(දිල්රුක්ෂි ග්‍රේරු)
ලක්ෂ 50 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 510ක් සමඟ කුරුණෑගල,පොල්ගහවෙල,රත්මල්ගොඩ ප්‍රදේශයේදී සැකකරුවන් පස් දෙනකු සහ ඔවුන් පැමිණි වෑන් රියක් හා යතුරු පැදියක් විශේෂ කාර්යබලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත කුරුණෑගල රත්මල්ගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල දී සැකකටයුතු වැන් රියක් හා යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී "ටයිසැටයිල් මෝපීන්"නැමැති හොරොයින් සුක්ෂම අයුරින් බෑගයක දමා වෑන් රියෙහි සඟවා තිබියදී සොයා ගැනීමට හැකි වී තිබේ.
සැකකරුවන් සතු ජංගම දුරකතනද විශේෂ බලකා බාරයට ගෙන ඇත.
සැකකරුවන් , ඔවුන් පැමිණි යතුරු පැදිය සහ වෑන් රිය කොළඹ මත් ද්‍රව්‍ය කාර්යාංශයට වැඩිදුර පරීක්ෂණ සඳහා බාර දී ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා දාන්ඩද ප්‍රතිචාර? ඕක මොනවද බැලුන් බෝලයක් වගේ තමා ඔය නිවුස් එකත්. මේ අයටත් මීළඟ නඩුවේදී ඇපදීලා චෝදනා වලින් නිදහස් කරලා දාවි. අපිත් ඉතින් මීගොන් ගානට අමතක කරලා දාලා, එහෙමත් නැතිනම් අපිට නොවෙච්ච දෙයක් ගාණට ඔය ටෙලි නාට්‍යයක් බලල පැත්තකට වෙලා ඉඳීවි. රජය පට්ට මහන්සියක් ගනීවි මෙයාලට දඬුවම් කරන්න.... නේද?
ෆෝන් ටික දැක්කම කියන්න පුළුවන් නිකන් කුලී කාරයෝ ටිකක් කියලා. මේ වගේ හාල් මැස්සෝ අල්ලලා වැඩක් නෑ. අල්ලන්න ඕනේ මහමොල කාරයින්....