(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය වසන්ත සැණකෙළිය අප්‍රේල් මස 01 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වේ.
උත්සවයට සමඟාමීව නුවරඑළිය නගරය අවට ඇති බොහෝ ස්ථාන මේ වන විට සුන්දර ලෙස සැකසීමේ කටයුතු නුවරඑළිය මහ නගර සභාව සිදු කරමින් පවතී.
නුවරඑළිය වසන්ත උත්සව සමයේදී දේශීය විදේශීය සංවාරකයන්ගේ හා විශේෂයෙන්ම කුඩා ළමුන්ගේ වඩාත් ආකර්ෂණයට ලක්වෙන පිවිසෙන ස්ථානයක් ලෙස නුවරඑළිය නගර මැද්දේ පිහිටි වික්ටෝරියා උද්‍යානය සැළකේ.
මේ දිනවල එහි විවිධ සංවර්ධන කටයුතු සිදු වෙමින් පවතින අතර විශේෂයෙන්ම එහි සිටුවා ඇති දේශීය හා විදේශීය මල් වර්ගවල මල් පිපී සුන්දරත්වයක් එක්ව තිබෙනු දැකිය හැක.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර තිබුණු උසස් තත්වයට කිට්ටු කරන්නවත් බෑ, හරිම දුප්පත් දර්ශනයක්.
උදේ 8.30 හවස 5.30 අතර නගරයට ජල සැපයුම අත්හිටුවනවා. ඒ මදිවට පානීය ජලයට අසුචි මිශ්‍ර වෙලා. නැගලා යයි සැණකෙළිය.