(අනීෂා මානගේ)
හැමදාම පත්තරේ බැලුවොත් මිනීමැරුමක්. එක තැන දෙක තුන හතර. පවුල් පිටින් විනාශ කරලා. පොඩි ළමයි දූෂණය කරනවා. එක්දහස් පන්සිය ගානක් මම දැක්කා වාර්තා වෙලා තියෙනවා. මේ තත්වය ඔක්කොම ඇති වෙලා තියෙන්නේ මේ කෙටි කාලය තුළ විනයක් හා පාලනයක් නැති කමයි . ඒ ඇති වෙලා තියෙන තත්වයන් වෙනස් කරන්න ඕන අනිවාර්යෙන්. ඒකයි මහජනයා අපිට බලයක් දුන්නේ. ජනතාව අපි කෙරෙහි විශ්වාසය තියල ඒ බලය දුන්නා. අපි ඉන්නේ විපක්ෂයේ කියල දැන දැනනේ දුන්නේ‘ යැයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය
මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ තංගල්ල කාල්ටන් නිවසේදී මාතර මහ නගරසභාව , මාතර ප්‍රාදේශීය සභාව හා කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව සඳහා අභිනවයෙන් පත්වූ සභපතිවරුන් හා උප සභාපතිවරුන් අමතමින් උපදෙස් ලබා දුන් අවස්ථාවේදීය.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.
‘ආණ්ඩුවක් ගොනයි මීමයි වගේ යන්න බෑනේ. සභාවක් වුණත් සභාපති උප සභාපති එක පැත්තකයි නගරාධිපති තවත් පැත්තකයි දෙන්න දෙපැත්තට ඇද්දොත් සභාව ගෙනියන්න බැහැ. වැඩ කරන්නත් බැහැ. එකට වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕන. නැත්නම් මේ ආණ්ඩුවට වෙලා තියෙන දේ තමයි වෙන්නේ. කිසිම තීන්දුවක් ගන්න බැහැ. වැඩක් කරන්න බැහැ. තියෙන සම්පත් ටික විකුණනවා හැරෙන්න වෙන වැඩක් කරන්න බැහැ. ඒකට දෙගොල්ලොම එකතු වෙනවා. වරාය විකුණන්න ඕන උනාම දෙගොල්ලොම එකතු වෙනවා. ඉඩම් ටික විකුණන්න ඕන වුණාම දෙගොල්ලොම එකතු වෙනවා. විකිණීමේදී දෙගොල්ලොම එකතු වෙනවා. අනිත් දේවල් වලදී ගැටුම් එනවා. කොහොම වුණත් ආණ්ඩුවක් මේ විදියට ගෙනියන්න බැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි සියවෙනි දුෂණයේ පාටියට රාජපක්ෂ පවුලේ අයෙකුත් සරුවා සුනිල්ගේ ගෙදර ගියා අපිටනම් හොඳට මතකයි.
කියන්නේ කවුද කියල බැලුව, හිනා ගිය අවනීති පාලනයක් අරන් ගිය කෙනෙක් කියන්නේ
ඒ කලේ විනයත් හොඳයි , ආශ්චර්යය නේ තිබුනේ . 2009 දී දිනපු ගමන් ප්‍රතිවාදියව බිම දාගෙන ඇද ගෙන ගිහින් කූඩුවේ දාල විනය හදල රටටම පෙන්නුවා . පන්සල් වලට ගිහින් සිල් රෙදිත් දන් දුන්න විනය හදන් ඉන්න කියල . කුඩු දු... ට ආරක්ෂාවේ උපදේශ කම දුන්න, කුඩු වලින් රට බේරා ගන්න . දැන් කෝ මේවා .. කිසිම ගතියක් නැති නොන්ජල් වැඩ .. ආයේ මේ ඔක්කොම ලැබෙනවා .., සුදු වැන් එක්කම ..
ප්‍රතිචාර දිහා බලපුවාම අර ප්රභාකරන් කියපු කතාව සම්පූර්ණ ඇත්ත. සිංහලයාට මතක තියෙන්නේ සතියයි කියලා. කොයි මොහොතේ තමන් මැරෙයිද, දෙමාපියන් මැරෙයිද, දරුවන් මැරෙයිද, අසල්වැසියන් මැරෙයිද යන මර බියෙන් මුළු දවසම ගත කළ ඒ කාලකණ්ණි යුගය අවසන් කර දුන් ඒ යුග පුරුෂයා, ඒ මහා විරුවා, ඒ මුළු මහත් ශ්‍රී ලාංකික ජාතියේම ගැලවුම් කාරයාට මේ විදිහට ගරහන්නට, අකුරු ගලපන්නට තරම් ඔබලා ගුණමකු වූයේ කෙසේද? මේ රටේ තිබුණු ඒ මූසල යුගය මොහොතකට හෝ මතක් කරන්න. එසේ නොවුණොත් ස්වභාවධර්මය විසින් නිසි දඬුවම් ලබාදෙනු ඇත.
මේ අය සිටිනතුරු මේ දේශපාලකයන්ගෙන් හැමදාම මෙහෙම් තමයි අහන්න වෙන්නේ... රටේ විනය ගැන කතා කරන මේ උදවියට විනයක් තිබුණාද ඒ කාලේ?
ඇයි මේ මහත්තයාගේ කාලෙනේ 200-300 කියලා පාටි දැම්මේ, මෙයාගේ නම නිසා තේරිලා ඉන්න අති බහුතරයගේ කැරැට්ටුව බැලුවා නම් පේනවා හොඳ විනයක් ඇති වෙයි කියලා.. ලංකාවේ මිනිස්සුන්ට ඕනැත් හැබැයි ඒ වගේ තුච්ඡකම තමයි.
රෙදි ඇඳගෙනද දන්නේ නෑ මේ කියවන්නේ...
අම්මට සිරි !!! මෙන්න සියවසේ අපූරු කියමන.. තංගල්ලේ ජුලම් පිටියේ අමරේ, නූරී වතු යායේ අත කොටා හම්බන්තොට එරාජ්. සුනිල්, වාස් , දුමින්ද , මර්වින්....
මහත්තයා ආපහු පාරක් වලිගේ පාගාගෙන වගේ...
එ්කත් හරියට කුකුල් පට්ටිය බලාගන්න කැලේ නරියෙකුට බාරදුන්නා වගේ තියේවි... මෙයාලගේ විනය මාලාව....
මොවුන්ගේ කාලේ විනය නියමෙටම තිබුණු නිසා වෙන්න ඇති ඡන්දෙට ලංගමයෙන් බස් අරගෙන සල්ලි නොගෙවා පොලු තියලා තිබුණේ නේද?
අනේ ඔව් අපි අවුරුදු ගාණක් කෝමා තත්වයෙන් ඉඳලා 2015 තමයි අපිට සිහිය අාවේ. ඒ හින්දා ඊට කලින් තිබ්බ විනය ගැන අපි දන්නේ නැහැ. පව් කොහෙන් හිනා වෙන්නද මන්දා? එක අතකට අනුකම්පා කරන්න ඕනෑ.
ඔය දවසට දෙක ගානේ පාරවල් වහගෙන කරන උද්ඝෝෂණ නවත්තලා දුන්නොත් ඇති... මේ රටට අවශ්‍ය ඔබතුමා වගේ නායකයෙක් යහපාලනය තරු පහේ ප්රජාතන්ත්රවාදය වගේ දේවල් අපේ අයට තේරෙන්නේ නැහැ.
හිනා කාලා මැරෙනවා මේවට... ඕවා කියන්න ඕනෑ කොණ්ඩෙ බැඳපු චීනුන්ටම තමා. අපි නොදන්න මහින්ද පාලනය....
වර්තමාන පාලකයින්ට හෙණ ගහන්න ඕනෙ. හිරේ ඉන්න ඕනෑ අපරාධකරුවන් අද නිදැල්ලේ. 62 ලක්ෂ ඡන්ද දායකයන්ගේ සාපය වැඩි ඈතක නැහැ.
හදාගන්නවත් පුළුවන් තරමට ඔබ විනයක් ඉතුරු කරලද මිනිස්සු එළවලා දැම්මම ගිහිල්ලා ජනෙල් පඩිය උඩ එල්ලුනේ?
ඒක නම් සහතික ඇත්ත... ඒ කාලයේ විනය දෝරේ ගලාගියා. 2020දී රටේ විනය හදන්න ජනතාව බලාගෙන ඉන්නවා.
හනේ අප්පේ.., කොහෙන් හිනා වෙන්නද කියලයි මේ හිතුවේ මේ කතාව අහලා...
අනේ මේ කතාවට කොමෙන්ට් දාන අයට විහිළුවක් වත් තේරෙන්නේ නැති හැටි...
එතකොට අර තංගල්ලේ විදේශීය කාන්තාවට කරදර කරලා පෙම්වතා මැරුවේ, පාටි දැමුවේ, වෙනත් ග්‍රහලෝකයක කවුදෝ පාලකයෙකුගේ පාලන සමයේ වෙන්න ඇති....
නරියට කුකුල් බොක්ක බාර දුන්නා වගේ තියෙයි. ලාංකිකයිනි, රෑ වැටුණු වලේ දවල් වැටෙන්න නම් එපා.
රටේ විනය හදන්න කලින් තමන්ගේ පවුලේ දරුවන්ගේ හා අනෙක් අයගේ විනය හදාගෙන ඉන්න.
සභාවේ සිනා....
මට මෙතුමාගේ කතාව බැලුවාම හිතුනේ සිංහල සිනමාවේ අනාගතය එතරම්ම නරක නැහැ කියලා. මොකද ෆ්‍රෙඩී සිල්වා මිය ගියාට පසුව සිංහල සිනමාවේ සාර්ථක විකට නළුවකු මෙතෙක් බිහි වී තිබුණේ නැහැ. දැන් ඒ ප්‍රශ්නයත් හරි.
මහින්දට කවදාවත් විනය හදන්න බැහැ. විනය නැතිකාලේ මහින්ද තමයි.
අපොයි මට හරියට ඒ වචනය ඇහුනේ නැහැ. විනය කියලද කිව්වේ? ඒක අපි ඉපදුණාට පසුව බලයේ හිටපු කිසිම පක්ෂයක මම නම් දැක්කේ නැහැ. හැබැයි තංගල්ල අකුරැස්ස පැත්තේ රගර් පිටියේ... උඩරට පැත්තේ රේසින් කාර් ධාවන තරඟ අතරතුර ඔය කියන විනය තිබුණාද දන්නේ නැහැ. එ්කනේ රගර් විනිසුරුවන්ගේ දත් ටික බඩට ගිහින් සමහර බේබිලා ගුටි කෙලි වලටත් අහු වුනේ.
නරියාට කුකුල් කොටුව බාරදුන්නට හපන් එහෙනම්...
විනය? ලෝක පූජිත අති උතුම් දන්තධාතුන් වහන්සේ වැඩ වසන දළදා මාලිගාව ඉදිරිපිටදීද ඔය කියන්නේ?