(චන්ද්‍රෙස්න ගමගේ)
අගමැතිවරයාට එරෙහිව කථානායක වරයාට බාර දී ඇති විශ්වාස භංග යෝජනාවට ඡන්දය විමසන අවස්ථාවේදී ඊට මුහුණ දෙන්නේ කෙසේද යන්න තම පක්ෂය මෙතෙක් තීන්දුව ගෙන නොමැති වුවද පක්ෂය බෙදෙන්නේ නැති තනි තීන්දුවක් ගැනීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සංධානයේ මහා ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.
පසු ගිය පලාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් පත් වූ පලාත් පාලන නියෝජිතයන් 29 දෙනා අද (25) ඇමතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් අමතා ඇමතිවරයා එසේ පැවසීය.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසිය.
‘පලාත් පාලන ආයතන වල බලය පිහිටු වීමේදියම් කිසි පක්ෂයක් සමග සංධාන ගත වෙන්නට පක්ෂය මෙතෙක් තීන්දුවක් ගෙන නැහැ. තම පෙරමුණට බලය හිමිවෙන ඕනෑම පක්ෂයක් සමග සංධාන ගත වෙන්නට පක්ෂය සූදානම්. තම පක්ෂයෙන් තේරී පත්වු පලාත් පාලන නියෝජිතයන්ට ව්‍යාපාර කරන්නට දූෂණයේ යෙදෙන්නට හා මැරකම් වල යෙදෙන්නට ඉඩ දෙන්නේ නැහැ.
එසේ හැසිරෙන මන්ත්‍රී වරුන්ට තම පක්ෂයේ විනය නීති ක්‍රියාත්මත කරනවා. පුද්ගලයාට බලය හිමිවෙන ක්‍රමවේදයකට අපි පළාත් පාලන ආයතන පිහිටුවන්න කටයුතු කරන්නේ නෑ. නව මැතිවරණ ක්රමයේ අඩුපාඩු කම් තිබුණද එහි ප්‍රධාන අරමුණ වු කොට්ඨාශයකට වගකිව යුතු මන්ත්‍රී වරයෙකු පත්කරීමට හැකි වීම ජයග්‍රහණයක් බවද සදහන් කරන්න කැමතියි.
අර්ජුන මහෙන්ද්‍රන් කොහේ හිටියත් මේ රට ට ගෙනත් මහබැංකු බැදුම් කර සිද්ධියෙන් මේ රට ට වු පාඩුව අයකර ගැනීමට කටයුතු කරනවා පමණක් නොව තරා තිරම නොබලා බැදුම් කර සිද්ධියට හවුල් වු හා අනුබල දුන් සැමට දඩුවම් දෙන්නට තම ආණ්ඩුව පසු බට නොවන බවද මෙහිදි සදහන් කරන්න කැමතියි. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවටයා වුනත් කවටයාමෙන් කතාකරන එකත් ලොකු දෙයක්නේ. මල්ලියේ ඔහේ අද දවසේ කුසගිනි නිවාගත්තෙත් අපෙන් එකතුකරන බදුමුදල්වලින් නේද?
කරුණාකර තේරුමක් නැති දේවල් කතා කරන්න එපා. ඔබේ පක්ෂය බෙදුණේ බොහෝ කාලයකට කළින් ... ඡන්ද දායකයින්ට මෝඩයින්ට වගේ සලකන්න එපා.
බෙදෙන්න තව මොනවද ඉතුරුවෙලා තියෙන්නේ? නුගේගොඩ රැස්වීමේ පටන් පක්ෂය දෙකට බෙදා ක්‍රියාකළ කට්ටිය අද මුල්තැනට පැමිණිලා. පක්ෂය සියයට 4 ට අැද දමන තුරු විනය ක්‍රියාමාර්ග ගන්නවා කියමින් කට මැත දෙඩෙව්වා මිස ගත්තු ක්‍රියාමාර්ගයක් නැති නිසයි මෙවැනි තත්වයක් ඇති වෙලා තියෙන්නේ. රටේ වස්තුව උලා කාපු අයට දඬුවම් දෙනවා කියා බලයට පැමිණියත් මෙතෙක් කලේ තමන් බලයට පත් කරපු පක්ෂය විනාශ කිරීමට කටයුතු කිරීම පමණක් නේද? මහා පරිමාණ දූෂණ වෙනුවට මේ වෙනතුරු දඬුවම් දුන්නේ මහබැංකු බැඳුම්කරයට සම්බන්ධ කට්ටියට විතරයි නේද? ජනාධිපති සහ අගමැති ජනවාරි 8 වෙනිදා සහ අගෝස්තු 17 වෙනිදා එකඟතා වැඩ පිළිවෙලකට අත්සන් කළේ විරසක වී කුලල් කාගෙන හොරුන් සමග එකතු වී එකිනෙකා මරාගන්නට නොවේයැයි 62 ලක්ෂයේ සමහරු කියති. දැනට ඉස්මතු වෙමින් පවතින දේශපාලන යථාර්තයට අනුව සිරිසේන රනිල්ගේ බෙල්ල කැපීමට ගොස් සිරිසේනගේ බෙල්ල රාජපක්ෂලාට දන් දෙන්න සිදුවන්නේ සිරිසඟබෝ පරාජය කරමින් බවනම් ස්ථිරය.
මේ විශ්වාසභංගය රනිල් මහින්ද එකතු වෙලා ගහපු තවත් ගැටයක්. මෛත්‍රිපාල ජනාධිපති ගෙදර යවන්න අටවපු උගුලක්. මේකට ජනාධිපතිතුමා සහය දුන්නත් රනිල් එ්කේ උදව්වෙන් බේරෙනවා. ඊට පස්සේ දෝශාභියෝගයක් ගෙනත් දෙගොල්ලම එකතු වෙලා ජනධිපති ගෙදර යවනවා. මෛත්‍රිට අල්ලපු අත්තත් නෑ. පය ගහපු අත්තත් නෑ.
සමන්ත මෙයාලා අදටත් ගුටි නොකා ජාමේ බේරාගෙන ඉන්නේ යූ.එන්.පී එක හින්දා මිසක් මිනිස්සුන්ට එපාවුණු, රට විනාශ කරපු ඔය පක්ෂය හින්දා නෙමේ. දැන් මේ මහේන්ද්‍රන් ගැන විතරක් කතා කරන්නේ පට්ට හොරු බව අමතක වෙලා වගේ.
කොහේ හරි රෙස්වීමකට ගියොත් කියන්නේ Arjun මහේන්ද්‍රන්ව කොහේ හිටියත් ගේනවා කියල.මොකක්ද තමුන්ට තියෙන බලය අර්ජුනව ගේන්ට.දීවර එමතිට කොහෙද බලය තියෙන්නේ එහෙම කරන්ට.පොලිසියට හරි CID එකට හරි බලපේමක් කරන්ඩ පුලුවන්ද මේ මිනිහට.මෙය හිතාගෙන ඉන්නේ මේ මුලුරටේම ඉන්නේ දෙසපාලකයෝ කියල. මේ මනුස්සය හිතාගෙන ඉන්නේ මෛත්ත්රීපල ජනාදිපති ලොකු මාමා කියල.
විශ්වාස භංගයට සහය දීමට අදිමදි කරන නමුත් බැඳුම්කර හොරකම ගැන පොර ටෝක් දෙනවා
කතාකරල වැඩක් නැහැ,සා.පෙ. වත් නැති සෙට් එකක් නේ
ඇත්තමයි 4% නේ ඉතුරු වෙලා තියෙන්නේ බල තන්හාවට ගිහින් . මොන තීන්දු ගත්තත් 4% නේ . වටකරගත්තෙත් පරණ සෙට් එකේ දුෂිතයන් . පනින්න බලාගෙන ඉන්න ගෙම්බන් ටික. රටකින් වැඩක් නැහැ. බඩ පුරෝගෙන ඉන්න කට්ටියනේ .
ගෙදර ගියොත් අඹු නසී, මග රැඳුනොත් තෝ නසී...