( පාලිත ආරියවංශ)
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු රාත්‍රි තැපැල් දුම්රිය ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටි ආරුක්කු පාලම අසලදී අද (22) උදේ 6-45 පමණ පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
මේ නිසා බදුල්ල සිට කොළඹ කොටුව බලා අද(22) උදෑසන ගමන් ඇරැඹු උඩරට මැණිකේ දුම්රිය එම ස්ථානයෙන් ආපසු බදුල්ල දක්වා ගමන්කරවීමට සැලැස්වූ බවත් පිළි පැනීමට ලක්වු දුම්රියේ මගීන්ද එම දුම්රියෙන් බදුල්ලට ප්‍රවාහනය කිරිමට කටයුතු යොදා තිබිණි.
දුම්රිය ගමනාගමනය කඩිනමින් යථා තත්ත්වයට ලක් කිරීමට කයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඡායාරූප - ඩී.කේ.රත්න




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුර්වල නඩත්තුව...කැඩිලා තියන සිල්පර කොටන් වලින්ම පේනවා මේවට තියන අවදානය .
මේකේ රෙපයාර් කරපු ඉංජිනේරුවෝ ගහල රටින් පන්න ලා දාන්න ඕන.....................