බන්දුලගේ බදු දඩයම කෘතිය එළිදකියි ඒකාබද්ධ විපක්ෂයේ පර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත ‘බදු දඩයම නව දේශීය ආදායම් පනත‘ කෘතිය එළිදැක්වීමේ උත්සවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධනතත්වයෙන් අද හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. 22 August 2017
රෝග නිවාරණයට ප්‍රමුඛත්වය මදි - ජනපති සෞඛ්‍ය සේවාවේ දී රෝග ප්‍රතිකාර සඳහා දී ඇති ප්‍රමුඛතාව රෝග නිවාරණ කටයුතු සඳහා දී නැති නිසා රෝහල් පිරි ඉතිරී යන්නට රෝගීන් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 22 August 2017
ලෙබනනයේ ශ්‍රමිකයන් 5000කට නීත්‍යනුකූල ලියැවිලි ලෙබනනයේ අනවසරයෙන් විවිධ රැකියාවන් කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 5000 කට නීත්‍යානුකූල ලියකියවිලි සහිතව රැකියා කිරීමට ලෙබනන රජය අවසර ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. 22 August 2017
උතුරුමැද සබේ නියෝජ්‍ය සභාපති මෛත්‍රී පිලට එක්වෙයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ උතුරු මැද පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහ මහතා අද(22) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ජනපතිගේ වැඩපිළිවෙළට සහාය පළ කළේය. 22 August 2017
නව දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ යාන්ත්‍රික ඉංජිනේරුවකු වන එස්.මහානාම අබේවික්‍රම මහතා කැබිනට් මණ්ඩලය මගින් පත්කර ඇත. 22 August 2017
ටියුෂන් ගුරුවරයාගේ පියාත් සහෝදරයාත් රිමාන්ඩ් මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රයෙහි තිබු ප්‍රශ්න කිහිපයක් ඇතුළත් අත් පත්‍රිකාවක් බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටි එම ගුරුවරයාගේ පියා, සහෝදරයා සහ එය පරිගණක ගත කළ පුද්ගලයා අගෝස්තු 30 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (22) නියෝග කළේය. 22 August 2017
මහ පාරේ දඩ වැඩි කළාට උද්ඝෝෂණයක් මාර්ග නීති කඩ කිරීමේ දඩ මුදල රුපියල් 25000 වැඩි කර ආණ්ඩුවේ වැය ජනතාවගෙන් අයකර ගන්න තවත් මාර්ගයක් හදාගත්තා යැයි වෙනසක තාරුණ්‍යය සංවිධානයේ ජාතික කමිටු සංවිධයක සුජිත් කුරුවිට මහතා අද (22) කොළඹ නගර සභාව අසල පැවති උද්ඝෝෂණයක දී පැවසීය. 22 August 2017
විස්සට උතුරුමැද පළාත එකඟයි උතුරු මැද පළාත් සභාවට අද (22) ඉදිරිපත් කෙරුණ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පළාත් සභාවේ වැඩි ජන්ද දෙකකින් එකඟතාවය හිමිවිය. 22 August 2017
විජයදාස ඉවත් කරන්නැයි ජනපතිට ලිඛිතව දැනුම් දෙයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් ඇමති කබීර් හෂීම් මහතා අද (22) ජනපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ. 22 August 2017
මීහරක් හිස් කබලක් සමඟ ප්‍රංශ ජාතිකයෙක් රේගු දැලේ තම පුතුට තෑග්ගක් දීමට මීහරක් හිස් කබලක් සහ අං දෙකක් නීති විරෝධි ලෙස රැගෙන යාමට උත්සහ කළ බව කියන ප්‍රංශ ජාතික ගුවන් මගියකු අද (22 ) අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ රේගුව පවසයි. 22 August 2017
ඔළු දෙකේ සර්පයෙක් හලාවතින් ඔළු දෙකක් සහිත සර්පයෙකුව හලාව - බංගදෙණියේ පුද්ගලයෙකුට හමුවී ඇත.අගල් 06 ක් පමණ දිග මෙම සර්පයා “ලේ මාපිලෙකු” බව කියැවේ. 22 August 2017
ලලිත් ජයසිංහ යළි රිමාන්ඩ් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු මුදාහැරියේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ලබන 04 වැනි දා කෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය. 22 August 2017
මවට අතවර කළ පුතා රිමාන්ඩ් විස මත්ද්‍රව්‍ය පානය කර වයස අවුරුදු 52ක් වූ තම මව බලහත්කාරයෙන් බරපතල ලෙස දූෂණය කළ 22 හැවිරිදි තැනැත්තෙකු මේ මස 28 දක්වා රිමාන්ඩි කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. 22 August 2017
ටියුෂන් අත්පත්‍රිකාව සැකසූ පුද්ගලයා අත්අඩංගුවට මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රයෙහි තිබු ප්‍රශ්න කිහිපයක් ඇතුළත් අත් පත්‍රිකාවක් බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එය පරිගණක ගත කළ බව කියන පුද්ගලයා ගම්පහ නගරයේදී පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත. 22 August 2017
දකුණේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ ලෙඩ නිවාඩු දමති දකුණු පළාත් පරිපුරක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය වෘත්තිකයෝ අද (22) වැඩවර්ජනයක් ඇරඹුහ. 22 August 2017
ටැමඩොල් පෙති 370 ක් සමඟ කතක් අත්අඩංගුවට ටැමඩෝල් පෙති 370 ක් අඩංගු පැකට් 4 ක් ත්‍රී රෝද රථයකින් රැගෙන යමින් සිටි කාන්තාවක් සහ එම ත්‍රී රෝද රථයේ රියදුරුව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන හලාවත පොලීසියට බාර දී ඇත. 22 August 2017
උදෑසන 6.30 ට දේවාලය අරී රුහුණ මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ වරයා වන ඩී පී කුමාරගේ මහතා දේවාලයේ යතුර කපු මහතාගෙන් රැගෙන යෑම හේතුවෙන් අද (22) දේවාලයේ පුජාව නොපැවැත්විණි. 22 August 2017
රන් අබරණ සඟවාගෙන ආ ලාංකිකයෙක් අත්අඩංගුවට රන් ආභරණ තොගයක් ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සඟවාගෙන ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අද (22) අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. 22 August 2017
කතරගම දේවාලයෙ ඉබි යතුරු දමති රුහුණු කතරගම මහා දේවාලයට කඩා වැදුණු තිස්දෙනකුගෙන් පමණ පිරිසක් එහි දොරගුළු දමා ඒවායේ යතුරු රැගෙනපලායාම හේතුවෙන් අද (22) අලුයම 4.30 සිට පවත්වන්නට සැලසුම් කර තිබූ පූජා කටයුතු සිදු කිරීමට නොහැකිව බැතිමතුන් 500ක් පමණ පිරිසක් අපහසුතායට පත්ව සිටිති. 22 August 2017
විජයදාස රාජපක්ෂ ඉවත් කරන්න යයි අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා හෙට දිනය ඇතුළත එම තනතුරුවලින් ඉවත් කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි. 21 August 2017
ඡන්ද ලැයිස්තුවට නම දාගන්න සැප්තැම්බර් 6 තෙක් කල් දෙයි 2017 ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත් කරගැනීමට නොහැකිවූ ඡන්ද දායකයින්ට සැප්තැම්බර් 6 වැනිදා තෙක් අභියාචනා ඉදිරිපත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. 21 August 2017
විජයදාස ගැන තීන්දුව අද රෑ ජනපති - අගමැති හමුවේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු අතර අද(21) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බවත් දේශපාලන ආරංචි පවසයි. 21 August 2017
වසර 6000 ක් පැරණි සිතියමක් වැලිගෙපොලින් හමුවෙයි ශ්‍රි ලංකාවේ පැරණිතම සිතියම වැලිගෙපල පරගහමඩිත්ත බාදාහේන ගල්ගුහාවෙන් සොයාගැනිමට මේ දිනවල ඒ ආශිතව කැණිම් කටයුතු සිදුකරන මහාචාර්ය රාජ් සෝමදේව මහතාට හැකිවි තිබේ. 21 August 2017
ප්‍රශ්නපත්‍ර සිද්ධිය රහස් පොලිසියට උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවීයැයි කියන සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන අද(21) සවස රහස් පොලිසියට භාර දෙනු ලැබීය. 21 August 2017
‘විභාගයට පෙර ප්‍රශ්නපත්‍ර පිටවී නෑ‘ රසායන විද්‍යාව - 2 ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න කිහිපයක් එම විභාගය පැවැත්වෙන කාල සීමාවේදී පිටකර ඒවා අත් පත්‍රිකාවක මුද්‍රණය කර ගම්පහ විභාග ශාලාවක් අසලදී බෙදාහැර තිබෙන බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 21 August 2017
උමා ඔයේ ජලයෙන් ස්වභාවික ජල ධාරා විනාශ වෙනවාලු උමා ඔය ඉහළ උමගෙන් පිටතට එන ජල දහරට වැඩ බිමෙන් එකතු වන කැලි කසල හා රසායනික මුසු වී එම ජලය පහළින් ඇති ස්වභාවික ජල මූලාශ්‍ර හා එක්ව ප්‍රදේශයේ ජල දුෂණයක් සිදුවෙතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි. 21 August 2017
තෙලිකඩ ග්‍රාමිය බැංකුව මහ දවල් කොල්ල කාලා බද්දේගම විවිධ සේවා සමුපාකාර සමිතියට අයත් තෙලිකඩ ග්‍රාමීය බැංකුවට අද (21) ඇතුළු වූ පුද්ගලයකු ගිනි අවියක් පෙන්වා එහි සේවිකාවන් බියගන්වා රුපියල් එක්ලක්ෂ අටදහසක මුදලක් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. 21 August 2017
උදයංග වීරතුංගගේ ඉල්ලීම අධිකරණයෙන් ඉවත දමයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා නිකුත් කර ඇති වරෙන්තු නියෝගය ආපසු කැඳවන ලෙස සහ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (21) ප්‍රතික්ෂේප කළාය. 21 August 2017
හිටපු ගුවන් සේවා ඇමැතිටත් ඇප හිටපු ගුවන් සේවා අමාත්‍ය පි‍්‍රයංකර ජයරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට එක් අයකුට රුපියල් හැත්තෑ පන්දහසක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (21) නියෝග කළේය 21 August 2017
පොලිතින් නිෂ්පාදකයෝ විරෝධතා පාගමනක පොලිතින් තහනමට විරෝධය පාමින් දිවයින පුරා සිටින පොලිතින් නිෂ්පාදකයෝ අද(21) කොළඹට පැමිණ විරෝධය පළ කළහ. 21 August 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026