(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
සිය පියා සමඟ අමනාප වීම නිසා මාතර කැකණදුර පරවාහැර ප්‍රදේශයේ අඩි 200 ක් උස දුරකතන සංඥා කුළුණකට නැඟි 21 හැවිරිදි තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට ගන්දර පොලීසිය කටයුතු කළේය.
පෞද්ගලික දුරකතන සමාගමකට අයත් සංඥා කුළුණක් මතට නැඟ උපවාසයක් ආරම්භ කර තිබුණේ විල්ලද්දර කංකානම් ආරච්චිගේ පුබුදු (21) නැමැති අවිවාහක තරුණයෙකි.
ඔහු පැය පහක පමණ කුළුණ මත සිට ඇති අතර ක්ලාන්තය සෑදි කුළුණ මුදුනේ යකඩ බට අතර රැදී සිට තිබේ. එම ස්ථානයට පැමිණි ගන්දර පොලීස් නිලධාරින් කුළුණ මතට නැග කඹ ආධාරයෙන් මෙම තරුණයා බිමට ගැනීමට කටයුතු කළේය.
පැයක පමණ මෙහෙයුමකින් පසු බිමට ගනු ලැබු තරුණයාට මුලික ප්‍රථමාධාර ලබා දී ඔහු සුවසැරිය ගිලන් රථයකින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත පිටත් කර හැරීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා හරි කරලා අහිංසකයාව බේරාගෙන ඉස්පිරිතාලෙට අරන් යන්න කටයුතු කරපු පොලිස් නිලධාරි මහතුන්ට අපේ ස්තුතිය. හොඳට සනීප උනායින් පස්සේ උසාවි ගෙනියන්න.