චමිල් රුපසිංහ
වත්මන් රජය පමණට වඩා ජාත්‍යන්තර සංවිධානවල බලපෑම්වලට යටත්වූ බවක් පෙනෙන්නට තිබෙන බවත්, එය රටට අහිතකර බවත් ආනමඩුවේ ධම්මධස්සි අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමියෝ කීහ.
අනුනාහිමියන් ඒ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු ඇමැති ජී ඇල් පීරිස් මහතා අනුනාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.
අනුනාහිමියෝ මෙසේද කීහ.
‘අපි කළ යුත්තේ ජාත්‍යන්තරය ප්‍රතික්ෂේප කිරීම නොවෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ,මානව හිමිකම් කොමිසම ආදි ආයතනත් ඒකාබද්ධ කරගෙන තමයි යන්න ඕනෑ. නමුත් ඒ නිසා අපේ ස්වාධිනත්වයන් නැති වෙලා යනවනම් රටක් ගෙනයාමට නොහැකියි.
පසු ගිය රජයට නොයෙක් විදිහේ චෝදනා ඉදිරිපත් කර, මේ රජය බලයට පත්වූ පසු පමනට වඩා අන්තර් ජාතික සංවිධානවල බලපෑම්වලට යටත් වෙලා යන ගතියක් පේනව. ඒකෙන් තමා මේ රටට අහිතකර.
යුද්ධයකදි මනුස්ස ඝාතන වැලැක්විය නොහැකියි. මම ඒව හොදයි කියනවා නොවෙයි. නමුත් යුද්ධයකදි එදත් අදත් කවදත් දෙපැත්තෙම පිරිස බරපතල විදිහට මරණයට පත්වෙනවා. ඒ වගේම අත්පා අහිමි වෙලා ආබාධ තත්ත්වයට පත්වෙනවා. ඉතිහාසය පුරාම යුද්ධ තිබුණා. යුද්ධය නිසා කිසියම් ජයග්‍රහණයක් අප රට ලබලා ඉදිරියට යනකොටම ඒ රජය පෙරලා දැමුවා. සැබැතත්වය ඒකයි.
ඉන් පස්සේ මේ රජය ජත්‍යන්තර මානව හිමිකම් කොමිසම් ආදි අපේ රටේ සියලුම දේ ස්වාධිනත්වය නැති කරල කටයුතු කරන්නට යෑමෙන් බරපතල ගැටලුවක් දේශපාලනික වශයෙන් සිදුවෙමින් පවතිනවා. නමුත් මහජනතාව කෙසේ හෝ මේ දේශපාලන රාමුවට එතරම් පක්ෂපාතිකමක් නැති බව පසුගිය මැතිවරණයෙන් පෙන්නුම් කළා. ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසරයි අපේ නායක හාමුදුරුවනේ. ඔබ වහන්සේලා කොහොමටත් නැවත වතාවක් මහරජතුමාගේ සම්ප්‍රාප්තිය බලාපොරොත්තුවෙන් වැඩ ඉන්නා බව නම් මේ අන්දමට කල් යල් බලා කරන හැම ප්‍රකාශයකින්ම හොඳටම පෙන්නුම් කෙරෙනවා.
අවසරයි අපේ හාමුදුරුවනේ... මෙය තේරුම් ගන්නවත් දැනුමක් නැති මහජන නියෝජිතයන් යයි කියාගන්නා මහජන බදුමුදල්වලින් සැපවත් ජීවිත ගතකරන නිහිනයින්ට මොලයක් නැතිවීම ලක්දෙරණේ අවාසනාවකි. මුල් පුරවැසියාගේ සිට 225වෙනියා දක්වා මෙය අඩුවැඩි ඇතිව යහමින් තියෙන බව රටට ආදරය කරන අවංක පුරවැසියන් හට වැටහී ඇත්තේ සෑහෙන කලක සිටයි. සමාවෙන්න අපේ හාමුදුරුවනේ ..."බලය නැමැති බූරුවා" ලබාගැනීමට මෙම නිවටයන් තමන් මෙලොවට බිහිකළ තම ආදරණිය මෑණියන් වුනත් පාවාදීමට මොවුන් පසුබට නොවන බවත් දැන්වීමට කැමැත්තෙමු.
ලංකාවේ මානව හිමිකම් කඩවී ඇති බවට ජාත්‍යන්තරව චෝදනා එන එක නතර කරන්න බෑ. කළ යුත්තේ ඒවාට නිසි ලෙස පිළිතුරු සැපයීම. පසුගිය ආණ්ඩුව කාලේ ඒ වෙනුවෙන් පිටරට සමුළුවලට ගිය උන්දැලා මොනවද කරේ කියලයි විමසිය යුතුව තිබුණේ. දැනුයි කොටි ඩයස්පෝරාවට පිළිතුරු දීම පටන් අරන් තියෙන්නේ.
එතකොට ධර්මය වෙනුවෙන් කැපවුන සමහර භික්ෂුන් එසේ නොකර ප්‍රාදේශිය සබා සදහා මන්ත්‍රී කමක් ලබා ගැනීමට පක්ෂ දේසපාලනේ කරන එක පමණට වඩා දෙයක් නොවෙයිද ?
අර 225 න් 94 ම සා.පෙ. අසමත් රටක මොන කතාද?
ඔබ වහන්සේගේ නිවැරදි ප්‍රකාශය අගය කරමු . සමහරු ජාත්‍යන්තරය අපට සලකනවා කියන්නේ ඌ මට ගහනවා, මට ඌ ගහනවා න්‍යායයෙන්.
අවසරයි අපේ හාමුදුරුවනේ,පසුගිය රජයේ නායකයෝ රට ඒ තත්වයට පත්කල වග ඔබවහන්සේ හොදාකාරවම දන්නවානේ අපේ හාමුදුරුවනේ. එක්සත් ජාතින්ගේ මහා ලේකම්වරයා ලංකාවට ආ දවසේ යුද්ධ අවසන් වු වහාම මානව හිමිකම් කඩවිම සම්බන්ධයෙන් ස්වාධීන පරික්ෂණක්පවත්වන්න ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තමන්ට පොරොන්දු වු බවට මහා ලේකම්වරයා ජාතියන්තරයට පැවසු ඔබ වහන්සේට අමතක වෙන්න හේතුවක් නැහැ.ඒ වගේම යුද්ධයේ අවසන් සමයේ බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ජනාධිපතිවරයගේ විශේෂ නියෝජිතයා ලෙස ඉංදීය අගමැති මෝදීව හමුවී යුද්ධය අවසන් පසු දෙමළ ජනතාවට බලය බෙදීම සදහා 13 දෙන්න පොරොන්දු වු බවට ඉංදීය මාධය වාර්තා කල බවට ඔබවහන්සේට අමතක වෙන්න හේතුවක් නැහෑ.අද ඒ පොරොන්දු ඉටු කරන්න වෙලා තියෙන්නේ වර්තමාන රජයටයි.ඒවා ඉටු නොකලොහොත් ආර්ථික හා සමාජීය වශයෙන් අපේ රටට විරුද්ධව යෝජනා ගෙන ඒමටත් ආර්ථික සම්බාධක පැනවීමටත් තිබෙන ඉඩකඩ ඉතා වැඩිබව ඔබවහන්සෙට අවබෝයක් ඇතයී මම සිතමී. ඉතිං ඔබවහන්සේලාගේ මේ යුගයේ කාර්යභාර්ය විය යුත්තේ ඔබවහන්සෙලා හමුවට එන පොදුජන පෙරමුණේ නායකයන්හට රට වැටී තිබෙන මේ අසීරු තත්වය පහදා දී රට තවදුරටත් අස්තාවර නොකරන ලෙස අවවාද අනුසාශණා කිරිම බව ගෞරවයෙන් සදහන් කරමී.