(ටී.කේ.ජී.කපිල )
චීනයේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගියකු අද (26) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.
මෙම මැණික් තොගයේ වටිනාකම රුපියල් දෙකෝටි එකොලොස් ලක්ෂ තිස් එක් දහස් දෙසිය විසි හතක් (2,11,31,227 ) ක් වේ. මොහු 39 හැවිරිදි චීන ජාතිකයෙකි.
සැකකරු රැගෙන ආ අත් බෑගයේ නිල් මැණික් , ආරනූල් , පද්මරාග සහ වෛරෝඩි යන වර්ග වලට අයත් මැණික් කැට 12 ක් , විශේෂිත ඇසුරුම් සහිත කුඩා පෙට්ටි වල බහා තැන්පත් කර තිබූ අතර , එම මැණික් වල මුළු බර කැරට් 68.87 ක් බව රේගුව සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ විවිධ වියාපාතිවල සේවය කරන්න ජපන් කොරියන් වැනි ජාතිකයන් දැන් වසර විස්සකට පමණ පෙර සිට පැමිණ ඇත.නමුත් ඔවුන් කිසිම දවසක නීති විරෝධි ක්‍රියාවන්හි නිරත වෙලා නැහැ.නමුත් චීන ජාතිකයන් ලංකාවට ආ දවසේ සිට විවිධ අපචාර හා නීති විරෝධී ක්‍රියාවන්හි නිරතවීම සුලබ කරුණක්වෙලා.මේ රටේ චීන තානාධිපති කාර්යාලයවත් මේ ගැන අවධානය යොමු නොකිරීම කණගාටුවට කරූණක්.