චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහ උප ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ වැන්ග් කිෂාන්ට සුබ පැතුම් එක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පණිවිඩ දෙකක් යවා තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ලෙසත් ජීවිතකාලය දක්වා ජනාධිපතිධුරය දැරීමටත් ෂී ජින්පින්ග් ඉකුත් දා සුදුසුකම් ලැබූ අතර ඉන් අනතුරුව වැන් කිෂාන් නව උප ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.
ජනාධිපති ෂී ජින්පින්ග් ජනාධිපතිවරයකු ලෙස සාර්ථක වෙමින් චීන ජනතාවගේ විශ්වාසය දිනා ගෙන ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ පණිවිඩයේ සඳහන් වේ.
චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවලට දීර්ඝ ඉතිහාසයක් ඇති බව සඳහන් කරන අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී ද චීනය සමඟ සුහදශීලිව දෙරටේම උන්නතිය වෙනුවෙන් කටයුතු කරන බව ද සඳහන් කර තිබේ.
අග්‍රාමාත්‍යවරයා තම පණිඩුවලින් ජනාධිපති ෂී ජින්පින්ග් සහ උප ජනාධිපති වැන්ග් කිෂාන්ට සෞඛ්‍ය සම්පන්න හා සාර්ථක අනාගතයකට සුබ පැතුම් එක් කර ඇත.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන විදියට නම් පණිවුඩ යවල වැඩක් වෙන්නේ නැහැ. ඉහ ඉද්දරින් රුපයක් එල්ලගෙන වන්දනාමාන කරනවා මිසක්. අඩු තරමේ ගුණයක් නොලැබුනත් පරණ එල්ලගෙන හිටපු දිරච්ච ලනු දීපු කට්ටියගේ රුප වලට බයවෙලා හීනෙන් දොඩවන එකවත් අඩු කරගන්න පුළුවන් උනොත්. නේද?
එකාධ්පති කෙනෙක් උන චීන ජනාධිපතිටත් සුභ පැතුම්ද?
අන්න නායකයෝ....