(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලවතුගොඩදී සිදු වු අනතුරකින් පසු දියවන්නා ඔයට පෙරලුණ බී.එම්. ඩබ්ලිව් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා අද (19) පොලීසියට බාර වී ඇත.
ඉකුත් 17 වැනිදා අලුයමදී සිදු මෙම අනතුරින් කොළඹ පෞද්ගලික අයතනයක ගණකාධිකාරවරයෙකු සහ ඇගේ සැමියා ගමන් කළ මෝටර් රථයක් හා නීතීඥවරයකු පදවාගෙන ගිය මෝටර් රියකටද දැඩි හානි වී තිබු අතර අනතුර සිදු කර පළා යමින් තිබු බී එම් ඩබ්ලිව් වර්ගයේ මොටර් රිය දියවන්නා ඔයට පෙරලීමෙන් පසු එය පදවාගෙන පැමිණි පුද්ගලයා පලා ගොස් තිබිණි.
එහි අයිතිකරු කැබිනට් අමාත්‍යවරයකුගේ ඥාතියකු බව පොලිස් පරීක්ෂණවලින් හෙලිවී ඇතැයි තලංගම පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් ඉක්මනට ඇප ලැබේවි
අනේ කැබිනට් ඇමති සම්බන්දයක් තියනවද? .... එහනම් කතා කරලා වැඩක් නැහැ....
මේක විපක්ෂෙ කෙනෙක්ගේ වුනා නම් පරම්පරාවේම නම් ටික දානවා, ආණ්ඩුවේ කෙනෙක්ගේ නිසාද වහෙන් ඔරෝ කියන්නේ.?