IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


තායි හිමිවරු දඹුල්ලේ පාද චාරිකාව

(කාංචන කුමාර ආරියදාස)
 
තායිලන්තයෙන් පැමිණ ශ්‍රී ලංකාවේ ධර්මදූත සේවාවේ එක්ව සිටින තායි ශ්‍රී ලංකා  වන්දනා පාද චාරිකාවේ භික්ෂූන් වහන්සේලා දඹුලු රජමහා විහාරය වැදපුදා ගැනීම අද (25) සිදු කෙරිණි.

මේ අවස්ථාවේ කණ්ඩලම ප්‍රදේශයේ සිට පාගමනින් තායිලන්ත ජාතික භික්ෂූන් වහන්සේලා 47 නමක් භික්ෂුණින් වහන්සේලා 5 නමක් පෙරහරකින් දඹුලු රජමහ විහාරයට වැඩම කළහ.

මඟ දෙපස එක්වූ දඹුලු ජනතාව දහම් පාසල් සිසු සිසුවියන් උන්වහන්සේලාට වැඳ නමස්කාර කර පිරිකර පූජා කිරීම සිදු කළේය.

කොළඹ සිට පාගමනින් වැඩම කරවීමේ දී උන්වහන්සේලාගේ පාදවල දියපට්ට දැමීම සහ අධික අව් රශ්මිය නිසා සිදුවන අපහසුතාවයන් මඟහරවා ගැනීමට කෙසෙල් කොළ පාවඩ එලා උන්වහන්සේලාට  වැඩම කිරීමට  ඉඩ සැලැස්වීම  විශේෂත්වයකි.

ඇතැම් පිරිස් උන්වහන්සේලාගේ පාදවල විවිධ තෙල් වර්ග ආලේපනය කරන අයුරු ද දැක ගැනීමට හැකි විය.උන්  වහන්සේලාට මග දෙපස සිට කුරුම්බා ලොඳ ආදී ආහාර පාන දන් දීමට ද අමතක නොකළහ.
 


 

 



අදහස් (15)

තායි හිමිවරු දඹුල්ලේ පාද චාරිකාව

රජින්ද Sunday, 25 March 2018 11:41 AM

දැකීමත් චිත්ත ප්‍රබෝධය ඇති කරන දසුනක්..!! සියලු ධර්ම මාර්ගයෝ ඇරේවා..!! ඔබවහන්සේලා ඇතුළු සියලුම සියලු නික්ලේශී මුනිවරු ධර්මාලෝකයෙන් සැනහී සසර කෙටි වේවා...!!!

:       0       181

ඇම්බරාMonday, 26 March 2018 10:16 AM

මේ වගේ දසුනක් දැකීම සතුටුයි.. නමුත් අපරාදේ කෙහෙල් කොළ.. නොදන්නා කමටද මන්දා මේ වගේ දේවල් කරන්නේ... ඔය හැම හාමුදුරුනමකටම සෙරෙප්පු කුට්ටම ගානේ අරන් දුන්නා නම් අපේ පරිසරයත් රැකෙනවා...

:       322       1

LahiruMonday, 26 March 2018 12:02 PM

මල්ලි සමහර ස්වාමින් වහන්සේලා ප්‍රතිපත්තියක් හැටියට පාවහන් පළඳින්නේ නැහැ.

:       0       15

බන්ඩාTuesday, 27 March 2018 07:57 AM

ශ්‍රද්ධාව කියන එක අහල තියනවද?

:       0       1

shyamalie Sunday, 25 March 2018 12:25 PM

දැක බලා පින් රැස්කර ගැනීමට, උතුම් රහතන් වහන්සේලා සිහි ගන්වන මේ උතුම් චාරිකාව සංවිධානය කළ මහමෙව්නාව අසපුවේ පරම පුජනිය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම සියලුම ස්වාමින් වහන්සේලාට අපගේ ගෞරවය හිමිවේ..

:       0       206

ase Sunday, 25 March 2018 03:51 PM

අඩුම වසයෙන් අපේ සාසනය රකින්නන්ට ආදර්ශයක් වේවා !! ඔබ සැමට නිවන් මාර්ගයට පෙර ලකුණු පෙනේව !!

:       0       114

Thilinathan Sunday, 25 March 2018 06:19 PM

තායිලන්තයේ බැ0කොක් නගරයේ " සුකුම්විත් " ප්‍රදේශයේ තිබෙන ලුම්බිණි උද්‍යානයේ විශේෂයෙන් ඉරු දින උදෑසන 6.00 - 7.00 අතර කාලය තුළ පිඩු සිගා වැඩීමට එක්රැස්වන සිය ගණනක් තායි හිමිපාණන් වහන්සේලා එකවර උද්‍යානයෙන් පිට වන දර්ශනය සැබවින්ම සිත් සතන් දැහැමින් ඔපවත් වෙයි.

:       0       10

leelananda Sunday, 25 March 2018 09:05 PM

මේ අපේ රටේ සියලුමදරුවනට උතුම් ආදර්ශමත් ක්‍රියාවක් .මේ දසුන නෙතට ගෙටීමෙන් සිත් පහන් වෙනවා.

:       0       258

කුමාර් (ගල්ෆ්) Monday, 26 March 2018 06:32 AM

හපොයි!!! මේ තායි හාමුදුරුවරුන්ට අපේ රටේ ඇම්බැට්ටයෝ එක්ක වැඩිය මුහු වෙන්න දෙන්න එපා. එහෙම වුනොත් මෙයාලත් ඉගෙනගනීවි අපේ අයගේ විනය මාලාව... එ් පාර තායිලන්තයේ ශාසනෙත් විනාශ වෙලයි නවතින්නේ....

:       18       295

lalithsjm Monday, 26 March 2018 07:48 AM

සාධු සාධු සාධු.. !!!

:       0       4

lapaya Monday, 26 March 2018 08:34 AM

අන්තරේ කොණ්ඩ වවපු, සිවුර කරට අරන් උද්ඝෝෂණ කරන, පෙළපාලි යන, කදුළු ගෑස්, ජල ප්‍රහාර පොලිසියෙන් කන, අපේ රටේ වගේ ගිහි නමට විතරක් සාදුලා මෙතැන නැද්ද?.

:       106       719

Kumari Monday, 26 March 2018 01:30 PM

මේ තමයි බෞද්ධ දර්ශනය. අපේ රටේ දැන් වැඩිපුරම ඉන්නේ දේශපාලනය කරන ස්වාමින්වහන්සේලානේ. එ් කියන්නේ තමා අතහැර නැති බවනේද?

:       0       42

sugath bandara Monday, 26 March 2018 03:28 PM

බුදු රජාණන්වහන්සේගේ නියම ශ්‍රාවකයන් වහන්සේලා පාවහන් පළඳින්නේ නැත

:       0       18

Sapumal. Tuesday, 27 March 2018 04:43 AM

හිත ශ්‍රද්ධා භක්තියෙන් පිරීයන දසුනක්. උන්වහන්සේලාට නමස්කාර වේවා.!

:       0       2

Sam Wednesday, 28 March 2018 12:24 AM

සාදු සාදුසාදු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1875 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1509 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 529 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site