(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව, ඕමන්ත,කොම්බුවයිත්තකුලම රක්ෂිත ප්‍රදේශයේ මී කැඩීමට ගිය පිරිසක් ඊයේ (18) සවස වලසුන්ගේ පහරදීමට ලක් වීමෙන් පුද්ගලයකු බරපතල තුවාල ලබා ඇති බව ඕමන්ත පොලිසිය පවසයි.
මදර්පනික්කමහිලන්කුලම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
මොහු තවත් පුද්ගලයින් දෙදෙනක් සමඟ මී පැණි සෙවීමට කැළෑව තුළට ගොස් ඇති අතර, එහිදි 6 දෙනෙකුගෙන් යුත් වලස් පැටවුන් සමඟ සිටි වැළහින්නකගේ පහරදීමට ලක්වී තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ තැනැත්තාගේ පාදයන්ට වලසුන්ගේ පහර දීමෙන් දැඩි ලෙස තුවාල සිදුව ඇති බව වවුනියාව රෝහල් ආරංචි මාර්ග කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිස් නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලේ තියෙන්නේ කැලේ වසන සත්තුන්ට. මිනිසුන් කියන්නේ ශිෂ්ට සත්තු. කියන්නේ මීයක් කඩන්න කියලා. කවුද දන්නේ මොනවට කැලේට ගියාද කියලා? වලස් පැටව් ටික පරීක්ෂා කරගන්න වින්නඹු ගෙදරට එක්ක එන්න ගියාද දන්නේ නැහැ.
තුවාල ලැබූ මිනිසා ගැන කණගාටුයි. වැළහින්න තමන්ගේ පැටවුන්ට අනතුරක් වෙයි කියා බියට පත්වෙන්න ඇති. තිරිසන් සතුනුත් තම පැටවුන්ට මොනතරම් ආදරයක් දක්වනවද?