ෂෙල්ටන් හෙට්ටිආරච්චි
පළාත් පාලන මැතිවරණයට එක්සත් පක්ෂයෙන් නුවරඑළිය මහා නගර සභාවට තේරීපත් වූ පුරපති චන්දන ලාල් කරුණාරත්න මහතා අතුළු මන්ත්‍රීවරු අද (23) දිවුරුම් දුන්හ.
මෙම උත්සවය නුවරඑළිය මහා නගර සභා ගොඩනැගිල්ලේදී පැවැත්විණ. වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාද එම අවස්ථාවට සහභාගි විය.
මහා සංඝයා වහන්සේලා ඇතුලු අන්‍ය ආගමික නායකයෝද , මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරු වු ආර් රාජාරාම් , ජි එම් එම් පියසිරි , නුවරඑළිය අතිරේක දිස්ත්‍රික්ක ලේකම් මල්ලිකා අමරසේකර , ප්‍රාදේශීය ලේකම් සුජීවා බෝධිමාන්, සහකාර පළාත් පාලන කොමසාරිස් විදුර සම්පත්, නුවරඑළිය පොලිස් අධිකාරි මහින්ද දිසානායක යන මහත්ම මහත්මින් ඇතුලු ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද සමඟ රනිල් ගාල්ල මහ නගර සභාවේදී එක්වෙයි. මහින්ද සමඟ මෛත්‍රී මීගමුව නගර සභාවේදී එක්වෙයි. රනිල් සමඟ මෛත්‍රී ඇහැලිය ගොඩදී එක්වෙයි. බලය ගන්න ඕන වෙනකොට හැමෝගෙම ආණ්ඩු විරෝධය වගේම රණ්ඩු සරුවල් සේරම කැලේ. සල්ලි විසි කරලා දිනන්න බැරිවෙන්න මනාපේ අයින් කලාට සල්ලි විසිකරලා සභාපතිකම් ගන්න එක නැවතිලා නෑවගේ. අන්තිමට සභා තොමෝ සතුටු සිතින් විසිර ගියහ.
නුවරඑළිය නගරයට අවංකවම වැඩක් කල කෙනෙක්. ඔබ නැවත නුවරඑළිය පුරපති වීම පිලිබදව මාගේ උණුසුම් සුබ පැතුම්..
නුවරඑළිය කියනකොට චන්දන ලාල් කරුණාරත්න නම විතරයි දැනෙන්නේ.. සුළු කාලයක් නොසියිටද..? චන්දන ලාල් නුවරඑළිය නගර සභාව හා එක් වූ පුද්ගලයෙක්...