂාව ඇදහැලුණද ප්‍රදේශයේ පිහිටි වැව් වලට ජලය එකතු වන තරම් ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබීම නිසා ප්‍රධාන වැව් කිහිපයක් සිඳී යාමේ අවදානමක් පැවතීම හේතුවෙන් ගොවීන් හා ධීවරයින් ගැටලු රැසකට මුහුණ පා සිටිති. 28 August 2017
බස්නාහිර සබේ ගාලගෝට්ටියක් - සෙංකෝලයටත් හානි 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කෙටුම්පත අද(28) බස්නාහිර පළාත් සභාවේ විවාදයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඇතිවූ ගාලගෝට්ටියක් හේතුවෙන් සබාව අත්හිටවිණි. 28 August 2017
වැව් 19ක ප්‍රතිසංස්කරණ කටයුතු අත්හිටුවයි ගොවි සංවිධාන විසින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ගෙන ගිය වැව් 19 ක කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත. 28 August 2017
කිලිනොච්චියේ වෙළඳසලක් ගිනිගෙන කතකට පිළිස්සුම් තුවාල කිලිනොච්චිය වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි වෙළඳසලක ඊයේ (27) රාත්‍රියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එහි සිටි කාන්තාවක් පිළිස්සුම් තුවාල ලබා රෝහලගත කරනු ලැබ ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි. 28 August 2017
උමා ඔය ගැටලූ සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්රමයේ අක්‍රමිකතා හා ගැටලූ සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහතුන් දෙනකුගේ අස්සනින් කතානායක කරු ජයසූරිය මහතාට යෝජනාවක් බාර දී ඇත. 28 August 2017
කතරගම ගැටලුවට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මැදිහත්වෙයි කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා සහ කපුවා අතර ඇතිවී තිබෙන ගැටලුව විසඳීම සඳහාත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමටත් ඔවුන් අද(28) බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබ සිටිති. 28 August 2017
කැමරාව බොත්තමක - ස්විචය පාදයේ - ශ්‍රවණ උපකරණය කනේ උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවාට විභාගය අතරතුරදී තවත් ටියුෂන් ගුරුවරයකු ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයට ද පිළිතුරු ලබා දී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. 27 August 2017
ඉන්දියාව ජය හඹා යද්දී පිටියට බෝතල ප්‍රහාර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගය නිමා වීමට ඕවර කිහිපයක් තිබියදී නරඹන්නන්ගේ අසංවර හැසිරීම හේතුවෙන් තරගය අතර මග නතර කිරීමට සිදුවිය. 27 August 2017
රාජිතට එරෙහි විශ්වාස භංගයට ජවිපෙ සහය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ගෙනෙන විශ්වාසභංගය සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහය ලබාදෙන බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 27 August 2017
ශ්‍රීලනිප මන්ත්‍රීන් හයකගේ සාමාජිකත්වය අත්හිටුවන්න යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තිරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. 27 August 2017
කේ ඒ පියකරුට උපහාර ප්‍රවීන රංගන ශිල්පී කේ ඒ පියකරු මහතා රංග කලාවට කළ සේවය අගයමින් ශ්‍රී ලංකා සකල කලා සංසදය සංවිධනය කළ උපහාර උත්සවයක් අද මහජන පුස්තකාලයේදී පැවැත්විය. 27 August 2017
කල්පිටියේ දෙතිස් රියන් හිටි පිළිමය නිරාවරණය කරයි කල්පිටිය අර්ධද්විපයේ ඉදිකළ දෙතිස් රියන් උස හිටි බුද්ධ ප්‍රතිමාවහන්සේ නිරාවර්ණය කිරිම මහා සංඝරත්තයේ හා විශාල පිරිසගේ සහභාගිත්වයෙන් අද සිදු විය. 27 August 2017
පල්ලේකැලේට කැරලි මර්දන රථයකුත් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගය (27) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මේ වන විට ආරම්භ වී තිබේ. 27 August 2017
කොටුවේ හෝටලයක ගින්නක් කොළඹ කොටුව චැතැම් වීදියේ හෝටලයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. 27 August 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026