(ටී.කේ.ජී.කපිල )
ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව අද (20) වැඩ වර්ජනයක් අරඹා ඇත.
අද (20) අලුයම සිට "සාධාරණත්වය සදහා වූ අරගලය " යන මැයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නිළධාරීන් , ශ්‍රී ලංකාවේ සියලුම වරාය නිලධාරීන් ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ සිට මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට සහය දෙති.
තම වෘත්තීය සදහා සේවා ව්‍යවස්ථාවක් ලබා ගැනීම, ඉකුත් 2002 වසර දක්වා පැවති නඩු පැවරීමේ කටයුතු සිදු කළ නීති ඒකකය යළි ස්ථාපිත කිරීම හා විදේශ රටවල දැනට පවත්වා ගෙන යනු ලබන ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලට, දැනට පත් කර ඇති දේශපාලන හිතවතුන් වෙනුවට, වෘත්තීය පරිනතභාවයක් ඇති තම දෙපාර්තමේන්තු නිලධාරීන් අනියුක්ත කරන ලෙස ඔවුන් සිය වෘත්තිය අරගලය හරහා ඉල්ලීම් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අරුණ කණුගල මහතා පැවසීය .
මේ පිළිබඳව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ පැමිණෙන සහ පිටත්ව යන මගීන් දැනුවත් කිරීම සදහා අත් පත්‍රිකා බෙදීමක් ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සමාන්තරව ක්‍රියාත්මක කරනු ලබන අතර වෘත්තීය ක්‍රියාමාර්ග නිසා රාජකාරීමය වශයෙන් ගුවන් මගීන්ට බාධා නොවන බවද අරුණ කණුගල මහතා සදහන් කළේය .
මේ සඳහා රජය යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වලට අකමැත්තෙන් හෝ එළඹීමට පියවර ගන්නා බවද සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත. හැමදේටම සාධාරනයක් තියෙන්න ඕන.
තානාපති කාර්යාලවලට දේශපාලන හිතවතුන් පත් කරන එකට අපිත් කැමති නැහැ.
මෙහෙම කමෙන්ට්ස් දාන එකෙන් වැඩක් නැහැනේ..