උසස් පෙළ සිසුවා සහ දොස්තර පියා රිමාන්ඩ් උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්නපත්‍රය විභාගය අවසන් වීමට පෙර පිටවීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කොළඹ ප්‍රසිද්ධ ජාතික පාසලක 19 හැවිරිදි විභාග අපේක්ෂකයෙකු සහ එම අපේක්ෂකයාගේ පියා ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතා අද (23) නියෝග කළේය. 23 August 2017
දියතලාව රෝහලේ තුන්නිවුන් දරු උපතක් දියතලාව මූලික රෝහලේ දී අද(23) සවස තුන් නිවුන් දරු උපතක් සිදුවිය. 23 August 2017
‘නාවික හමුදා නිල ඇඳුම වැරදි කිරීමට අවසරයක් නොවේ‘ - නාවික හමුදාපති නාවික හමුදා නිල ඇඳුම හොරකම් කිරීමට, මිනීමැරීමට හෝ වැරැදි කිරීමට අවසර දීමක් නොවන බවත් යුද වීරයෙක් වුවද නාවික හමුදාව තුළ වැරදිකර තිබෙනවා නම් එවන් පුද්ගලයකුට කිසිදු සමාවක් නොලැබෙන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද(23) පැවසීය. 23 August 2017
ඉන්දියාවේ සිට හෂීෂ් පන්නන්න හැදූ ජාවාරමක් හසුවෙයි ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙසින් හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 24 ක් රැගෙන ඒමට උත්සාහ කිරීමේ ජාවාරමක් ඉන්දීය රේගු දෙපාර්තමේන්තුව විසින් කළ වැලීමකදී හසුවී ඇතැයි ඉන්දියාවේ ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත් වෙබ් අඩවිය අද(23) වාර්තා කළේය. 23 August 2017
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට සියලුම පළාත් සභාවල ජන්ද විමසිම එකම දිනයකදි පැවැත්විය යුතු බවට සඳහන් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් පනත් කෙටුම්පත අද(23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. 23 August 2017
රංගේ බණ්ඩාරට එරෙහි නඩු විභාගය ඇරැඹේ නීතිවිරෝධීව එකලස් කර සැකසූ වාහනයක් නිර්ව්‍යාජ වාහනයක් ලෙස හැඟවීමට වෙනත් වාහනයක ලියාපදිංචි සහතියක් ඉදිරිපත් කළ බවට අධි චෝදනා ලැබ සිටින වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාට හා ව්‍යාපාරිකයෙකුට එරෙහි නඩු විභාගය අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ ආරම්භ විය. 23 August 2017
මත් කරල් හා ගබ්සා පෙති තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට නීති විරෝධී ලෙස බලපත්‍රයක් නොමැතිව මත් කරල් හා ගබ්සා පෙති තොගයක් ළඟ තබා ගෙන සිටි මාතර කොටුවේගොඩ ප්‍රදේශයේ ඖෂධ ශාලා හිමිකරුවකු අද(23) මාතර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව අත් අඩංගුවට ගත් බව කොටවිල පොලීසිය පවසයි. 23 August 2017
අජිත් නිවාඩ්ගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(23) අල්ලස් කොමිසමට කැඳවා තිබූ අතර පැය 7කට අධික කාලයක් එහි රැඳී සිටිමින් ඔහු එහිදී ප්‍රකාශ ලබාදුන්නේය. 23 August 2017
ඒකාබද්ධ විපක්ෂයෙන් කථානායකට ලිපියක් පළාත් පාලන සංශෝධන පනතට තමන් එකඟත්වය පළ කළ නමුත් හොර රහසේ වෙනත් සංශෝධන රාශියක් පනතට ඇතුළත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බැවින් ඊට ඉඩ නොදෙන්නැයි ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායකවරයාට අද(23) ලිපියක් ලබා දුන්හ. 23 August 2017
ගලේවෙල අනතුරින් සිසුවියක් මරුට දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු යතුරුපැදියක් ටිපර් රථයක ගැටිමෙන් සිදුවු අනතුරකින් යතුරපැදියේ ගිය සිසුවිය (14) මියගොස් පියා බරපතල තුවාල ලබා රොහල් ගත කරනු ලැබ ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 23 August 2017
ප්‍රසන්නගේ නඩුව කල්යයි තර්ජනය කොට ව්‍යාපාරිකයෙකු ගෙන් රුපියල් මිලියන 64ක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳ හා ව්‍යපාරිකයකුට එරෙහිව චෝදනා 15 යටතේ ගොනු කර තිබූ අධි චෝදනා නඩුව විභාග කිරීම ලබන ඔක්තෝබර් 26 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(23) තීන්දු කළේය. 23 August 2017
උතුරට නව අමාත්‍යවරු දෙදෙනෙක් උතුරු පළාත් සභාවේ පුරප්පාඩු වී තීබූ අමාත්‍යංශ දෙකක් වෙනුවෙන් නව අමාත්‍යවරු දෙදෙනෙක් අද (23) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්හ. 23 August 2017
විජයදාස සමුදෙයි සිය ඇමැතිධූරයෙන් ඉවත් කරනු ලැබූ අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද(23) පස්වරුවේ තමා භාරයේ තිබූ අමාත්‍යංශ දෙකට පැමිණ කාර්ය මණ්ඩලවලට සමුදුන්නේය. 23 August 2017
සුමනරතන හිමියෝ පොලිස් නිලධාරියකුගේ අනුරුවක් ගිනි තියති මඩකලපුව පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තමන්ගෙන් ඉතාම අමානුෂික ආකාරයට පලි ගන්නා බව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ පැවසූහ. 23 August 2017
සැප්තැම්බරයේ පොලිතින් තහනම ආවත් වැටලීම් ජනවාරියේ සිට පොලිතීන් තහනම සැප්තැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක නමුත් ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදුකිරීම ආදිය ආරම්භ වන්නේ 2018 ජනවාරි 1 වැනි දා සිට බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (23) පැවසීය. 23 August 2017
අල්ලස් ගත් බීට්ටු නිලධරයා අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව වව්නියාව ප්‍රදේශයේ පවත්වාගෙන යන දැව වෙළෙ සැලක් පරික්ෂා නොකර එහි අඩුපාඩු සම්බන්ධයෙන් නීතිමය කටයුතු නොකිරීමට වෙළෙද සැල් හිමියකුගෙන් රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබාගත් වව්නියාව බීට්ටු වන නිලධාරියකු අද (23) අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන ඒකකය සඳහන් කරයි. 23 August 2017
ප්‍රශ්න පත්‍ර සිද්ධියේ රහස හෙළිවෙයි උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගය අවසන් වීමට පෙර පිටවීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිසිය විසින් අද (23) කොළඹ රාජකීය විද්‍යාලයයේ විභාග අපේක්ෂකයෙක්(19) අත්අඩංගුවට ගනු ලැබීය. 23 August 2017
බස් ගාස්තු සංශෝධන ප්‍රතිපත්තිය වෙනස් කරන්න කැබිනට් අනුමැතිය වාර්ෂිකව සිදුකරන බස් ගාස්තු සංශෝධනය සඳහා දැනට යොදාගන්නා ප්‍රතිපත්තිය කාලීන, සමාජ හා ආර්ථික තත්ත්වයන්ට ගැළපෙන අයුරින් වෙනස් කර නව ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 23 August 2017
දුම්රියෙන් යන පාර්සල් වල ගාස්තු ඉහළට දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය කිරීමේදී අයකරනු ලබන ගාස්තු සියයට 50කින් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. 23 August 2017
යාපන සරසවියේ විද්‍යා අංශයට නිවාඩු දෙයි යාපනය සරසවියේ විද්‍යා අංශයේ සිසුවකු ඩෙංගු උණ වැළඳීමෙන් මිය යාමත් එම අංශයේ සිසුන් 09 දෙනකුට ඩෙංගු උණ වැළඳීමත් නිසා අද (23) සිට ලබන සැප්තම්බර් 04 වැනි දා තෙක් විද්‍යා අංශයට නිවාඩු ලබා දීමට යාපනය උපකුලපති රත්නම් විග්නේෂවරන් මහතා පියවර ගෙන ඇත. 23 August 2017
යාපනයේ තවත් ප්‍රහාරයක් යාපනය උරුම්පිරායි හන්දියේදී අඟහරුවාදා (22) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයකුට තියුණු ආයුධ වලින් කපා කොටා පලා ගොස් ඇති බවත් තුවාල ලැබූ පුද්ගලයා යාපනය මහරෝහලට ඇතුළත් කළ බවත් කොපායි පොලීසිය පවසයි. 23 August 2017
විජයදාස අස්කරයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ජනාධිපති කාර්යාලය විසින් විජයදාස රාජපක්ෂ මහතාට බාරදෙනු ලැබීය. 23 August 2017
බ්‍රිගේඩියර් දේශප්‍රිය යළි රිමාන්ඩ් ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වෙඩි තැබූ යුද හමුදා කණ්ඩායම බාරව සිටි බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනා සැප්තැම්බර් 06 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා අද (23) නියෝග කළේය. 23 August 2017
මන්ත්‍රී රොෂාන්ට අයත් ගොඩනැගිල්ලක ගින්නක් පොලොන්නරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාට අයත් බව කියන වාද්දුව තල්පිටියේ වාහන අමතර කොටස් විකුණන පස් මහල් ගොඩනැගිල්ලක අද (23) අලුයම ගින්නක් ඇති වී තිබේ 23 August 2017
අකුණු සන්නායක තහඩු සමග 4ක් සැකපිට නීති විරෝධී ලෙස අකුණු සන්නායක තහඩු 4ක් අලෙවි කිරීමට සූදානම් වූ 4 දෙනකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය. 23 August 2017
විජයදාස ඉල්ලා අස්වෙන්න කල් ඉල්ලයි තමාට ඉල්ලා අස්වීමට කාලය ලබාදෙන ලෙස අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඉල්ලා තිබේ. 23 August 2017
ස්විස්කුමාර් අල්ලන්නැයි විජයකලා පොලිසියට කියලා යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් විදුලි කණුවක බැඳ ප්‍රදේශවාසීන් පහර දෙද්දී ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ළමා කටයුතු රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය පොලිසියට දන්වා ඇතැයි රහස් පොලිසිය අද (22) කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. 22 August 2017
පුහුණුකරු නික් පොතාස්ගෙන් මාලිංගට සරදමක් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම පිළිබඳ ඇතිවී තිබෙන කතාබහ අතරේ ලසිත් මාලිංගගේ වියපත්වීම සම්බන්ධයෙන් ෂිකාර් ධාවන් කී කතාවටද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. 22 August 2017
අධිකරණ ඇමැතිකම තලතාට දෙන්න යයි නව අධිකරණ ඇමැතිවරයා ලෙස ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 22 August 2017
එල්ඊඩී බල්බ කෝටියක් නොමිලයේ බෙදන්න යයි විදුලිය අපතේ යාම වළක්වා ගැනීම සඳහා පාරිභෝගිකයන් අතර එල්ඊඩී (LED )බල්බ මිලියන 10ක් නොමිලයේ බෙදා දීමට රජය කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය. 22 August 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026