තාත්තයි පුතයි මැරීයැයි පියපුතු දෙදෙනකුත් රිමාන්ඩ් සරුංගලයක් සම්බන්ධ ආරවුලක් නිසා මිනුවන්ගොඩ ගමන්ගෙදර තාත්තා කෙනකු සහ පුතකු මරා දැමීයැයි සැකපිට එම ප්‍රදේශයේම පිය පුතු දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ලබන හය වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් සිසිර විජේසූරිය මහතා නියෝග කළේය. 27 August 2017
අර්ථසාධක අරමුදලෙන් බදු අයකළොත් බලාගෙනයි සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 28 ක බද්දක් අය කිරීමට රජය ගෙන ඇති තීරණය වහා හකුලා නොගතහොත් රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශය එක්කරගෙන දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව අන්තර් සමාගම් සේවත සංගමය කියයි. 27 August 2017
විසල් දඹුල්ලේ ජලනල හැමදාම කැඩිලා විසල් දඹුල්ල සංවර්ධන ව්‍යාපෘති යටතේ ඉදිකර ඇති ප්‍රධාන ජල නල පද්ධතිය දිනපතාම කැඩී යාම නිසා ජලය විශාල ප්‍රමාණයක් අපතේ යමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. 27 August 2017
රංජන්ට නඩු දැමීම ඒකමතිකව සම්මතයි - නීතීඥ සංගමය නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට නීතිඥ සංගමය විසින් ගනු ලැබූ තීරණය මාසික සභා වාරයේදී ඒකමතිකව සම්මත වූ බව ශ්‍රි ලංකා නීතිඥ සංගමය පවසයි. 27 August 2017
කපුවන්ට බලපෑම් කරන්න බස්නායකට බැරිලු දේවාලයේ පාරම්පරික කටයුතු කරන කපුමහත්තුරුන් හා සෙසු නිලයන්ට බලපෑම් කිරිමට වසර පහකට වරක් පත්වන බස්නායක නිළමේවරයාට කිසිම බලයක් නැතැයි සමස්ත ලංකා ඓතිහාසික දේවාල පාර්ම්පරික නිලධාරින්ගේ සංගමයේ සභාපති හා අම්මඩුව කුඩා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ඩි කේ ඒ ඩබ් කේ ජයතිලක දේවගිරි මහතා සදහන් කරයි. 27 August 2017
කතකට කරදර කළැයි වෛද්‍යවරු දෙදෙනෙක් අත්අඩංගුවට කාන්තාවකට හිරිහැර කළැයි සැකපිට වෛද්‍යවරු දෙදෙනෙක් කෑගල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 27 August 2017
කොටගල කෝවිලේ තේරු උත්සවයට විශාල පිරිසක් කොටගල නගරයේ පිහිටි ශ්‍රී මුත්තු විනයාගර් හින්දු කෝවිලේ වාර්ෂික තේරු උත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. 27 August 2017
නිධන් හාරන්න ගියැයි 10ක් සැකපිට නවගත්තේගම පොලිස් වසමට අයත් රච්චිරාගම ප්‍රදේශයේ තරණගොඩ කොහොඹයාය රක්ෂිතය තුළට නීති ඇතුළු වී නිධන් බව කියන පුද්ගලයන් දස දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි. 27 August 2017
කතරගම බස්නායක නිලමේ දැඩි ස්ථාවරයක තමා කිසි විටක කතරගම බස්නායක නිලමේ ධූරයෙන් ඉල්ලා අස් නොවන බව රුහුණු කතරගම මහා දේවලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා අද මහනුවරදී අද මහනුවරදී පවසා ඇතැයි දැනගන්නට ඇත 26 August 2017
කුඩුත් එක්ක තරුණයකු අත් අඩංගුවට හෙරෝයින් මත්කුඩු බෙදාහැරීමට පැමිණි පුද්ගලයෙකු හබරණ මීගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි 26 August 2017
සීනිගම ඇසළ මංගල්‍යයෙන් සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 50 වැනි වාර්ෂික ඇසළ මංගල්‍යයයේ පළමු දිවා පෙරහැර දේවාලය අභියසින් ආරම්භ වී තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජ මහා විහාරය දක්වා අද (26) වීදි සංචාරය කෙරිණ. 26 August 2017
ඉන්දියාවේ දෙන්නෙක් පිටුවහල් කෙරේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රාජකාරියේ නිරත ආගමන හා විගමන නිලධාරියකුගේ ජංගම දුරකතන දෙකක් සොරා ගත් බව කියන ඉන්දියානු ජාතිකයන් තිදෙනකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට ගුවන්තොටුපොළ ආගමන හා විගමන බලධාරීහූ අද (26) පියවර ගත්හ. 26 August 2017
නින්දගම වැලි - පස් ජාවාරම විනාශයකට අත වනයි දැදුරු ඔය ජලාශයේ නින්දගම පැරණි වෙල් යාය ආශ්‍රීත ව සිදුවන නීති විරෝධි මහා පරිමාණ වැලි සහ පස් ජාවාරම හේතුවෙන් ජලාශය දැවැන්ත විනාශයකට ලක් වෙමින් ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති. 26 August 2017
මෝටාර් උණ්ඩයක් පිපිරිමෙන් මවක් සහ දියණියක් තුවාල ලබති කිලිනොච්චිය පලෙයි , මුහමාලේ ප්‍රදේශයේ අබිලි යකඩ අතර තිබූ මෝටාර් උණ්ඩයක් පුපුරායාමෙන් මවක සහ දියණියක තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි පලෙයි පොලිසිය කියයි. 26 August 2017
ඉන්ධන හලේ ගින්නට දෙකක් අත් අඩංගුවට කලගෙඩිහේන මංසන්ධියේ ඉන්ධන පිරවුම්හලේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදු කළ ගම්පහ පොලිසිය ගින්න හටගත් බව කියන ඉන්ධන බවුසරයේ රියැදුරා සහ රිය සහායකයා අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 26 August 2017
බස්නායක නිළමේ අයින් කරන්නැයි දෙවියන්ගෙන් ඉල්ලති රුහුණු කතරගම මහ දේවාලයේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියට විරෝධය පළකරමින් කතරගම ප්‍රදේශවාසීහූ පිරිසක් අද (26) එම දේවාලයේ බස්නායක නිළමේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් කළහ. 26 August 2017
පිය-පුතු දෙදෙනා ඝාතනය කෙරේ මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේදී එකම පවුලේ පියෙකු සහ පුතකු අද(26) තියුණු ආයුධයකින් කපාකොටා දමා ඝාතනය කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි. සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය කියයි. 26 August 2017
පුංචි ඡන්දය දෙසැම්බර් මුල පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත අද පාර්ලිමේන්තුවේදී සම්මත වූ හෙයින් පළාත් පාලන ඡන්දය ලබන දෙසැම්බර් මස මුලදී සාමාන්‍ය පෙළ විභාගයට පෙර පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි. 25 August 2017
සයිටම් ගැන අවසන් තීරණ සදුදා මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අවසන් විසඳුමක් සහිත ලියවිල්ලක් ලබන සඳුදා (28) නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන්නේයැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. 25 August 2017
කරන්නාගොඩගෙන් සින්නයියාට එන්තරවාසියක් නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා තමා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම මඟින් සිය කීර්තිනාමයට පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුව ඇති බැවින් රුපියල් මිලියන 500ක මුදලක් දින 14 ක් ඇතුළත ගෙවන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා එන්තරවාසියක් යවා ඇත. 25 August 2017
ඇමැති රාජිත රැකගත යුතුයි - රවී ඒකාබද්ධ විපක්ෂය රාජිත සේනාරත්න ඇමැතිට එරෙහිව ගෙන එන්නට සුදානම් වන විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක ඡන්දයකින් පරදවා සේනාරත්න මහතාගේ විශ්වාසය තහවුරු කරන බව පාර්ලිමේන්තු රවි කරුණානායක මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (25) පැවසීය. 25 August 2017
කොමදෝරු දසනායකගේ ඇප පෙත්සම කල් යයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමන් ඇප මත නිදහස් කරන්නැයි ඉල්ලා නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක සහ නාවික හමුදා කොමදෝරු ඩී.කේ.පී.දසනායක මහතා ඇතුළු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් සය දෙනෙකු ගොනු කළ ප්රතිශෝධන ඇප ඇයදුම් පත් ලබන මස 26 වැනිදා සලකා බැලීමට කොළඹ මහාධිකරණය (25) තීන්දු කළේය. 25 August 2017
රාජ්‍ය ඇමැති රංගේ බණ්ඩාර හා ව්‍යාපාරිකයා නිදොස් කොට නිදහස් නීතිවිරෝධීව එකලස් කර සැකසූ වාහනයක් නිර්ව්‍යාජ වාහනයක් ලෙස හැඟවීමට වෙනත් වාහනයක ලියාපදිංචි සහතියක් ඉදිරිපත් කළ බවට අධි චෝදනා ලැබ සිටි විත්තිකාර වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා හා ව්‍යාපාරිකයකු වන නලින්ද ජගත් කුමාර ලියනගේ නැමැත්තන් එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (25) තීන්දු කළේය. 25 August 2017
භික්ෂූන් වහන්සේලාට යෝගා වැඩසටහනක් අතුරලියේ රතන හිමියන්ගේ උපදේශකත්වයෙන් භික්ෂූන් වහන්සේ උදෙසා පවත්වනු ලබන එක් දින විශේෂ යෝගා වැඩසටහනක් අද (25) බොරැල්ල ගෝතමී පාර පිහිටි‘සදහම් මැදුර’ ශාලාවේදී පැවැත්වුණි. 25 August 2017
කළගෙඩිහේනේ ඉන්ධනහළක් ගිනි ගනී ගම්පහ නුවරපාරේ කලගෙඩිහේන ප්‍රදේශයේ ඉන්ධනහලේ හට ගත් ගින්න නිවීමට කටයුතු කරන අයුරු 25 August 2017
උසස්පෙළ සාමාන්‍ය දැනීම හා තොරතුරු තාක්ෂණ විභාගය 4 දා උසස් පෙළ සාමාන්‍ය දැනීම හා තොරතුරු තාක්ෂණ - 2 ප්‍රශ්න පත්‍ර දෙක සඳහා විභාගය සැප්තැම්බර් 4 වැනිදා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 25 August 2017
කලගෙඩිහේනේ ඉන්ධනහලක ගින්නක් ගම්පහ නුවර පාර කලගෙඩිහේන ප්‍රදේශයේ ඉන්ධන හළක ගින්නක් හට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 25 August 2017
ඉදිකිරීම් ප්‍රවර්ධන ප්‍රදර්ශනය කොළඹදී ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් මණ්ඩලය 17වැනි වරටත් සංවිධානය කළ ඉදිකිරීම් ප්‍රවර්ධනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(25) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. 25 August 2017
දුම්රිය කාලසටහන් අත්පොතක් එළිදකී වසර 16 කට පසුව අංග සම්පුර්ණ දුම්රිය කාලසටහන අත්පොතක් ලෙස මුද්‍රණය කොට මගී ජනතාව වෙත ලබාදීමට දුම්රිය ගමනාගමන අධිකාරි කාර්යාලය පියවර ගෙන ඇත. 25 August 2017
පළාත් පාලන ඡන්ද සංශෝධන පනත සම්මතයි පළාත් පාලන ඡන්ද සංශෝධන පනතට පක්ෂව ඡන්ද 120 ක් ද ලැබුණු ද විරුද්ධව ඡන්ද නොලැබිණි. ජනතා විමුක්ති පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය හා දෙමළ ජාතික සන්ධානය ඡන්දය දීමෙන් වැළකී සිටියහ. 25 August 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026