IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


හෝටලය පෙනෙන්න ඕනෑ නිසා මහගස් මුදුන් කපා දමයි

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල කණ්ඩලම වැවේ දර්ශනය සංචාරක හෝටලයකට පෙනීම  සඳහා  මහවැලි අධිකාරියේ කණ්ඩලම කාර්යාලයේ නිලධාරීන් එක්ව  වැව ඉස්මත්තේ ඇති ඉතා වටිනා ගස් කොළන් කිසිදු ඉවක් බවක් නොමැතිව කපා දමා විනාශ කර  ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මෙසේ වැව් ඉස්මත්තේ ඇති ගස්වල ඉහළ කොටස් එක පෙළකට කපා දමන බවට ලැබුණු තොරතුරක් මත කණ්ඩලම වැවේ සොරොව්ව ආසන්නයට ගිය විට පුද්ගලයන් කිහිපදෙනෙකු ගස් කපමින් සිටින අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි.

ගස් කපමින් සිටි පිරිස වැව ආසන්නයේම පිහිටි සංචාරක හෝටලයකින් යෙදවූ කම්කරුවන් පිරිසක් බවට තොරතුරුද අනාවරණය විය.

කණ්ඩලම වැව ආසන්නයේ සිටි කාන්තාවක ගෙන් මේ පිළිබඳව විමසීමේදී ඇය කියා සිටියේ මහවැලි අධිකාරියේ නිළධාරියෙකු සමඟ පැමිණ පිරිසක් වැව් ඉස්මත්ත ගස් වල ඉහළ කොටස්  කපා දැමූ බවය. 

එක පෙළකට පිහිටි කුඹුක් , අන්දර , කරද , ගොඩ කිරිල්ල , ආදි වැව් තාවුල්ලේ පිහිටි ගස් රැසක් ක ඉහළ කොටස් කපා දමා වැව් තාවුල්ල මතම දමා තිබේ.

මහවැලි අධිකාරියට අයත් මෙම ප්‍රදේශය කණ්ඩලම වැව බාර ඉංජිනේරු සහකාර ධම්මික බණ්ඩාර හේරත් මහතා හමුවීම සඳහා කාර්යාලයට ගිය ද ඔහු නොසිටි අතර  සේවකයකු කියා සිටියේ ඉංජිනේරුවරයා හදිසි ගමනක් ගිය බවය. 

පසුව ජංගම දුරකතනය ඔස්සේ ඔහුව සම්බන්ධ කරගත් විට ඔහු කියා සිටියේ විශාල පිරිසක් කණ්ඩලම වැවේ දිය නෑම සඳහා පැමිණෙන බවත් එම ජනතාවගේ හිස මතට ගස් කඩා වැටීමේ අවදානමක් පවතින නිසා ගස් වල කොටස් ඉවත් කළ බවයි.එමෙන්ම අලුතින් කුඹුක් පැළ  සිටුවන බවද කිවේය .



අදහස් (12)

හෝටලය පෙනෙන්න ඕනෑ නිසා මහගස් මුදුන් කපා දමයි

sumudu Sunday, 25 March 2018 06:52 AM

ජනාධිපති දෝනිගේ අලුත් හොටෙල් එකක්ද?

:       318       221

janatha anura Sunday, 25 March 2018 09:29 AM

මේ මොන ඉන්ජිනේරුවන්ද? මොන විශ්ව විද්‍යාලයෙන්ද උපාධි ගත්තේ? වහාම වැඩ තහනම් කළ යුතුයි.

:       350       117

Mgodis tumaMonday, 26 March 2018 04:30 AM

"සයිටම් එකෙන් උපාදිය ගත්තේ රුපියල් බරගානක් ගෙවල එ්ක හොයාගන්නයි ගස් කැපුවේ .

:       1       0

anuradha Sunday, 25 March 2018 09:41 AM

අපි බලමු මේකට ඇක්ෂන් එකක් ගනීවිද කියලා...

:       0       119

කල්ප Sunday, 25 March 2018 10:07 AM

එ් නිසා තමයි හෝටලය හදනකාලෙදී විරෝධතා ඇතිවුණේ... ඒ කාලේ කිව්වනේ පරිසරය රකිනවා කියලා ඒ කියපු ඈයො දැන් මැරිලා... ඉන්න අය රටත්, පරිසරයත් මරනවා. (සල්ලි දෙයියන්ගේ මල්ලිනේ)

:       224       124

indikaMonday, 26 March 2018 03:03 AM

කල්ප, මෙම හෝටලය ඔබ සිතන එක නෙවේ. මෙය අලුත් එකක්. ඔබ සිතන හෝටලය පරිසරයට හරිම හිතකාමී විදිහට හදල තියෙන්නේ.

:       0       48

Kumari Sunday, 25 March 2018 01:45 PM

කොතනත් වරදක් සිදුවන විට අදාල නිලධාරීන් කාර්යාලවල නෑ. එයාලට ගමන් යන්නද පඩි ගෙවන්නේ? සොයාබලන්න රාජකාරි ගමනක්ද, අතිශයින්ම පුද්ගලික ගමනක්ද ගියේ කියා... ඔහුත් බොරුකළොත් ගස්කපන්නන්ට ස්බභාව ධර්මයෙන් ලැබෙන දඬුවම ඔහුටත් අනිවාර්යයි.

:       0       135

vernon Sunday, 25 March 2018 03:08 PM

මේ ගස් මහවැලි අධිකාරිය යටතේ පවතින ප්‍රදේශයක පවතින ඒවාද? කප්පාදු කිරීමට නිසි අවසරය ගෙන තිබෙනවාද? අදාළ අවසරලත් ප්‍රමාණයට පමණක් කප්පාදු කර තිබේද? මෙන්න මේවායි හොයන්න ඕනේ. එහෙම නැතුව කාන්තාවක් මෙහෙම කිව්වා, සේවකයෙක් අරහෙම කිව්වා. ඒ කම්කරුවො මෙයා දාපු අය කියලා වාර්තා වුනා. එව්වයින් ඇත්ත අනාවරණය වෙන්නේ නෑ.

:       0       1

de silva Sunday, 25 March 2018 07:51 PM

රාජපක්ෂ සමාගමෙන් හබරලිය සමාගමට ගිය රට

:       0       0

abaran Monday, 26 March 2018 01:16 AM

කුමන හෝ හේතුවකට ගස් කැපුවයි කියමුකෝ..කරනදේ පිළිවෙලකට කරපියව්කෝ..ගස් වල අතු සී සී කඩ දමලා..සමහරක් ගස් වල එල්ලෙනවා...අදෝමැයි !!!

:       0       0

BamunuarachchiTuesday, 27 March 2018 10:53 AM

මේක යකාගේ කතාවක්නේ අරවත් හේතුවක් නොවෙයිනම් හිතෙන හිතෙන හේතුවලට ගස් කැපීමට ඉඩදියයුතු නැත.

:       0       0

Bamunuarachchi Tuesday, 27 March 2018 10:48 AM

ඉස්මතු වෙලා පෙනෙන්න හදන හැටි........................

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 393 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 111 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 794 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site