(රංජන් කස්තුරි)
මහනුවර දිගන ප්‍රදේශයේ ඉකුත්දා පැවැති නොසන්සුන්කාරී සිදුවීම්වලට සම්බන්ධ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් පොලිසිය ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දෙන මාධ්‍ය සාකච්ඡාවේදීය.
එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ යම් යම් ක්‍රියාමාර්ග සහ ඔහු පොලිස් ස්ථානයට ගොස් සිදු කර තිබෙන බලපෑම් ආදිය පිළිබඳ කරුණු මේ වන විට හෙළිවී තිබෙන බව ද ඇමැතිවරයා කීවේය.
මෙම මන්ත්‍රීවරයා කවුරුන්දැයි ඉදිරියේදී රටට හෙළිකරන බව ද රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ "මහජන නියෝජිතයෙක්" නේද ? මහජන මුදල්වලින් නේද කාල බිල සැප විදින්නේ? ඉතින් එහෙවු එකේ ලජ්ජා නැද්ද වැනි වැනි කතා කියන්න ?
මෙයා දැන් කිවතාවක් හොරු ගැන දුශිතයෝ ගැන මිනි මරුවෝ ගැන " ළඟදීම " තොරතුරු රටට හෙළිකරන බවට පොරොන්දු දුන්නද? මේවා නිකන් විහිලු කතා විතරයි. දැන් ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා කොමිසමක් පත් කළා. ඒගැන මාධ්‍ය වල මීක් නැහැ.
මේ රටේ අතීතයේ සිටම සිටියේ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය බැතිමතුන්. ස්වේච්ඡා සංවිධාන හා දේශපාලන සංවිධාන ඒ සාම්ප්‍රදායික ඉස්ලාමීය බැතිමතුන් අරාබිය ඉස්ලාමීය බැතිමතුන් බවට පත් කළා. එය මේ රටට අලුත් දෙයක් වුණා. උදාහරණයකට ගත්තොත් සාම්ප්‍රදායික මුස්ලිම් කාන්තාවක් ලස්සනට සාරිය ඇඳලා හිසවසාගෙන පාරේ යන කොට ඇතිවෙන්නේ ගෞරවයක්. ඒත් කළු පාට බුර්කාවකින් මුළු සිරුරම වසා යන කාන්තාවක් දැක්කම ලොකු සැකයක් ඇතිවෙනවා. ඒ වගේම මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් වෙනම උසාවි, වෙනම බැංකු ඇති කළා. එකට ජීවත් වූ සිංහල ප්‍රජාවෙන් වෙන් වූ වෙනස්ම කොටසක් බවට පත් කළා. මෙහිදී මුස්ලිම් ජනතාව අවධාරණය කරගත යුතුයි ඔවුන් ශ්‍රී ලාංකීය ඉස්ලාමීය බැතිමතුන් බව. ඔවුන් අරාබි ඉස්ලාමීය බැතිමතුන් ලෙස හැසිරීමෙන් පීඩාව ඇතිවෙන්නේ සාම්ප්‍රදායික ඉස්ලාමීය බැතිමතුන්ටයි....
අනේ දැන් හරි, කයිවාරු නවත්තන්න.
ඇඳුමෙන් මිනිසා මනින්න බැහැ කියලා කියමනක් තිබෙනවා. ඒ පලියට මිනිසා ජාතිවාදී වෙන්නේ නැහැ. සුදු ඇන්දට සුද්දවන්තයෝ වෙන්නේ නැහැ. ලංකාවේ මුස්ලිම් විවාහ, දික්කසාද නීතිය සුද්දගේ කාලේ ඉඳලා එනවා. ඒක සිවිල් නීතියට යටයි. හැම දේටම හේතුව අන්‍ය ජාතීන් කෙරෙහි ඇති සැකයයි. එයට හේතුව පාසල් කාලයේ සිට සිංහල, දෙමළ, මුස්ලිම්, කියලා පාසල්වල ළමයි වෙන් කිරීමයි. අන්‍ය ජාතීන් එක්ක ආශ්‍රයක් නැහැ.
මේ ගොල්ලෝ ආව දවසේ ඉඳන්ම කලේ ඉඟි බිඟි පාන එක විතරයි.