සිතුම් චතුරංග
සංචාරක ආකාර්ශනයක් ලබා තිබූ කිලිනොච්චිය ජල ටැංකිය එම ස්ථානයෙන් ඉවත්කිරීමට කටයුතු ආරම්භ කර තිබේ.
පසුගිය යුද සමයේ ත්රස්තවාදීන් විනාශ කර තිබූ මෙම ජල ටැංකිය දකුණේ සිට උතුරට පැමිණෙන ජනතාවගේ ඉහළ සංචාරක ආකර්ශනය දිනා තිබූ ස්ථානයක් ව තිබිණි.
අදාල ජල ටැංකිය ආශ්රිත ඉඩම යුදහමුදාව නැවත ජල සම්පාදන මණ්ඩලයට ලබාදීමෙන් පසුව සංවර්ධන වැඩසටහනක් සඳහා යොදා ගැනීමට ජලටැංකිය ඉවත් කිරීම මෙලෙස ආරම්භ කළ බව කිලිනොච්චිය ජලසම්පාදන මණ්ඩලය පවසයි.
2009 වසරේ අවසන් යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් කිලිනොච්චිය නගරය අතහැර පලායන අවස්ථාවේ බෝම්බ අටවා කිලිනොච්චිය ජල ටැංකිය විනාශ කරනු ලැබීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංහිඳියාව සහ යහපාලනය නිසා වෙන්න ඇති නේද?
කොටි කරපු වැරදි වැඩක් ලෝකෙට පෙන්නලා කොහොමද? ඕක හමුදාව පිපිරෙව්වා නම් අවුරුදු 100ක් ඕක ඔහොම තියයි... නෝර්වෙන් එන අයට බලන්න.
ඉතාමත් කාලෝචිත ක්රියාවක්. ඕවා දිහා බලබල තව තවත් වෛර ඇතිකරගන්න එක විතරයි වෙන්නේ. යුධ මානසිකත්වයෙන් පිරිච්ච ජන සමූහයක් තමයි අපිට ඉතිරි වෙලා තියෙන්නේ.
මොනවත් කියන්න බෑ. ඒක සංහිඳියාවට බාධාවක්..
අනේ මන්දා මේ මොනවා පලකරනවද කියලා හිතා ගන්න බැහැ. කොටි ත්රස්තවාදීන් විනාශ කල තව කොච්චර දේවල් තියනවද? ඒවා සියල්ල තබාගෙන කොහොමද උතුරු නැගෙනහිර සංවර්ධනය කරන්නේ?