(රොයිටර්/ඒ.එෆ්.පී)
දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර කේප්ටවුන් නුවරදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වගකීම බාරගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මේ බව අද (25) නිවේදනය කළේය.
නායකයා මෙන්ම උපනායකයා යන දෙදෙනාම තනතුරු වලින් ඉවත්වීම නිසා කණ්ඩායමේ කඩුලු රකින්නා වන ටිම් පේන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමට පත්කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ...
රනිල් බොසා මේකෙන්වත් පාඩමක් ඉගෙන ගත්තොත්... තමන්ගේ ඉත්තො හොරකම් කරලා අහුවුණාම, ඒකෙ වගකීම අරන් අයින් වෙන්න ඉගෙන ගන්න එක අපේ මුළු කට්ටියටම උගන්වන්න ඕනේ...
මේ ගොල්ලෝ අස් වුණා නොවේ. ඉල්ලා අස් නොවුණොත් ඉවත් කරන බව දැන්වූවායින් පසුව ඉල්ලා අස් වුනා. මේක කොහොමවත් ගොඩින් බේරා ගන්න නොහැකි විදියට පැහැදිලිව වීඩියෝ වෙලා තියෙන බව දැකපු මොහොතේ ඉඳලා සියලුම මාධ්‍ය, පැරණි ක්‍රිකට් නායකයෝ, අගමැති, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බෝඩ් එක ඇතුළු සියලු දෙනාම මේ ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාවේ නම කැත කළ බව කියා ඔවුනට ඉහළම දඬුවම් දෙන්නැයි කියා සිටියා. මේ වරද කළ බව පැහැදිලිව වීඩියෝ එකේ නොතිබුණා නම් ඉහත කී සියල්ලන්ම මේ ගොල්ලන්ව කොහොම හරි බේරා ගන්නවා. ෂේන් වෝන්, මාක් වෝ අල්ලස් ලබා ගැනීම, ෂේන් වෝන් උත්තේජක පාවිච්චි කිරීම, වැනි දේවල් කොහොම හරි ගොඩින් බේරා ගත්තා මට මතකයි.
කපිල, එතකොට මහින්ද ලොක්කා? මහින්ද ලොක්කාගේ කාලේ ගෝලයෝ මාට්ටු වුණා. රාජ්‍ය සේවකයෝ ගස් බැඳලා මාට්ටු වුණා. නිධන් හාරලා මාට්ටු වුණා. කඩු හොයන්න ගිහින් සංඝයා වහන්සේලාව මරලා මාට්ටු වුණා. කෞතුකාගාරේ කඩලා මාට්ටු වුණාම කන්ගැට්ටන්ව දැම්මා. සමෘද්ධි සල්ලි හොරා කන්න දුන්නේ නෑ කියලා අගවිනිසුරුවරිය ගෙදර යවලා චාටර් වුණා. මිග් අරගන්න ගිහින් හොරකම් කරලා මාට්ටු වෙලා ලසන්තව මැරුවා. සුදු වෑන් වලින් උස්සලා මිනී මෝරුන්ට කන්න දාලා මාට්ටු වුණා. තව කොච්චරක් නම් දේවල් තියෙනවාද? ඒත් ඉල්ලා අස්වුනේවත්, අස්වෙන්න කියන්නවත් හිතුනේ නැද්ද?
කොහොම වුනත් මේක හොඳ පූර්වාදර්ශයක්. විශේෂයෙන් මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස හදුන්වන ක්‍රිකට් ක්‍රීඩාව තුළ විනය නීති ගරුකත්වය හා සංවරකම රැකගත යුතුයි.