රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3 ක් පිටවෙලාලු උසස්පෙළ විභාගයේ අද (19) පැවැති රසායන විද්‍යාව II ප්‍රශ්න පත්‍රය අවසන් වී විභාග ශාලාවෙන් එළියට පැමිණි ගම්පහ පාසලක සිසුවියන් පිරිසකට බෙදූ බව කියන අත්පත්‍රිකාවක රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ තිබූ ප්‍රශ්න හා සමාන ප්‍රශ්න 3ක් තිබුණු බව සිසූහු පවසති. 19 August 2017
ක්‍රිකට් කළමනාකරු බිම වාඩිවෙයි ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර පැවැත්වෙන දිවා රාත්‍රී තරගයේ සුදානම පිලිබදව සොයාබැලීම සදහා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාත්, ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාත් පැමිණ සිටි අතර ඔවුන් දෙන්නා අමුත්තන්ගේ නැරඹුම් කාමරයේ තවත් පිරිසක් සමග වාඩිවී සිටියදී ක්‍රිකට් කලමණාකරු අසංක ගුරුසිංහ මහතා පැමිණියේය. 19 August 2017
සීගිරිය මුදුණේ කර ඇති දේ චිත්තාකර්ශනීයයි - කෝලි දඹුල්ලට පැමිණෙන ඕනෑම සංචාරකයකුට සිගිරිය අමතක කළ නොහැකිය. කිසිවකු ඒ ගැන නොදැන සිටියද රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්වෙන තරගයක් නැරඹීම සඳහා ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ ඉහළ මාලයට පිවිසෙන ඕනෑම අයකු ඈතින් දිස්වන පර්වතය කුමක්ද යන්න විමසීම සාමාන්‍යය තත්ත්වයකි. 19 August 2017
නව නියෝජ්‍ය පොලිස්පතිවරු අටක් පත්වීම් ලබති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු අට දෙනෙක් නියෝජ්‍ය පොලිස්පති තනතරුට උසස් වීම් ලබ සිටිති. 19 August 2017
පුත්තලම සිමෙන්ති සමාගමේ ගින්නක් පුත්තලම සිමේන්ති සමාගම් භුමියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ ඇති හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇතැයි එම සමාගම කියයි. ගින්න නිවා දැමීමට පොලිසිය ගිනි නිවන හමුදාව සහ ගුවන් හමුදාව දැඩි වෙහෙසක් ගත් බව පුත්තලම ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. 19 August 2017
අම්මලා දෙන්නෙක් සහ සිඟිත්තෙක් මාතර රෝහලේදී මරුට දරු ප්‍රසූතිය සඳහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කර සිටි මව්වරුන් දෙදෙනෙකු හා දිනක් වයසැති බිළිඳකු අද(18) මිය ගොස් ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. 18 August 2017
බාසිලෝනා ප්‍රහාරය ජනපති හෙළා දකියි ස්පාඤ්ඤයේ - බාසිලෝනා නුවර ලස් රම්බ්ලස් සංචාරක නිකේතන ප්‍රදේශයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ශ්‍රී ලංකා රජය කණගාටුවට පත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 18 August 2017
10 හැවිරිදි දැරිය සැත්කමකින් දරුවා බිහි කරයි ගබ්සාව සඳහා නීතියෙන් අවසර නොලැබුණු දස හැවිරිදි ඉන්දියානු දැරිය සිසේරියන් සැත්කමකින් දියණියක ප්‍රසූත කැර ඇති බව වාර්තා වේ. ඉපැදුන දරුවාගේ බර කිලෝග්‍රෑම් 2.5 වන අතර චන්දිගාර් නගරයේ රෝහලකදී ප්‍රසූතිය සිදුවී ඇත. 18 August 2017
පලාලි ඉඩම් පෙත්සම විසිවෙයි පලාලි ගුවන්තොටුපළ පුළුල් කිරීමේ අරමුණින් එම ප්‍රදේශයේ ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ගෝඨාභය රාජපක්ෂ , වත්මන් ආරක්ෂක ලේකම් ඇතුළු සය දෙනෙකුට එරෙහිව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය කළේය. 18 August 2017
ඒකාබද්ද විපක්ෂයෙන් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයක් යහපාලන ආණ්ඩුව බලයට පත්වී අද (18) ට දෙවසරක කාලයක් ගතවීම නිමිත්තෙන් එයට විරෝධය පාමින් ඒකාබද්ද විපක්ෂය සංවිධානය කළ උද්ගෝෂණයක් කොළඹ පුරහල ලිප්ටන් වටරවුමේදී පැවැත්විණ. 18 August 2017
බදු සහනය ජපන් යතුරුපැදිවලට පමණයි යතුරුපැදි සඳහා රජය ලබා දුන් බදු සහනය ඉන්දියාවේ නිෂ්පාදිත යතුරු පැදිවලට හිමි නොවන අතර එම සහනය ජපානයේ යතුරුපැදිවලට පමණක් හිමි වන බව මුදල් අමාත්‍යංශය කියයි. 18 August 2017
නාමල්ට පොලිස් බලතල ක්‍රියාකරන්නැයි නියෝග මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරියකුට තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පොලිස් බලතල අනුව කි‍්‍රයාකරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (18) නියෝග කළේය. 18 August 2017
මුස්ලිම් පාසල් නිවාඩුවේ වෙනසට ගුරු සංගම් විරෝධය මුස්ලිම් පාසල්වල තෙවැනි වාරයේ නිවාඩු ආරම්භය අද (18) යෙදී තිබුණත් එය මේ මස 31 වැනි දා දක්වා දිර්ඝ කිරීමට අධ්‍යාපන බලධාරින් හදිසියේ ගෙන ඇති තීරණය පිළිබඳව ලංකා ගුරු සංගමය අප්‍රසාදය පළ කර ඇත. 18 August 2017
කාලය මැව් වෙනසක අරුමේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 40 වසරක දේශපාලන ගමන් මග නිරූපණය කරන ඡායාරූප ප්‍රදර්ශනය ‘දකිමු - හෙට දකින රනිල්, 40 වසරක නොදැවුණු දේශපාලන ඉනිම‘ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. 18 August 2017
විමල් බෙහෙත් පෙත්ත ගැන කියයි ඉන්දීය, බංග්ලාදේශ බාල ඖෂධවලට වෙළඳපොළ විවෘත කරමින් ඖෂධ මිල අඩුකිරීමේ ප්‍රෝඩාවක් සිදුකළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගාල්ලේ පැවැති රැස්වීමක දී ප්‍රකාශ කළේය. 18 August 2017
අනුරාධපුරේ වකුගඩු රෝගී මරණ සංඛ්‍යාව ඉහළට මෙම වසරේ ජනවාරියේ සිට මේ දක්වා වකුගඩු රෝගයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 127 දෙනෙක් මිය ගොස් ඇතැයි උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා පවසයි. 18 August 2017
‘දකිමු - හෙට දකින රනිල්‘ සේයාරූ දැක්ම දෙවැනි දිනටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 40 වසරක දේශපාලන ගමන් මග නිරූපනය කෙරෙන ‘දකිමු - හෙට දකින රනිල් 40 වසරක නොදැවුණු දේශපාලන ඉනිම‘ සේයාරූ දැක්මේ දෙවැනි දිනය අද(18) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ අතින් විවෘත කෙරිණි. 18 August 2017
නව නාවික හමුදාපති ජනපති අතින් පත්වීම් ලබයි ශි‍්‍ර ලංකා නාවික හමුදාවේ 21 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා අද (18) ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අතින් පත්වීම ලබා ගත්තේය. 18 August 2017
‘විගණන පනත සම්මත නොවීමෙන් වැඩ අක්‍රීය වෙලා’ නව විගණන පනත සම්මත නොවීම හේතුවෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ හා විගණන කොමිසමේ කටයුතු අක්‍රීය වී ඇතැයි විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය. 18 August 2017
විදේශ ඇමති ධූරය ලැබුණු පසුබිම ගැන මාරපන කනගාටුවෙන් විදේශ අමාත්‍ය ධුරය තමන්ට ලැබුණු පසුබිම ගැන තමන් කනගාටුවට පත් වුවද ,එලෙස බලාපොරොත්තු නොවූ ආකාරයට ලැබුණ විදේශ අමාත්‍ය ධූරය මඟින් රටට ඉතා වගකීමකින් යුතුකම් ඉටු කිරීමට කටයුතු කරන බව නව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අද (18) කොළඹ දී පැවසීය. 18 August 2017
අධිකරණයට බාර වු රයන් 23 දක්වා රිමාන්ඩ් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අගෝස්තු 23 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මාළිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (18) නියෝග කළේය. 18 August 2017
රයන් ජයලත් අධිකරණයට බාරවෙයි සෞඛ්‍ය අමාත්‍යාශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අලාභ හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින වෛද්‍ය ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජලයත් අද (18) නීතිඥවරයකු සමඟ අධිකරණයට බාරවීම සඳහා මාලිඟාකන්ද අධිකරණයට පැමිණ සිටියේය. 18 August 2017
නව විදේශ ඇමැති වැඩ බාරගනී නව විදේශ ඇමැති ලෙස තිලක් මාරපන මහතා අද (18) යෙදුණු සුභ මොහොතින් විදේශ අමාත්‍යාංශය දී වැඩ භාර ගත්තේය. 18 August 2017
ලොතරැයි මණ්ඩල යළි මුදල් අමාත්‍යංශයට විදේශ අමාත්‍යාංශය යටතේ මෙතෙක් පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩල දෙක ගැසට් නිවේදනයක් මඟින් අද (18) නැවත මුදල් අමාත්‍යාංශයට පවරා ඇත. 18 August 2017
ස්පාඤ්ඤයේ බාසිලෝනා නගර මධ්‍යයට වෑන් රථයක් කඩා වැදී 13දෙනකු මියයති ස්පාඤ්ඤයේ බාසිලෝනා නගර මධ්‍යයේ මහජනයා බහුලව ගැවසෙමින් සිටි ස්ථානයකට වෑන් රථයක් කඩා වැදීම හේතුවෙන් 13දෙනක් මියගොස් 100ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 18 August 2017
බුද්ධි නිලධාරියා රන් කිලෝ 2ක් සමග අල්ලයි රුපියල් අනූඑක් ලක්ෂ හතලිස් අට දහස් පමණ වටිනා රන් ආභරණ තොගයක් දන හිසේ ගැට ගසාගෙන කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළින් පිට කිරීමට උත්සහ කළ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. 18 August 2017
නාවික හමුදාපති ලෙස ට්‍රැවිෂ් සින්නයියා පත් කරන්න යයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. 17 August 2017
පොලිස්පති ගැන බලය ඇත්තේ කොමිසමට - ඒ ටී ආරියරත්න පොලිස්පතිවරයාට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීමට බලය ඇත්තේ පොලිස් කොමිෂන් සභාවට යැයි ව්‍යවස්ථා සභා සාමාජික ඒ ටී ආරියරත්න මහතා කියයි. 17 August 2017
‘කොළඹ-තූත්තුකුඩි නැව් සේවය යළිත් ‘ වසර හයක සිට නතර වී තිබෙන කොළඹ සහ තූත්තුකුඩිය අතර නැව් සේවය යළි පටන් ගැනීම කෙරෙහි තමිල්නාඩු ප්‍රාන්ත රජයේ අවධානය යොමුව ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (17) වාර්තා කළේය. 17 August 2017
ආවා කල්ලියේ යතුරු පැදියක් පාලු වත්තක ‘ආවා කල්ලිය‘ අපරාධ සදහා භාවිතා කළ බව කියන යතුරු පැදියක් කොකුවිල් ප්‍රදේශයේ පාලු වත්තක සඟවා තිබියදී යාපනය විශේෂ කාර්ය බලකා කඳවුරේ භට කණ්ඩායමක් විසින් අද (17) අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 17 August 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026