සුජිත් හේවාජුලිගේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් සිට
පාකිස්ථානයේ, ඉස්ලාම්බාද් නුවර රාජ්‍යතාන්ත්‍රික පරිශ්‍රයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) විවෘත කෙරිණි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද රාත්‍රීයේ පාකිස්ථානු අග්‍රාමාත්‍ය ෂහීඩි කාන් අබිබාසි මහතා හමුවීමටද නියමිතය.
දෙරටේ නායකයන් අතර ද්වි පාර්ශවික ගිවිසුම් කිහිපයක් අත්සන් කෙරෙන බවද තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා ජනාධිපති හා පාකිස්ථානු ජනාධිපති මම්නුන් හුසේන් මහතා අතර විශේෂ හමුවක් හෙට (24) පස්වරුවේ පැවැත්වේ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් අගනා කාර්යයක් , මැදපෙරදිග ඉන්න අපේ අයටත් බෞද්ධ සිද්ධස්ථාන අවශයයි. අප බලාපොරොත්තු වෙනවා එයටත් ඔබ මුල්තැන ගනීවි කියලා......බුදු සරණයි
රැවටෙන්න එපා... මේක තියෙන්නේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඇතුලේ මිසක ප්‍රසිද්ධ ස්ථානයක නොවෙයි. අනික කිසිම පකිස්ථානු රජයේ නිලධාරියකු මෙම උත්සවයට ආවේ නැත. මෙහෙ කොහොමද?
වර්තමාන තත්වය අනුව ආණ්ඩුව කියන, කරන දේවල් මිනිස්සු විශ්වාස කරන්නේ නෑ. පහුගිය දිනවල ඇතිවුණු අර්බුදකාරී තත්වය සමනය වෙන්න මේ ප්‍රවෘත්තියත් උදව් කර ගන්න තිබුණා. මේ බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීම සහ මෙම බෞද්ධ මධ්‍යස්ථානය දැක්වෙන ඡායාරූප මෙම ලිපිය සමග පල කළා නම්.. හිතාමතාම පල නොකලා වගේ අදහසක් තමා මට නම්.... දැනෙන්නේ....
කාලෙකට ඉස්සර මුළු ලෝකෙම බෞද්ධ වෙලා ඉඳලා තියෙනවා.
අපිටත් පුළුවන් වේවි පාකිස්තානයෙන් කොටසක් අල්ලා ගන්නට...
තම රට-දහම නසා අනුන් රැකීම....
ඉන්දියාවේ හැමතැනම තිබ්බේ බුද්දාගමයි.