හර්ෂණ තුෂාර සිල්වා
ස්වෛරී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ අර්බුදවලට බාහිර විසඳුම් ලබාදීමට බල කෙරෙන හානිකර ක්‍රියාමාර්ගවලට සහාය නොදෙන්නැයි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා ජීනිවා නුවරදී අද (21) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙක් වත්මන් ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති බැවින් රටේ අර්බුදවලට බාහිර විසඳුම් ගෙනෙන හානි ක්‍රියාමාර්ගවලට සහාය නොදෙන ලෙස හෙතෙම එහිදි ඉල්ලා සිටියේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයට සමගාමීව පැවැති වර්ගවාදය, වාර්ගිකව වෙනස් කොට සැලකීම, විදේශිකයන් නුරැස්සනා ස්වභාවය හා ඒවා ආශ්රිත අන්තගාමීත්වය සම්බන්ධයෙන් පැවැති පොදු විවාදයේදී ජාත්‍යන්තර බෞද්ධ සහන සංවිධානය නියෝජනය කරමින් අදහස් දක්වමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා එම කරුණු කීවේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙසේද කීවේය.
“වසර 2009 දී එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජයට පත්වීමෙන් අනතුරුව සිංහල, දෙමළ, මුස්ලම්, බර්ගර් සහ අනෙකුත් සියලු ජනකොටස් ඇතුළු ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා සහෝදරත්වයෙන් අත්වැල් බැඳගත්තා. තිස් වසරක යුද්ධයෙන් විනාශ වී ගිය රට නැවත ගොඩනැගීම සඳහා එකතු වුණා. ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු වත්මන් ආණ්ඩුවට එකඟ නැහැ. ස්වෛරී ජාතියක් වන ශ්‍රී ලංකාවේ අර්බුදවලට බාහිර විසඳුම් අවශ්‍ය නැහැ. එවැනි විසඳුම් ගෙන ඒම සඳහා කරන හානිකර ක්‍රියාමාර්ගවලට සහාය නොදෙන ලෙස අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා”.
මෙම පොදු විවාදයේදී ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ තවත් රටවල් කිහිපයක් සම්බන්ධයෙන් අදහස් පළ විය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් ම අදහස් දැක්වීය.
“ශ්‍රී ලංකාව යනු ජාති, ආගම්, කුල භේද නොසලකා සියලු දෙනාගේ අයිතිවාසිකම්වලට ගෞරව කරන බෞද්ධ රටක්. එරට ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල හා දෙමළ භාෂා රාජ්‍ය භාෂා ලෙස නම් කර තිබෙනවා. එමෙන්ම ජාතික කොඩියෙන් සුළු ජන කොටස් නියෝජනය වී තිබෙනවා. රටේ ප්‍රධාන ව්‍යාපාර අයිති සුළු ජාතිකයන්ට” යැයි මෙහිදී අදහස් දැක්වූ ‘ගිනියා වෛද්‍ය අන්‍යෝනය සංවිධානය’ සඳහන් කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන බවට ශ්‍රී ලංකා රජය පොරොන්දු වුවද දෙමළ ජනතාව අභිමතයට අනුව අත්අඩංගුවට ගන්නා බවත් ඔවුන් රඳවාගන්නා බවටත් මෙම විවාදයේදී අදහස් දැක්වූ ‘භාරතී සෙන්ටර් කල්චරල් ෆ්රැන්කෝ-තමූල්
සංවිධානය ශ්‍රී ලංකාවට චෝදනා කළේය. එමෙන්ම දෙමළ ජනාතවට රජයේ සේවාවලට ප්රවේශවීමට තිබෙන ඉඩකඩ අඩු යැයි ද එම සංවිධානය එහිදි තවදුරටත් චෝදනා කළේය.
ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ ඉඩම් අල්ලාගෙන ඇතැයි ද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දෙමළ ජනතාවට වදහිංසා කර ඇතැයි ද, සාමය උදා කරගැනීමට හැකි එකම ක්‍රමවේදය ජනමත විමසුමක් පැවැත්වීම හා ස්වයං නිර්ණයට ඉඩදීම යැයි මෙහිදි අදහස් දැක්වූ ‘ඒ.බී.සී ටැමිල් ඔයිල්’ සහ ‘අලායන්ස් ක්‍රියේටිව් කොමියුනිට් ප්‍රොජෙක්ට්’ යන සංවිධාන අවධාරණය කළහ.
ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සුළුතරය උතුරේ සහ නැගෙනහිර සිටින දෙමළ ජනතාවට වෙනස් කොට සලකන බවත් 2009 වසරෙන් පසු හින්දු කෝවිල් වෙනුවට බෞද්ධ විහාරස්ථාන ඉදි කර ඇති බවත් මෙම විවාදයේ දී කරුණු දැක්වූ ‘අප්‍රිකාව සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව’ සංවිධානය පැවැසීය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ඉලක්ක කරගනිමින් සිදුවන වෙනස්කම් නැවැත්වීම සඳහා මානව හිමිකම් කවුන්සිලය පියවර ගත යුතු බව ද එම සංවිධානය මෙහිදි පෙන්වා දුන්නේය.
ඉහත සංවිධානවලට අමතරව තවත් සංවිධානය කිහිපයක්ම මෙම පොදු විවාදයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීය. මෙම පොදු විවාදය ආරම්භ වූයේ පෙරේදාය (20)ය.
මේ අතර මෙරට වේලාවෙන් අද (21) රාත්‍රී 10ට පමණ මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේදී වාචික ප්‍රකාශයක් කිරීමට හා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලාංකිකයන් වැඩිදෙනෙක් මෙම ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති බව ගොඩහේවා මහතා කියන්නේ කෙසේද.? පසුගිය මැතිවරණයෙන් පොහොට්ටුව ගත් ඡන්දවලට වඩා අනිකුත් අය අරගෙන තිබෙනවා..
ලංකාවට කිසිම ප්‍රශ්නයක් නෑ. මේ රජය ගැන පැහැදීමකින් මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන්නෙ.
මහින්ද නිසා චරිත වෙච්ච බොල් පිළිම.ජිනීවා ඇවිත් මෙයා කරපු කෙන්ගෙඩියක් නෑ කරපු එකම දේ යුරෝපේ ඉන්න කම්කරුවෝ මහින්දට ආවඩල ජිනීවාවල කරපු පුහු විරෝධතාවේදී කථිකයෙක් වෙලා රටේ ජාතිවාදී ගින්න තවත් අවලව්පු එක..
මෙතනදීත් අපේ පාර්ලිමේන්තුව වගේ ඔහේ වාද විවාද කරලා කෑ කෝ ගහල අන්තිමේදී නිකම්ම විසිර යනවද?එහෙමනම් හොඳයි.කෝ අර අපේ ආණ්ඩුවෙන් ගිය හාදයෝ ටික? කොහාට හරි වෙලා නින්දක් දානවද?
අනේ අම්මපා ජාත්‍යන්තරයට ගිහිල්ලත් එක රටක් හැටියට වැඩ කරන්න බැරි හැට්! මොවුනට අචාර්ය පට්ටම් නොව අං තට්ටුවක් දුන්නනම් තමා හොද!
මේ ණයට කහින NGO නඩය කියන දේවල් ජාත්‍යන්තරය උඩින්ම පිළිගනීවි ...හික් හික්ක් ...
ඇයි, හත් වලාමේ, ජාත්‍යන්තර මැදිහත් වීමකට ඔච්චර බය මොකද වැරදි මොකුත් කරලා නැත්නම්? උතුරේ යුද්ධය තියන කාලේ දකුණේ යම්යම් මිනිසුන් අතුරුදහන් කරන්න පහුගිය කාලේ ලොක්කන් යොදා ගත්තු හමුදා අන්තේවාසිකයන්ව `මහා රණවිරුවන්` හැටියට පෙන්නලා බේරාගන්නයි මුන්නැහෙලාට ඕන වෙලා තියෙන්නේ!