වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ,වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව , අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එක්ව සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට දී අද (26) පැවැත්විණි.
කොතලාවලට අනුබද්ධ කර සයිටම් ආයතනය පවත්වාගෙන යෑමේ කුමන්ත්‍රණය නවත්වන ලෙසත්, අධ්‍යාපනය විකිණීම නතර කරන ලෙසත් , අනධ්‍යයන සේවක ගැටලු වලට විසදුම් ලබා දෙන ලෙසත් ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ඔවුහු මෙම විරෝධතාවය පවත්වති.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තු වගේ ... කිසිම විනයක් නැහැ.
අනධ්‍යයන සේවක වැඩ වර්ජනය නිසා විශ්ව විද්‍යාල වහලා තියනවා... ඒවාට විසඳුම් දීලා විභාග ටික ඉවර කරන්න කීවොත් හොඳ නැද්ද..? ඔය කොහෙවත් තියෙන මගුලක් අල්ලන් දඟලන්නේ නැතිව.
කුහකකමට සීමාවක් නෑ.
විශාල ඝෝෂාවක් නැගුවට, මේ පිරිස රටේ ඉතාමත්ම සුළුතරයක්. දන්නවනේ මේ අය පිටුපසින් සිටින රතුපාට පක්ෂයට පහුගිය පළාත් මැතිවරණයේදී සිදුවූ දේ.
අනේ, ළමයිනේ, ඔහොම හෙමිහිට ඉඳලා හිටලා කන්කෙඳිරි ගෑවට ඵලක් නැහැ. එක දිගටම නොකඩවා, අඩුතරමේ වසර පහක් වත් අඛණ්ඩව මේ වගේ මහපාරට බැහැලා හූ කිව්වොත් තමයි පාලකයින්ට උනත් නොමිලේ පිනට දෙන අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නේ. අනික ඉතින් උසස් පෙළ සමත්වෙලා විශ්ව විද්‍යාලෙට එන්න පෙරුම්පුරාගෙන ඉන්න ඊළඟ පරම්පරාව වුනත් තේරුම් ගනියි පිනට ලැබෙන දෙයට වඩා දෑතේ වීරියෙන් යමක් ඉගෙනගෙන හරිහම්බ කලාම ඒකෙ තියන වටිනාකම. සටන අත නොහැර, දිගටම කරගෙන යන්න... ඔබට ජය වේවා!!!
සයිටම් එකේ ප්‍රමිතිය හදන්න ගිහිල්ලා ඔයාලාගේ ප්‍රමිතියට වෙලා තිබෙන දේ නම් අපට පැහැදිලියි.
කරුණාකරලා ඔය වැඩේ මහපාරේ කරන්නේ නැතිව කුඹුරකට බැහැලා කරනවද? මොකද ඔය වැඩේට ඔයාලට ගැලපෙන තැන තමයි කුඹුර. කට්ටිය මදිනම් තව යාළුවොත් හොයා ගන්න පුළුවන් වෙයි අහල පහළින්ම.
අම්මල තාත්තල කන්න දෙනවානම්, නොමිලේ අධ්‍යාපනය ලැබෙනවානම්, මේ වගේ පිස්සු කෙලීම හරිම ජොලි නේද? තව එකෙක් මහන්සිවෙලා ණයවෙලා හොඳට ඉගනගත්තොත් පිස්සු කෙලපු අපිට යන කලදසාව මොකක්ද? A/L වලින් පසුව අපේ රටට නොමිලේ අධ්‍යාපනය ඕනෑම නැහැ.
පුදුම දුකක් දැනෙන්නේ සමහර අයගේ අදහස් දැකල.
තව පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කල යුතුයි. GMOA ට රටේ අනාගතය තීරණය කරන්න දෙන්න එපා.
ප්‍රාථමික සහ උසස් අධ්‍යාපනය , රස්සාව නෙමෙයි පරස්තාවත් මහජන මුදලින් කරලා දෙනකන් බලන් ඉන්න සිසු පරපුරක හැටි.
එකෙක්ගෙවත් පින්වත්, කරුනාබර දොස්තර මුනක් නම් පේන්නෙ නෑ.
මේ මෝඩ රැළම පාරේ ..............වෛද්‍ය සිසුන් එයලගේ වැඩ.......උපාධිය ඉක්මනට ගන්න........